ඔන්න එහෙනම් මේ පාර හේතු 13 ඇතුලේ කොටස් අංක 3, 4, 5 මට තමයි භාර වෙලා තියෙන්නේ. අපේ සාමර කොල්ල සුපිරිම ලිපියකින් මුල් කොටස මතක් කරන්න බව මතක ඇති නෙව, ඒ වගේම ලහිරු කොල්ලත් බොහොම වේගයෙන් තමුන්ගේ කොටස ඔබ වෙත අරගෙන ආව බව මතක ඇති නෙව. හැනා බේකර් නම් තවමත් අමරණීයයි, සැබවින්ම පෙනෙන හැටියට ඇයට විතරයි ඇරගෙ ජීවිතය උදුරා ගන්නට පුළුවන්, නමුත් ඇයගේ ආත්මය නම් තවමත් සමීපතමයන් හැරදා යන්නට සුදානමක් නැහැ වගෙයි නේද ? ඒ වගේම විශේෂයෙන් ම මතක් කරන්න ඕන ගිය වතාවේ මේ කතා මාලාවට කියවුන කතාවලින් ඔවුන් පැනලා නොයා මුල් කොටසේ පළමු විනාඩි කිහිපය වෙන් කිරීම ගැනත්…මෙතුවක් කතාව,යට යයි කියල හැමෝම හිතා උන්න කතාව හැනාගේ මව නිසාවෙන් නඩු වාරයක් දක්වා ඇවිදින්… කලින් වතාවේ හඬ පට වෙනුවෙන් කතා නිර්මාණය කළවුන් අද ඔවුන්ගේ පැත්තෙන් කතාව දිගහරින අපුරුව දකින්න ඇති කියල හිතනවා, විශේෂයෙන්ම ටේලර් මුල් කොටසේ දී හැනා කොතරම්ම හොඳ වුනත් ඇයගේ වුනත් නොදන්නා දේ ඒමට බව උසාවිය ඉදිරියේ කරුණු දක්වන අවස්ථාවේ පැහැදිලි කළා. ඒ වගේමයි කලින් කොටස බර දුන්නේ කොර්ට්නිගේ ප්‍රකාශය සහ හැනා හා ඇය අතර හුවමාරු වුන හාදුව ගැන… ඒ මොහොතේ අපි දැක්ක හැනා කල දේ කොයිතරම්ම අමුතු වුනත් හොඳ දෙයක්ද කියන එක… ඒ වගේම පසුගිය කොටස බොහොම දිවගියා ක්ලේ සහ ඔහුගේ නව පෙම්වතියගේ ලිංගික ජිවිතයට හැනාගෙන් වන බලපෑම ගැන… නමුත් ඉතින් ඒ කතාවට නම් හොඳ අවසානයක් නැති බවකුයි පෙනුනේ… ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට ඇලෙක්ස් හා සැක් අතරත් අමුතුම මිතුදමක් ඇති බව අපි දකිනවා වගේම සුපුරුදු පරිදි බ්‍රන්ඩන් තමුන්ගේ මුදල් සහ පාසලේ තැන නිසාවෙන් රිසිසේ අයාලේ යන හැටි දකින්න ඇති…. ආ අමතක කරන්න එපා අර තර්ජනය ගැනත්…ඉතින් ඔය කලින් කොටසේ සුළු සිදුවීම් කිහිපයක්, ඇත්තටම වැඩි දෙයක් කියන්න හැටියක් නැහැ මේ කතාව බලන කෙනෙක් දන්නවා මේ කතාව කොයිතරම් නම් පොඩි දේවල් මත ලොකු පෙරලියක් කරන්නට සමත් වෙන ජාතියේ කතාවක්ද කියන එක, බලමු අද කොටසින් මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක…
අද කතාව,
මේ කොටස බොහොම ඉඩක් වෙන් කරන්නේ අපි දන්නා නමුත් සමාජය නොදන්නා හෝ දැනගෙන නොසලකාහරින හඬ පටි අංක 9 තුල අඩංගු වුන ජෙස් ගේ අවාසනාවන්ත ඉරණම ගැන… නමුත් කතාව පටන් ගන්නේ නම් කලින් කොටස අවසාන වුන තැනින් ස්කයි තවමත් රෝහලේ… මේ වාරය ජෙස් හට උසාවියේ පෙනී සිටීමටයි… නමුත් ඇයට කොතරම් දේ නම් උසාවිය හමුවේ කියා සිටිය හැටි වේවි ද? ඇයගේ කෝණයෙන් හැනා මොන වගේ කෙල්ලෙක් ද? මේ සියල්ල අතර වාරයේ සත්‍ය හෙළිවෙන බව දැනගන්නා තිරිසනුන් තමුන්ගේ වෙස් මුහුණු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොන වගේ දේ කරයි ද? ඒ වගේම අමතක කල යුතු නැහැ මෙතෙක් අපි නොදැක්ක ජස්ටින් අද නැවතත් කතාවට එක්කාසු වෙනවා ඒ ක්ලේ සහ ටෝනි ගේ මැදිහත් වීම නිසාවෙන්… ඒ තවත් ප්‍රශ්න කන්දක ආරම්භයක් වගෙයි පෙනෙන්නේ…
ඉතින් බලන්න මේ කොටසත්, ඉහත කිව්ව කරුණු කාරනා එකලාසයක් කරගන්න, ඇත්ත තරමක් හෝ දැනගන්න… ඊලග කොටසත් එක්ක ඉක්මනින් හමුවෙමු… ඔබ සැමට ජය වේවා !!!
Torrents Download
| WEBRip | x265 | 720p | 3.6GB | Complete S02
96cbdc491a0581703baa36b424aec8975a90b2f2
Direct Download
| WEBRip | x264 | 480p | 195MB |
| WEBRip | x265 | 720p | 280MB |
| WEBRip | x265 | 720p | 3.6GB | Complete S02