MENU

Marvel’s Cloak & Dagger [S01 : E10] | දිව්‍යමය එකතුව හා නව සතුරෙකුගෙ උපත…

ඔන්නතිං Cloak & Dagger පළමු කතා සමයෙ අවසන් කතාංගයත් අරගෙන ආවා. පසුගිය කොටස පිළිබඳව පොඩ්ඩක් කියලම පටන් ගන්නම්කො එහෙනම්. මතක ඇති ඕ’රයිලි කරපු දේත් එක්ක ටයිරොන්ගෙ දෙමව්පියන්ව පොලිසියට ගෙන්නනවා බිලිගෙ මරනයට වගකිව යුත්තා අල්ලගෙන ඇති බව දැනුන් දෙන්න. හැබැයි මෙතනදි අපිට පෙනුනෙ ටයිරොන්ගෙ දෙමව්පියො දැන් මේ ගැන හොයන්නෙ නැති විත්තියක්. ඒකටත් යම් යම් හේතු ඇති. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා ටැන්ඩිට තියෙන්නෙ අනුන්ගෙ සිතුවිලි බලන්න පුළුවන් හැකියාවක් විතරක් නෙවෙයි එයාට ඒවා හොරාගෙන විදින්න පුළුවන් කියන කාරණේ. පසුගිය කොටස අවසානයෙ දැකගන්න ලැබුනා පොලිසියෙන් ටයිරොන්ව අත්තඩංගුවට ගන්න එනවා ෆියුක්ගෙ මිනි මැරුමට සම්බන්ධව. ඉතිං සුපුරුදු විදිහට ටයිරොන් පලායන්නෙක් වෙනවා මෙතන ඉදන්. ඉතිං ඔය ඇති කලින් කොටස ගැන කිව්වා.

හරි ඉතිං දැං ඔයාලා Cloak & Dagger කතා මාලාව එක කතා සමයක් ඉවර වෙනකල් බැලුවනෙ. ඒ වගේම කතාව යන අතරමගදී අපෙ තිසර අයියා මංසල තුලින් Cloak & Dagger හි කොමික් පැත්ත බොහොම අපූරුවට පැහැදිලි කරලා දුන්නා මතක ඇති. ඒ වගේම ඒක කියෙව්ව නම් ඔයාලා මේ වෙනකොට දන්නවා කතාව කොමික් වලින් කොච්චර වෙනස් වෙලාද MCU එකට ඇවිත් තියෙන්නෙ කියන කාරණය. අද ඉතිං පළවෙනි කතා සමයෙ අවසානය නිසා Cloak & Dagger කොමික් වල සහා කතා මාලාවෙ අපිට දකින්න ලැබුන පැහැදිලිම වෙනස්කම් ටිකක් ඔයාලට මම කියාගෙන යන්නම්. සමහර අය දැනටමත් දන්නව ඇති, තවත් පිරිසක් නොදන්නව ඇති. ඒ දෙගොල්ලන්ටම දැනගන්න මතක්කරගන්න පොඩි විස්තර ටිකක් කියන්නම්.

නිව් ඔර්ලීන්ස්

Cloak & Dagger කොමික් මූලික වශයෙන්ම පාදක වෙලා තියෙන්නෙ නිව් යෝක් නඟරයෙ. හැබැයි ටැන්ඩිවත් ටයිරෝන්වත් නිව්යෝක් වල අය නෙවෙයි. මේ දෙන්නම රනවේස්ලා, එහෙමත් නැත්නම් පලායන්නො. මේ දෙන්නම නිව් යෝක් වලට එන්නෙ වෙනස් පැති වල ඉදන්. හරියටම කිව්වොත් ටයිරොන් නිව් යෝක් වලට එන්නෙ බොස්ටන් වල මැසචුටේස් කියන පළාතෙ ඉදලා. ඒ වගේම ටැන්ඩි නිව්යෝක් වලට එන්නෙ ඔහිඕ වල Shaker Heights කියන ප්‍රදේශයෙ ඉදලා.

හැබැයි කොමික් වලින් රූපවාහිනියට ආවම අපිට දැකගන්න ලැබුනෙ ටයිරොන් සහා ටැන්ඩි කියන දෙන්නම නිව් ඔර්ලින්ස් වලම දෙන්නෙක් කියන කාරණේ. ඒ කියන්නෙ අනික් කොටස් MCU එකෙන් අයින් කරලා තමයි FreeForm ගෙ Cloak & Dagger නිර්මාණය කරලා තියෙන්නෙ.

ටයිරෝන් aka ක්ලෝක්

මේ ගැන නම් තිසර අයියා හොදට පැහැදිලි කරලා තිබුනා. ටයිරොන් කියන්නෙ බොස්ටන් වල ඉදපු දුප්පත් ළමයෙක්. ඒ වගේම තමයි කොමික් වලට අනුව බිලි කියන්නෙ ටයිරොන්ගෙ හොඳම යාලුවා. මේ දෙන්නා මිනි මැරුමක් සිද්දවෙනව දකිනවා. ඉතිං මේ දෙන්න ඒකට වගකියන්න ඕන කියලා පොලිසියෙන් හිතයි කියලා එතනින් පැනලා යනවා. ඒ වුනත් මේ දෙන්නා පොලිසියට අහුවෙනවා, එතනදි බිලි කාරණේ පැහැදිලි කරන්න හැදුවත් එයාගෙ ගොතය නිසා ඒක කරගන්න බැරිව යනවා. ඔතනදි පොලිස් නිළධාරියෙක්ගෙ වෙඩි පහරින් බිලි මැරෙනවා. ඔය හේතු කාරණා නිසාම ටයිරොන් නිව්යෝක් වලට පැනලා යනවා.

රූපවාහිනියට එනකොට ටයිරොන්ගෙ අයියා තමයි බිලි කියන්නෙ. ඒ වගේම ටයිරොන්ගෙ කිසිම ගොත ගැසීමෙ ස්භාවයක් පේන්න නෑ. ඒ වගේම බිලිගෙ මරනය සිද්දවෙන විදිහ පවා කොමික් වලට හාත්පසින්ම වෙනස්. හැබැයි මරණය වෙන්නෙ පොලිස් නිළධාරියෙක් අතින්.

ටැන්ඩි aka ඩැගර්

ටැන්ඩි පෝසත් පවුලක ලමයෙක්, ටැන්ඩිගෙ තාත්තා ගොඩක් ධනවත් පුද්ගලයෙක්. ඒ වගේම තමයි පසු කාලෙක ටැන්ඩිගෙ තාත්තා ලෝඩ් ඔෆ් ද ලයිට් කියන විලන් බවටත් පත්වෙලා තියෙනවා. කොහොමහරි ටැන්ඩි කියන්නෙ කොමික් වලට අනුව නිව් යෝක් වලට පැනලා ආව රනවේස් කෙනෙක්.

හැබැයි රූපවාහිනියේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්, කොහොම වුනත් මෙයාගෙ තාත්තගෙ කතාව ගැන තාම අපිට කියන්න අමාරුයි. ඉස්සරහට බලමු. මේ ගැන වැඩි විස්තර මංසලේ පල කරපු ලිපියෙ තියෙනවා.

පරීක්ෂක ඕ’රයිලි

කොමික් වල සහා රූපවාහිනි කතා මාලාවෙ යන දෙකේම ඕ’රයිලි පොලිස් පරීක්ෂකවරියක්. මෙයා තමයි ටැන්ඩි සහා ටයිරෝන් සම්බන්ධව තිබුන අපරාධ පිළිබඳව හෙව්වෙ. කොහොමින් හරි ඕ’රයිලි ක්ලෝක් සහා ඩැගර්ගෙ මිත්‍රයෙක් වෙනවා. පොලිස් නිළධාරිනියක් විදිහටත් විජලැන්ටි කෙනෙක් විදිහටත් මෙයා දූෂිත පොලිස් නිළධාරින්ට එරෙහිව කටයුතු කරලා තියෙනවා. අන්තිමේ ඔවුන් අතින්ම ඕ’රයිලි මියගිහින් තියෙනවා. පස්සෙ ඕ’රයිලි මේහෙම් කියන සුපිරි දුෂ්ට චරිතයක් විදිහට ආපහු මතුවෙනවා.

ඔය කිව්ව ටික නම් අපි දන්න කතාවත් එක්ක ගොඩක් දුරට සමානයි. මේහෙම් ගැන පස්සෙ කියන්නම්.

අපිට දෙවන කතා සමයෙන් මොනා බලා ගන්න ලැබෙයිද?

ඔව් මේ වෙනකොටත් FreeForm ලා නිවේදනය කරලා ඉවරයි Cloak & Dagger දෙවන කතා සමයක් එන කාරණේ. ඒ වගේම සැන් ඩියේගො කොමික් කොන් එකේදි පොඩි ටීසර් එකක් නිකුත් කරලා තිබුනා. ඒකෙ හැටියට සහා සීසන් එක ඉවර වෙන විදිහට අපිට කියන්න පුළුවන් මම කලින් කිව්වා මේහෙම්ව අපිට ඊලග සීසන් එකෙන් දකින්න ලැබෙයි කියලා. ඊලඟ කතා මාලාව එන දිනයක් නම් තාම නිවේදනය කරලා නෑ. ඒ වගේම තවත් ඉතුරුවුන ප්‍රශ්න බොහොමයක් තියෙනවා මේ කතා සමය තුලත්.

හරි එහෙනම් ලොකු පිරිසක් කතාව නොබැලුවත් පටන් ගත්ත වැඩේ ඔන්න අපි ඉවර කලා. මුල් කොටස් වලට උපසිරැසි දුන්න සහෝදරවරු ටිකටත් ස්තූති කරන ගමන් මම සමුගන්නවා.කොහොම වෙතත් මම නම් ආයි මේ කතා මාලාවෙන් හම්බවෙන්නෙ නෑ. එහෙනම් මම ගියා. අන්තිම වතාවටවත් හිතුනොත් කමෙන්ට් එකක් දාගෙන යමල්ලා.

(කලින් කොටස් වලට කමෙන්ට් එකක් දාලා සප් එකක් දීපු හැමෝටමත් බොහොම ස්තූතියි. ඒ වගේම අඩු කුලේ රේටිං දීලා උපසිරැසි කරපු අපේ සහෝදරවරු පට්ට විදිහට දහිරියමත් කරපු අයටත් බොහොම ස්තූතියි.)

Torrents Download

| WEBRip | x265 | 720p | 190MB |

1060807A439066A672679E72FD6C84E4A7586C04

Direct Download

| WEBRip | x265 | 720p | 180MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *