MENU

The Originals [S05 : E13] | තම පවුල වෙනුවෙන් සියලු දේ කැප කරමින් අවසන් ගමන් යයි.. .

පසුගිය කොටසින්

හෝප්ව සුව කරන්න බැහැ කියලා දැනගත්තට පස්සේ ක්ලවුස් එලයිජාව වගේම හෝප්වත් එක්කගෙන මිස්ටික් ෆෝල්ස් වලට යනවා. බැලුබැල්මට කතාව බලන කෙනෙක්ට නම් හිතෙන්න ඇති එයා කැරොලයින් ලග විසදුමක් ඇති කියලා හිතාගෙන යන්න ඇති කියලා. ඒත් එහෙම නෙවෙයි වුණේ. ඒ වෙද්දීත් ක්ලවුස් ලග සැලසුමක් තිබුනා.ඒ තමයි හෝප්ගේ පලවෙනි පුරහදට මුහුණ දෙන වෙලාවට එයා වෘකයෙක් වුනාට පස්සේ එයාගේ ඇග ඇතුලේ තියෙන හොලොව් මායා බලය කැරොලයින්ගේ දුවලා දෙන්නා (රිත්‍යානුකූලව ළමයි දෙන්නා නම් කැරොලයින්ගේ නෙවෙයි. උත්පාත්තිය දුන්නා විතරයි. TVD බලපු අය දන්නවා ඇති ජෝසි වගේම ලීසි කියන්නේ ඉසබෙල්ගෙයි අලාරික්ගෙයි ළමයි දෙන්නා) ලවා එලියට අරගෙන ක්ලවුස්ගේ ඇග ඇතුලට දාගෙන මැරිලා යන්නයි එයාගේ සැලසුම වුණේ. ක්ලවුස් මැරිලා යන බව දැනන් හිටියෙ කැරොලයින් වගේම අලාරික් විතරයි. ක්ලවුස් හෝප්ට කිව්වේ පස්සේ බලය අයින් කරලා දානවා කියලා. එයා එලයිජාට මේ ගැන මුකුත් කිව්වේ නැහැ. ඒත් පස්සේ කැරොලයින් එයාට කියලා ඒ වෙනුවට එලයිජා ඉදිරිපත් වෙන්න ඇවිත් මේ දෙන්නා අතර ලොකු සටනකුත් ඇති වුණා.

ක්ලවුස් මේ සැලසුම් හැමදේම කතා කරගන්න අතරේ හෝප් කාලය ගත කලේ එලයිජා එක්ක. එක වේලාවකදී හෝප් තමන්ගේ මායා බලය පාවිච්චි කරලා ඉවර වෙද්දී එයාට කලන්තයක් අල්ලලා ශරීරය එතනම තියෙද්දී එයාගේ මනෝ කයද වෙනින් ලෝකයකට ගියා. මේ ලෝකයට කියන්නේ “The Bright World” කියලා. මේ වෙද්දී ඔය ලෝකේ තමයි වැම්පයර් ඩයරීස් එකේ වගේම ඔරිජිනල්ස් එකේ මැරුණු චරිත බොහොමයක් ඉන්නේ. මේක ඇත්තටම සැනසීම තියෙන මරණයෙන් මතු ආත්මයේදී රැගෙන යන වෙනත් මානයාක්. හරියට අපි කියන්න පුරුදු වෙලා ඉන්නේ අපි මැරුණට පස්සේ අපායෙ යනවා කියලා. අන්න ඒ වගේ තමයි මේ “The Bright World” කියන්නෙත්. මෙහෙදී හෝප්ට හෙයිලිව එහෙමත් මුණගැහෙනවා. ඒ විතරක් නෙවෙයි ඔරිජිනල්ස් කතාමාලාවේ මැරුණු චරිත ගණනාවක් මෙහෙ ඉන්නවා. කලින් කොටසක ජෝෂ් මැරුණම ගියෙත් ඔය කියන තැනටමයි. හෙයිලි මේ ලෝකයේ සැනසීමෙන් හා සතුටින් ඉන්නවා බව කියලා එයා හෝප්ට බල කරනවා ඒ ලෝකෙන් යන්න කියලා. ඒත් හෝප් නම් කැමති වුනේම නැහැ එයාගේ අම්මව දාලා යන්න. මොකද එයා හිටියෙම එයා නිසා හැමදේම සිද්දවුණා කියන වරදකරිත්වය මත. කොහොම කොහොමින් හරි ඒ දේවල් වලටත් සමාව දීලා හෝප්ව එහෙන් යවනවා. ඒ කිව්වේ නිව් ඔර්ලින්ස්වල ඉන්න හෝප්ට සිහිය ආවා.

එලයිජා ක්ලවුස්ගේ වැඩේට බාධා කරන නිසා එයාව වෙනම තැනක හිර කරලා තිබුණේ. ඒ නිසාම ක්ලවුස් ක්ෂණිකවම හෝප්ට වෘකයෙක් වෙන්න ඉඩ හැරලා හොලොව්ගේ බලය එයාගේ ඇග ඇතුලට අරගත්තා. ඒ වෙද්දී එලයිජා එතනට ආවත් ක්ලවුස් ලග තිබුණු වයිට් ඕක් එකෙන් එයාටම ඇනගත්තා. මේ කිසිම දෙයක් දකින්න එතන එලයිජා හැරුනම වෙන කිසිම කෙනෙක් හිටියෙත් නැහැ.

අද අවසන් කොටසින්

තමන්ගේ දියණියට හොද දේ කරන්න ඕන නිසා ක්ලවුස් වයිට් ඕක් එකෙන් ඇනගත්තට පස්සෙ එයාට මොනවයින් මොනවා වෙන්න ඇතිද? ක්ලවුස්ගේ තීරණේ මොකක් උනත් මේ දේවල් එයාගේ සහෝදර සහෝදරියන් කොහොම බාර ගනීවිද?

විශේෂයෙන්ම අද කොටසේ කැරොලයින් හා ක්ලවුස්ගේ සිදුවීම් කිහිපයක් ඇතුලත් විනාඩි දෙකක කොටසක් CW නාලිකාවෙන් කපා ඉවත් කරලා තියෙනවා. ඒක වෙනම අන්තර්ජාලයට නිකුත් වීමක් වුනා. ඒකටත් උපසිරසි ගන්වලා බයිස්කෝප් මංසලට වගේම මේ පෝස්ටුවෙත් අප්ඩේට් කිරීමක් කරන්නම්.

පසු සටහන

2009 වසරේ CW නාලිකාවෙන් විකාශය වීම ආරම්භ වුණු The Vampire Diaries කතාමාලාවෙන් පසුකාලිනව, එනම් 2013 වසරේදී ආරම්භ වූ The Originals නම් මයිකල්සන් පවුල වටා ගෙතුණු කතාවක අවසානය තමයි අද මේ සනිටුහන් කරන්නේ. සම්පුර්ණ කතාසමයන් පහක්, එනම් කොටස් 91ක්ම නොකඩවා ඔයාලට බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය හරහා ලැබුණා. ඒකෙනුත් තෙවැනි කතාසමයේ ඉදන් උපසිරසි ගැන්වුණේ මගෙ අතින්. ඒවගේම මුල් කතාසමයන් දෙක නිමවුණු සිරාජ් ප්‍රියන්ත, අසිරි ප්‍රියන්ත (මහා ගොඩක් නැහැ එකම එකයි :v), ෂෙනාල් සිල්වා වගේම දෙවැනි කතාසමයේ අවසන් දෙවැනි කතාසමයේ අවසන් කොටස් හතර නිම කල අනුරුද්ධ (ලියෝ) කියන සහෝදරවරුන්ව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන. මොකද මේ ලැබෙන ස්තුතියක් ඒ අයටත් ලැබෙන්න ඕන.

ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන මේකට සබ් දීපු එක ගැන පුදුමාකාර කලකිරීමක් තියෙන්නේ. මොකද කියනවනම් දනිපනි ගාලා ආපු දවසෙම සබ් එක පැය ගානකින් කරලා දීපු දවස් වලටත් ආසාවට කමෙන්ට් 20ක්වත් වැටුනේ නැහැ. කොටින්ම සමහර අය උඩ තියෙන රේට් සිස්ටම් එකත් විහිළුවට අරගෙන සෑහෙන පහල මට්ටම්වල අගයන් පවා රේට් කරලා තිබුනා. හරියට නිකන් ගූගල් ට්‍රාන්ස්ලේට් කරපු එකකට උඩින් පල්ලෙන් අටවලා දුන්නා වගෙ. එහෙම නැත්තම් සබ් අරන් බලන විශේෂ ඉංග්‍රීසි දැනුමක් තියෙන සුදු මහත්තුරුන්ට මේ සබ් දිරවන්නේ නැතුව ඇති. මොන තරහක් පිරිමහන්න හදනවද කියලා නම් මම දන්නේ නැහැ ඒත් මේක දැන් එන්න එන්නම අනික් උපසිරසිකරුවන්ටත් වෙන දෙයක්. දැන් සමහර අය කියයි “අපො මූ අන්තිම කොටස දීලා නාහෙන් අඩනවා”, “බලෙන් කමෙන්ට් ඉල්ලනවා කියලා” අපො නැහැ. එහෙම මට නම් බලෙන් කිසිම දෙයක් ඕනත් නැහැ. ඒත් මම කියන්නේ ඒ විදිහේ කැත වැඩ කිසිම කෙනෙක්ට කරන්න එපා කියලා. රේට් සිස්ටම් එක තියෙන්නේ සබ් කරපු කෙනාගේ ගුණාත්මක භාවය අනුව දාන්න මිසක් ආසාවට වැඩ කරනවද කියලා බලන්නවත්, තරහ පිරිමහන්නවත් නෙවෙයි. ඔය දෙකම බලාපොරොත්තුවෙන් මේකට එනවනම් සබ් එක විතරක් අරන් යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ.

සමගර අය දන්නවා ඇති, තවත් සමහර අය නොදන්නවත් ඇති. ඔරිජිනල්ස් ඉවර වෙන්නේ අලුත් පරම්පරාවක ආරම්භයක් එක්කයි. ඒ කියන්නේ හෝප් වගේම විශේෂ හැකියාවන් තියෙන මිස්ටික් ෆෝල්ස්වල තියෙන සැල්වටෝර් පාසලේ ළමයින්ගේ කතාවක ආරම්භයක් හැටියට “Legacies” නම් කතාමාලාවක් ඔක්තෝම්බර් මාසයෙ 26’වැනිදා එළිදැක්වීමත් සමගමයි. ඒකෙ පූර්ව ප්‍රචාරක පටය බැලුවම නම් මට සැහීමට පත්වෙන්න පුලුවන් තරම් දෙයක් ඒකෙ තිබුණේ නැහැ. ඒවගේම මේ කතාමාලාවට ලැබුණු කුඩම්මාගේ සැලකිලි එක්ක නම් කොහොමටවත් මගෙ නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ ලෙජසීස් එකට උපසිරැසි කරන්න. බලාපොරොත්තු තියාගන්නත් එපා. මොකද තේරුමක් නැති දේවල් කරන එකේ සීමාවක් තියෙන්නත් එපැයි. වෙනින් කවුරුහරි උපසිරසිකරුවෙක් ඉදිරිපත් වුනොත් ඒ කෙනා ලබා දෙයි.

මෙතෙක් කල් ඔරිජිනල්ස් කතාමාලාව හා සම්බන්ධ වෙලා සිටිය හැම කෙනෙක්ටම හුගාක් ස්තුතියි. ගිහින් එන්නම්. ඔක්තෝම්බර් මාසයෙ 11’වැනිදා ආරම්භ වන සුපර්නැචුරල් 14’වැනි කතාසමය තුලින් නැවත මුණගැහෙමු. ජය!!

——
අද කතාවේ නම “When the Saints Go Marching In”
අධ්‍යක්ෂණය: Lance Anderson
ලිව්වේ: Julie Plec & Jeffrey Lieber
විකාශනය වුනේ: 2018 අගෝස්තු 01

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

 Torrents Download

| WEB-DL | x264 | TBS | 490MB |

8134C23C5E68A3933E3897CB5E929960C6AEB2B9

Direct Download

| WEB-DL | x264 | 480p | 110MB |

 

| WEB-DL | x265 | 720p | 150MB |

 

| WEB-DL | x264 | TBS | 490MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Originals [S05 : E13] | තම පවුල වෙනුවෙන් සියලු දේ කැප කරමින් අවසන් ගමන් යයි.. .

  • Chethaki

    Does Ur website have all seasons of vampire diaries . If so how can I download

    Reply
  • Wthsew

    Why I can’t download sinhala subtitles for the originals?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *