MENU

Supernatural [S13 : E23] |මේක තමයි හැමදේකම අවසානය

මේපාර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හාව නිසා ජැක්ව අරන් යන්න උත්සහ කලත් එයාට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අතරවාරයේ තමයි ජෝඩි මිල්ස්, ක්ලෙයර් නෝවැක්, ඇලෙක්ස් ජෝන්ස්, ඩොනා හෑන්ස්කම්, පේශන්ස් ටර්නර් කියන චරිත මුණ ගැස්සුවේ. පෙළක් අය නම් කලින් මුණ ගැහෙන්න දැකපු අය. තවත් සමහර අය නම් අලුත් අය. ඒ වගේම මේ අයට බලය තිබුනා එක එක දේවල් කරන්න. ඒ කෙනෙක්ගේ උදව්ව ඇතුව සෑම්, ඩීන් දෙන්නා අනික් ලෝකයට යන්න හදද්දී ඒ වැඩේ හරිගියේ නැහැ. ඒ වෙනුවට ජැක් ගියෙ මේරි ලගට. ඒත් සෑම්, ඩීන් දෙන්නා වෙනින් තැනකට ගියෙ. කොහොම කොහොමින් හරි උඩ සදහන් කල ගැහැණු පාර්ශවයේ අයව එක්කාසු කරලා වෙනම Spin-Off කතාමාලාවක් නිර්මාණය කරන බව සදහන් කරලා තිබුනා Wayward Sisters නමින්. නමුත් අවාසනාවට Wayward Sisters කතාමාලාවත් නිලවශයෙන්ම පහුගිය දිනයක අවලංගු වෙලා තිබුනා. ඒ වෙනුවට CW නාලිකාවෙන් හෝප් මයිකල්සන්ගෙයි, එලාරික්ගෙයි Spin-Off කතාමාලාව අනුමත කරලා තිබුනා. අනේමන්දා ඕවා නම් ඉතින් වෙයිද කියලා. ඒ වගේම මෙදාපාර ඒකාකාර බැවින් මිදෙන්න Scooby-Natural කියලා ඇනිමේෂන් මිශ්‍ර කරලා කතාංගයකුත් දීලා තිබුනා.

මේරි විතරක් හිරවෙලා තිබුණු ලෝකේ ජැක්වත් හිරවුනු නිසා සෑම්, ඩීන්, කැස්ටීයෙල්ට ලොකු වැඩ කොටසක් කරන්න වුණා. මේ නිසාම මේ අයට හිතවත් මිත්‍ර පාර්ශව එක්කාසු කරන්න ගත්තා. ඒකට රොවීනා පවා ඇතුලත් වුණා. ඒ වගේම තව කාලයක් තිස්සේ ඇස්මොඩේයස් ලග හිර කරන් තියාගෙන එයාගේ වරමෙත් උරාගෙන ශක්තිමත් වුනු, කලින් කොටසකදී මැරෙන බවක් පෙන්නපු ගේබ්‍රියල්ව අපිට ආයෙමත් කතාමාලාව තුලින් දකින්න ලැබුණා. පස්සේ ගේබ්‍රියල් පවා මේ අයගේ උදව්වට ආවා. ඒවගේම තමයි ලූසිෆර්ත්. කොටින්ම ලූසිෆර් සෑම්ට ආයෙමත් ජීවිතයක් දුන්නා ජැක්ව එයාට යාලු කරගන්න අවස්ථාවක් දෙන බලාපොරොත්තුව ඇතුව. මේ අය අතර සම්බන්ධතාව කෙමින් කෙමින් ගොඩ නැගුනා. ඒ වැනසිල්ලට ලක් වෙච්ච ලෝකයේ එහෙ ජනතාව දාලා එන්න මේරිවත් ජැක්වත් ලැස්ති වෙලා හිටියෙ නැහැ. ඒත් කතාව බලන අපිට පවා තේරෙනවා මේ අය සටන පරදින බව. මේ නිසාම එහෙ අයව අරගෙන පෘතුවියට යන්න තමයි කට්ටියගෙම බලාපොරොත්තුව වුණේ. සැහෙන දෙනෙක්ව විවරයෙන් පෘතුවියට අරන් ගියත් අන්තිමට ඉතුරු වුණේ සෑම්, ඩීන්, ලූසිෆර් වගේම ගේබ්‍රියල්. වගේම තවත් සුළු පිරිසක්. මේ අයවත් අරගෙන එතෙර වෙන්න වෙන්න යද්දී මයිකල් මේ අයට පහර දුන්නා. ලූසිෆර් එයා එක්ක සටන් කරන්න උත්සහ කලා. නමුත් මයිකල්ගේ බල පහරවල් දෙකයි ලූසිෆර්ටට තුවාල වුණා. ගේබ්‍රියල් සටන් කරන්න ගිහින් ජීවිතයෙන් පවා වන්දි ගෙව්වා. ලූසිෆර්ව ඒ ලෝකේ දාලා සෑම් වගේම ඩීන් නම් පැනගත්තා. නමුත් පෘතුවිය ආක්‍රමණය කරන පොරොන්දුවට හරියන්න ලූසිෆර්ට එයාගේ එකම පුතා ජැක්ව අරගන්න පොරොන්දුවට ලීසිෆර් මයිකල් එක්ක එකතු වෙනවා කලින් කොටසේ අවසානයේ දකින්න ලැබුණා.

අද අවසාන කොටසින්, දැකගන්න ලැබේවි ඩීන්, සෑම්, කැස්ටියෙල්, මේරි, ජැක්, බොබී ඇතුළු පිරිස සතුටින් ඉද්දි එයාලට මුහුණ දෙන්න ලොකුම ලොකු ප්‍රශ්නේ ගැන වගේම කලින් කොටසේ අවසානයේ පෙන්නුවා වගේම ලූසිෆර් මයිකල් එක්ක ගණුදෙණුවක් ගහලා පෘතුවියට එනවා. ලූසිෆර් එන්නේ ජැක්ව ලබාගන්න. ඇත්තටම ජැක්වද එහෙම නැත්තම් වෙන දෙයක්ද? ඒවගේම මයිකල් එන්නේ පෘතුවිය ආක්‍රමණය කරගන්න. කවුරු දිනයිද කවුරු පරදියිද කියලා අද කොටසින් බලාගන්න ලැබේවි. මටනම් අවසානය ඒ හැටි සෙට් වුණේ නැහැ කලින් ඒවා දිහා බලද්දී.

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. සුභ සතිඅන්තයක් හැමෝටම!

ප:ලි: හැමදාම වගේ උපසිරසිකරණයෙන් සමුගන්න හිටියත් ඒක කරගන්න බැරිවුනා. ඒ නිසාම මේ දහතුන්වැනි කතාසමයත් කරන්න ප්‍රණීත් නවනැල්ලට බාර දුන්නේ. ඒත් එයාට කරගන්න බැරිවුන නිසාත්, නිල වශයෙන් කියලා තිබුණේ නැති වුනත් දහතරවනි කතාසමයෙන් සුපර්නැචුරල් කතාමාලාව අවසන් වන බව දැනගත්ත නිසාත්, MDG සහෝ කතාසමයන් දහයක් කරලා අන්තිම හරියෙදි අතහරින එක ඒ හැටි හොද නිසාත් තමයි මම දහතුනත් කරලා දාහතරවැනි කතාසමයත් කරනවා කියලම හිතාගත්තෙ. නමුත් පහුගිය දිනයන් වලදී අනික් නාලිකා සේම CW නාලිකාවෙනුත් ඒ අයගේ කතාමාලාවන් දීර්ඝ කරනවාදෝ නැතිනම් අවලංගු කරනවාදෝ කියන නිවේදන යටතේ කිසිදු විදිහකින් සුපර්නැචුරල් ගැන සදහන් කලේ නැහැ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා නම්. කොහොම නමුත් දාහතරවැනි කතාසමයෙන් සුපර්නැචුරල් අවසන් වෙනවානම් නිකුත් වෙන්න තියෙන කොටස් දහ තුනම මම කරනවා. ඒකෙ සැකයක් තියාගන්න එපා. නමුත් තියෙන තන්හාවට සුපර්නැචුරල් කතාමාලාවත් තවතවත් දීර්ඝ වුනොත් නම් මට උපසිරැසි ගන්වන්න වෙන්නේ නැහැ වගේම බලාපොරොත්තුවකුත් නැහැ. මොකද එහෙම වුනොත් නම් හැම වෙලේම අඩාගත්ත ෆ්ලෑෂ්ගේ කතාව, ෆෙලිසිටි නිසා නාහෙන් අඩාගත්ත ඇරෝ කතාවටත් වඩා මේක අන්ත වෙනවා. මම විශ්වාස කරනවා ඔයාලා තේරුම් ගනීවි කියලා. ඊලග සුපර්නැචුරල් කතාසමය නිකුත්වන දිනය නම් තාම නිවේදනය කරලා නැහැ. දැනගන්න වෙන එකකුත් නැහැ ජූලි 19-22 වැනිදා වෙනකන් පවත්වන ලොව දැවන්ත කොමික් සමුළුවක් වන සැන් ඩියෙගෝ කොමික් සමුළුව පවත්වනතාක්ම. අලුත් තොරතුරු බයිස්කෝප් මංසල හරහා දැනුම් දෙන්නම්. ඒ නිසා තාමත් ලයික් කරලා නැත්තම් බයිස්කෝප් මංසල ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාලා සෙට් වෙන්න කියලා ඉල්ලනවා!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 214MB |    

93AE1A47170CE335477F23A2278F941AE867F77E

Direct Download

| HDTV | x265 | 720p | 214MB |       

        

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *