MENU

Money Heist aka La casa de papel [S01 : E01] | නොනිමි ආරම්භය…

ඔන්න එහෙනම් මාසයක පමණ විරාමයකින් අනතුරුව මේ පැත්තට ආවේ එසේ මෙසේ භාණ්ඩයක් නොව සුපිරිම භාණ්ඩයක් රැගෙනයි. සමීර කරුණාරත්න සහෝ අතින් මට බාර වුන, ඔහු ඇලුම් කල, නමුත් නිසැකවම ඊටවඩා ඔබ, මා ඇලුම් කරන ටෙලි කතා මාලාවක් එක්ක එකතු වෙන්නයි මේ සූදනම.ගොඩක් දෙනෙක්ට භාෂා ගැටලුව නිසා මගහැරුන, පට්ටම පට්ට කතා තේමාවක් රැගත්, ස්පාඤ්ඤ කතා මාලවක් ලෙස ඉපිද පසුව නැවතත් Netflix හරහා ඔබ සමීපයට පැමිනි “LA CASA DE PAPEL” නොහොත් “Money Heist” කතා මාලාව ඔබ වෙත දිග හරින්නයි මේ සුදානම.IMDb දර්ශකයේ (8.7) හොඳම ටෙලි කතාවන් අතර #132 ස්ථානයේ වැජඹෙන, කුණු තක්කාලි ? දර්ශකයේ 89% ක ප්‍රතිචාර ලබා ඇති මෙම කතා මාලව සම්මාන උළෙල 14කදී විවිද අංගයන් උදෙසා නාමයෝජනා ලබා ඉන් සම්මාන 3ක් දිනාගන්නට සමත් වී ඇත. ඒ අතර 2017 වසරේ ස්පාඤ්ඤ Atv සම්මාන උළෙලේදී Iris Award [Winner] Best Screenplay වෙනුවෙන් සම්මාන හිමිකර ගන්නට සමත්වූවා. එමෙන්ම 2018 වසරේ Feroz සම්මාන උළෙලේදී හොඳම කතා මාලාව වෙනුවෙන් නාම යෝජනා ලැබුවා පමනක් නොව 2018 වසරේ ජනතා මනපයෙන් ජනප්‍රියම කතා මාලාව වන්නට සමත්කම් පෑවා.

මෙසේ සම්මාන හිමිකරගත් කතා මාලාවේ අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකු සිටීමත් සුවිශේෂීත්වයක්. ඔවුන් පිළිවලින් Jesús Colmenar,Alex Rodrigo, Alejandro Bazzano, Miguel Ángel Vivas,Javier Quintas.කතා මාලාව ලියවෙන්නේ 7 දෙනෙකුගේ අතින් වීමත් විශේෂයක්.

මංකොල්ල කරුවන් අට දෙනෙකුට මාස පහක සැලසුමක් වූ ද, මහ මොළකරුට අනුවනම් ජිවිත කාලයක සැලසුමක් වූ, කතා සමයන් දෙකක් පුරාවට ඔබ‍ට දැකගත හැකි වේවි… විශේෂයෙන් කියන්න ඕන කතා මාලා දෙකක් වෙන්නේ Netflix ලොව පුරා බෙදාහැරීම නිසාවෙන් මතක ඇතුව ඒ පිටපතම ලබාගන්න. Atv නාලිකාවේ විකාශය වුනේ තනි කතා සමයක් හැටියට ඒ කොටසක් මිනිත්තු 90 ක් වගේ දිගයි, නමුත් අපි ඔබට ලබා දෙන උපසිරස ගැලපෙන්නේ මිනිත්තු 45 ක Netflix බෙදා හැරීම සිද්ධ කල කොටස්වලට.

ඉතින් මෙතෙක් සිනමාව පුරාම බැංකු, දුම්රිය, දියමන්ති, රැදවුම් සේප්පු වැනි දේ මංකොල්ලකෑම් කල අවස්ථා විශිෂ්ඨ ලෙස පෙන්වූ අවස්ථා ඕන තරම් තියන එකේ, මේ කතාව ඉන් පොඩ්ඩක් එහාට, පොඩ්ඩක් කිව්වට යූරෝ බිලියන ගණනක් එහාට යන්න සුදානම් කතාවක්.

මතකද දන්නේ නැහැ ටික කාලෙකට කලින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් බොහොම ආදරයෙන් වැලද ගත්ත “කුඹියෝ” ටෙලි කතා මාලාව, විශිෂ්ඨ සැලසුමක් එක්ක දියත් වුන සුපිරි මෙහෙයුමක් වීම නිසාවෙන්ම, ඔබ අපි හැමෝම බොහොම ආදරයෙන් ඒ විශිෂ්ඨ දේශපාලන කොල්ලය වැලද ගත්තා ඉතින් මේ ආරාධනය ඒ වගේ එක්කෝ ඊටත් එහාගිය කියමුකෝ…. සැලසුමක් එක්ක විශිෂ්ඨ ක්‍රියාදාම සපිරි කොල්ලයක් එක්ක එකාසු වන්නයි…

වරක ඉඳන් හිටි තැන් වලින් ඉබේ නැගිටවෙන, වරක ඔබට ඊළඟ නිමේෂය අනුමාන කල නොහැකිව අන්ද මන්ද වී යන නමුත්, සෑම ක්‍රියාවකටම පෙර සැලසුම් කල විකල්ප සැලසුම් හිමි, තවත් විටක පොලීසිය අල්ලේ නටවන, විටක ජාත්‍යන්තර අවදානය ලබන මංකොල්ලයක් කෙසේ නරඹා නොසිටින්නද ?

බර්ලින්, ටෝකියෝ, රියෝ, ඩෙන්වර්, මොස්කව්, නයිරෝබි. හෙල්සිංකි, ඔස්ලෝ…… මේ නම් ටික කියවනකොට ඔබට හිතුනාද මට වැරදිලා ලෝක සිතියමේ ඇති නගර වල නම් ලියලා කියලා. නැහැ , මට නෙමේ ඔබටයි වැරදුනේ… මේක අන්න එහෙම ජාතියේ කතාවක්. හැමවිටම තමන් හිතනවාට වඩා යමක් ඒ සැලසුම තුල තිබෙනවා. ඒ තරම් සුපිරි මොළකරුවෙක්ගේ සැලසුමකට හා පුහුණුවකට අනුව සිදුවන ත්‍රාසය, කුතුහලය, ක්‍රියාදාම, ආදරය, විරහව, පලි ගැනීම, බුද්ධිය, +18 කැටි කොටගත් මුදල් මංකොල්ලයක පහස විදගන්න ඔබත් දැන් හොඳ හැටි සූදානම් ඇති නේද ?

කතා සමයේ ආරම්භයේදීම මංකොල්ලයේ තතු කියනවාට වඩා ඊළඟට කොටසින් විස්තර කරන එක හොඳයි. මොකද මේ කතා මාලාව ආරම්භයේ පටන්ම සෑම කොටසක්ම කුතුහලයෙන් පරිපුර්ණයි. දැනට නිකුත් වී ඇති Netflix එකක් නිසාවෙන් පලමු කතා මාලාවේ කොටස් 13ම උපසිරැසි ඉක්මනින්ම ලබා දෙන්න පොරොන්දු වෙනවා. කිසිදු බාධාවකින් තොරව මෙම කතා මාලාවේ වීඩියෝ පිටපත් අපගේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ඔබට ලබාගත හැක.

එමෙන්ම මේ කතා මාලාව ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත්වුන කතා මාලාවක් නිසාවෙන් වෙනත් ඉංග්‍රීසි කතා මාලාවන් මෙන් නොව ඔයාලට සමීප කරන්න සෑහෙන කාලයක් මහන්සියක් ගන්නට සිදුවුවා. මෙහි ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤ, රුසියානු, ඉංග්‍රීසි, සර්බියානු භාෂා ඇතුලත්. එම නිසාවෙන් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව සමග අසා ලිවීමක් කරන්නට සිදුවුනේ භාෂා පරිවර්තනයේ ඇති තාක්ෂණික දෝෂ නිසාවෙනි.

අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, මෙතෙක් නිර්මාණය වුන හොඳම මංකොල්ලයක් ගැන කියවෙන කතා මාලාවක් බලන්න ඔබ කැමති ද? එහෙනම් ආයේ දෙපාරක් හිතන්න එපා PSA පිටපත් තියනවා ගිහින් බාගන්න, ඔබට කතා සමයන් දෙකම උපසිරසකරණයේ මහ ගෙදරින් ලබා දෙන්න සූදානම්.

භාෂාවන් ගොන්නක් කිව්වට බය වෙන්න එපා, කතාවට කල හැකි උපරිම සාධාරනය ඉෂ්ට කරන්න උපරිම වෙහෙස දැරුවා.. යම් වැරදි අඩුපාඩුවක් ඇතොත් සමාවෙන්න. එහෙනම් ගිහින් එන්නම්. දෙවන කොටසින් හමුවනතුරු ජය…!!! ?✌

ප:ලි:

මෙම කතා මාලාවේ සිංහල උපසිරැසි නිමවා ඇත්තේ ස්පාඤ්ඤ භාෂාව සඳහා වන අතර, නමුත් KM Player එක හරහා මෙය නැරඹීමේදී ස්වයංක්‍රීයව ස්පාඤ්ඤ භාෂාව ඉංග්‍රීසි භාෂාවට හුවමාරු වන නිසාවෙන් යම් අපහසුතා පැන නැගිය හැක. එය උපසිරැසියේ දෝෂයක් නොව තාක්ෂණික දෝෂයක් බව කරුනාවෙන් සලකන්න. වෙනත් Player එකක් තුලින් නැරඹීමේදී එසේ සිදුවන්නේ නැත.එම නිසාවෙන්, මෙය ස්පාඤ්ඤ භාෂාවෙන් නිවැරැදිව සිංහල උපසිරැසි සමග නැරඹීමට Pot හෝ Vlc player භාවිත කරන්න.

අවසාන වශයෙන් මෙය ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් වුන වීඩියෝ පිටපතට කල සිංහල උපසිරැසි ගැන්වීමක් වන අතර ඉංග්‍රීසි හඬ කැවූ වීඩියෝ පිටපත සමග 100% සමමුර්ථ නොවේ.

Torrents Download

| WEBRip | x265 | 720p | 5GB |S01-S02

218C934C894F0CE3DF26A30A96204DAFC697EFA2

Direct Download

| WEBRip | x264 | 720p | 350MB |

| WEBRip | x265 | 720p | 240MB |

| WEBRip | x265 | 720p | 3GB |
Complete S01
|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

12 thoughts on “Money Heist aka La casa de papel [S01 : E01] | නොනිමි ආරම්භය…

  • | WEBRip | x264 | 720p Complete S01 << eka dennako
    Thanks..

    Reply
  • Guys can’t download full seson

    Reply
  • Can;t download full season 1.pls help to this.

    Reply
  • Kosala Sathkumara

    cant download season 1. pls help

    Reply
  • Ravindu Sulakshana

    can’t download

    Reply
  • channa dilan

    money heist s1 e1 download link is error. please help…….

    Reply
  • meka downlord karann ba ne

    Reply
  • 218C934C894F0CE3DF26A30A96204DAFC697EFA2

    Reply
  • Dm sanaaja

    මේ ලින්ක් වැඩ නැ

    Reply
  • heelo admins meka full season download karanna be 1by 1 episode download karannath be plzzzz help me tv serious eka download krna widiyata hadala denna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *