MENU

Blindspot [S03 : E15] | නිදහස හා පළිගැනීම…

පෙර කොටසින්

පෙර කොටස හරියට Edge of Tomorrow (2014) චිත්‍රපටය වගෙ. කතාව ආරම්භ වුණේම පැටර්සන් නැවතිලා ඉන්න තැන උදේක අහල පහල ඉන්න අසල්වැසියෙක්ගෙ ට්‍රම්පට් සද්දයකට. ඊටපස්සේ වැඩට යන පැටර්සන්ට එලවෙටර් එකේදී ජැක් කියලා FBI එකේම වැඩ කරන ප්‍රොෆෙසර් කෙනෙක්ව මුණගැහෙනවා. මේ දෙන්නා අතර හොද කතාබහක් පවා ඇති වෙනවා. ඊටපස්සේ මගක් දුරදි ඔය එලවේටර් එකට සපාටා ගොඩ වෙනවා. මේ දෙන්නා අතර ඇතිවෙන කතාබහ දැකලා එයා පුදුම වෙනවා. ඒ විතරක් ඈ අර ප්‍රොෆෙසර් පැටර්සන්ට කොෆි එකක් බොන්න යන්න ඩෙට් එකකට පවා කතා කරනවා. එහෙම කියලා ඊලග මහලින් එලියට යන ප්‍රොෆෙසර් ගියාට පස්සෙ සපාටා පැටර්සන්ට තේරුම් කරලා දුන්නා ඔය සම්බන්ධතා ගැන ලොකු විස්තරයක්. (කොටින්ම තමන්ට ඒ සම්බන්ධ ගැටළු තිබිලත්)

වැඩ කරන තැන ගත කරන පැටර්සන් තවත් ටැටූ එකක් විසදනවා. ඒකට Pi ගුණිතයෙන් පටලැවිල්ලක සම්බන්ධයක් තියෙන විත්තිය පවා හොයාගන්නවා. ඊටපස්සේ ඒක වෙනත් හමුදා භටයින්ගෙ මරණ පරීක්ෂණ වාර්තාවන් වලට සැසදීමක් කලා. ඒ වාර්තාවන් වලට අනුව මේ හමුදා බටයින් මැරිලා තියෙන එකම දවසේ මත්ද්‍රව්‍ය අධික ලෙස ලබාගෙන. ඒ කතාවේ අසම්පුර්ණ බවක් තියෙන නිසා තමයි කණ්ඩායමේ අය තීරණය කරන්නේ මතබේදකාරි වගේම භයානක පරීක්ෂණයක් සිදු කරන්න අර මැරිලා ගිය නාවුක හමුදා බටයින්ගෙ අළු වලින්. නාවුක හමුදාව බාරව හිටිය කර්නල් නම් හිතුවෙම ඔය පරීක්ෂණ කෙරුවාව අනවශ්‍ය වැඩක් කියලා. ඒත් කොහොම කොහොමින් හරි නාවුක හමුදා බටයින්ගෙ අළු ටික FBI එකට අරගෙන ආවා. මේ අතරේ සපාටා හොරෙන් ජැක් කියන ප්‍රොෆෙසර්ටත් මේ වැඩේට ආරාධනා කිරීමක් කලා. ඊටපස්සේ පරීක්ෂණ කටයුතු කර කරා ඉද්දි අළු තියෙන බදුන් පිපිරිලා යනවා. මේක හරිගස්වන්න ලගට යන පැටර්සන්ව මේකට අහු වෙනවා. කරුමේ කියන්නේ වුනේ මොකක්ද කියලවත් පෙන්නුවේ නතුවේ පිපිරිම අස්සෙ වෙළද දැන්වීමක් පෙන්නුවා.

වෙළද දැන්වීමෙන් පස්සෙ පැටර්සන් ආයෙමත් නැගිටින්නේ එයා නැවතිලා ඉන්න තැනින්. සුපුරුදු පරිදී ට්‍රම්පට් සද්දෙත් එක්කම. ඉතින් ආයෙමත් වැඩට යනවා. ආයෙ මැරෙනවා. ආයෙ නැගිටිනවා. පැටර්සන්ට වුනේ මැරී මැරී ඉපදෙන්නයි. හැබැයි නිකන් නෙවෙයි ලැබ් එක ඇතුලේ වෙච්ච පිපිරිම හිතාමතා වෙච්ච එකක් කියලා දැනගන්න කරුණු කාරණා එයා දැනගන්නවා. ඒක ඇතුලෙත් එයා ලොකු රහසක් විසදගන්නවා. කතාවේ අන්තිම හරියට ආවම Edge of Tomorrow (2014) වගේ සිදුවීම් පෙන්නලා තියෙන්නේ පිපිරීමෙන් රෝහල්ගත වෙලා හිටිය පැටර්සන්ව ශල්‍යකර්මයකට ලක් කරන්නත් කලින්ම කෝමා එකකට වැටිලා. පැටර්සන් කියන්නේ ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාකාරී නොවුනත් කොහොමහරි තමන්ගේ රාජාකාරිය හොදටම කරන කෙනෙක්. ඒ නිසා එයා කෝමා එකේ සිටියදීත් කලේ කේස් එක විසදන්නයි. ඉතින් ඒ විදිහටම කතාවේ අවසානයේ ඒ කේස් එකත් පැටර්සන් විසදන හැටි අපිට දැකගන්න ලැබුණා.

මෙවර කොටසින්

මේ කතාමාලාවේ හිටිය කේඩ්ව ඔයාලට මතක ඇති කියලා හිතනවා. අන්න එයාගේ සිදුවීමකින් තමයි කතාව ආරම්භ වෙන්නේ. FBI එකේ සෑන්ඩ්ස්ටෝම් එකේ කේස් එකක් විසදන්න උදව් වෙලා තමන්ගේ නිදහස ලබාගෙන ගිය කේඩ්ව වර්තමාන දවසට අවුරුද්දකට පෙර පැහැරගෙන යාමක් සිද්දවෙනවා. ඊටපස්සේ වර්තමාන දවසක ගුවන් යානක් කඩාගෙන වැටෙනවා. මේකත් අනිවාර්යෙන්ම ජේන්ගෙ ටැටු වලට සුපුරුදු පරිදි සම්බන්ධයි වගේම කේඩ්ටත් සම්බන්ධයි. දැන් ඉතින් කියලා තේරුමක් නැහැ. බලලම ඉන්නකො එහෙනම්.

ප:ලි: – දැන් ඉතින් කට්ටිය ලුණු ඇඹුල් ඇතිව කලින් සබ් කරපු කෙනාටත්, වෙබ්අඩවියෙ සෙසු උපසිරැසිකරුවන් වගේම ඇඩ්මින් මණ්ඩලයත් සිහිපත් කරන්න ඇති. ඒ ගැන සැකයක් නැහැ. මුලින්ම මේක කලින් කරපු රවිදු තේනබදු සහෝ වෙනුවෙන් වගේම අනික් සියලුම දෙනා වෙනුවෙන්ම සමාව ඉල්ලනවා මේ විදිහට කතාව මග නවත්තලා සෑහෙන කාලෙකට පස්සෙ සබ් දෙන්න පටන් ගත්තට. ඇත්තම කියනවනම් රවිදු සහෝට කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙද්දී තමයි හසා අයියා කට්ටිය එකතු කරන් “මේ කතාසමය ඉවර කරලා දාන්න විතරක්” සාමූහිකව සබ් කරන්න ගත්තෙ. මං දන්නවා මේ වෙද්දී මේකේ සම්පුර්ණ කොටස් ටික විකාශය වෙලා ඉවරයි. සමහර අය බලලත් ඉවර ඇති. ඒත් ඉතින් මෙහෙම හරි සබ් ටික දෙනවා හැරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. මෙතනින් පස්සෙ ඉතිරි කොටස් හතම නොකඩවා ඔයාලාට ලැබේවි. කිසිම බල කිරීමක් නැහැ. බැන්නට මුකුත් කියන්නේ නැහැ. අඩු කුලේ රේටින් දැම්මට අහිතකුත් නැහැ. මොකද බාරගත්ත වැඩේ ඉෂ්ට කරලා දැම්මා කියලා හිතහදාගන්න පුලුවන් නිසා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 190MB |

67C3B56EB50E7F1B0596395E20341E07E3EA6EA4

 Direct Download

| HDTV | x265 | 720p | 190MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *