MENU

Shooter [S03 : E07] | කැතරින් මේෆිල්ඩ්..

කොහොමද එහෙනම්.. ඔන්න ගෙනාව ශුටර් හත්වන කොටස.. සමාවෙන්න ඕන පමාවට.. ඉක්මනට දෙන්නම් කියලා හිතාගෙන හිටියත් වැඩ රාජකාරි අධිකවීම නිසා ඒක කරන්න නොහැකි උනා.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා…

ගිය සතියේ අපි දැක්කා ස්වැගර් අයිසැක් එක්කලා ගියා රමොන් ගුටියරෙස්ව හොයාගෙන.. ඉතින් මෙයාලා නොසිතුව විදිහකට තමයි ගුටියරස්ව හම්බවෙන්නෙ.. ඒ වගේම ගුටියරෙස් කරගෙන යන්නෙත් බොබ් ලී සහ අයිසැක් නොසිතුව ආකාරයේ ව්‍යාපාරයක්.. ඉතින් ස්වැගර්ට තමන්ගෙ තාත්තා ගැන වගේම ඇට්ලස් ආරම්භය වෙච්ච ෆීනික්ස් සංවිධානය ගැන යම් විස්තර වගයක් මේ ගුටියරෙස්ගෙන් දැනගන්න ලැබෙනවා.. හැබැයි ඒ දේවල් බොබ් ලීට විශ්වාස කරන්න තරම් අමාරුයි.. මොකද බොබ් ලී හිතා ඉන්නෙ තමන්ගෙ තාත්තා නීතිගරුක අවංක මනුස්සයා කියලා නෙව..

ඉතින් ඔය අස්සෙ නාදින් කාර්ලිටා සහ හැරිස් එක්කලා කාඩ් එක ගැන හොයනවා.. කොහොමහරි ඒ ගැන හැරිස්ගෙ මිතුරියකගෙන් විස්තර දැනගෙන ටයිටන් කියලා ආයතනයකට හොරෙන් ඇතුල් වෙන එක තමයි නාදින්ගෙ සැලැස්ම වෙන්නේ.. කොහොමහරි නාදින් දැනගන්නවා කාඩ් එකෙන් වෙන්නෙ මොකක්ද කියලා.. හැබැයි ඉතින් කරුමේ කියන්නෙ නාදින්ව පොලිසියේ අත්අඩංගුවට පත් වෙන එක.. ඒ වගේම ඇය පොලිසි බාරයේ සිටිද්දී කවුදෝ පිරිසක් ඇයව එතනින් අරගෙනත් යනවා..ඉතින් අද කොටසේ ඔන්න ස්වැගර් සහ අයිසැක් දෙන්නා යනවා ගුටියරෙස් කලින් කිව්ව ගෑනු කෙනාව හම්බවෙන්න… ඔය අතරේ නාදින්ට අලුත් යාලුවෙක් හම්බවෙනවා.. එතකොට බාමා ජූනියර් උත්සහ දරනවා සෑම් දාපු නඩුව අයින් කරගන්න..

එහෙමනම් මම අද වෙන දේවල්වලින් මෙච්චරයි කියන්නෙ.. ලබන සතියේ THE 100 සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා..

එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

 Torrents Download

| HDTV | x264 | SVA | 230MB |

B72075A5C171D720C70F0666EACD8E692F1EB1C3

Direct Download

| HDTV | x264 | 480p | 130MB |

 

| HDTV | x264 | KILLERS | 230MB |

 

| HDTV | x265 | 720p | 200MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *