MENU

Castle Rock [S01 : E03] | දේශීය වර්ණය….

ඔන්න එහෙනං කාසල් රොක් කතා මාලාවෙ තුන් වෙනි එපියටත් අපි ඇවිල්ලයි ඉන්නෙ..මුල් එපි 2 නරඹපු ඔයාල මේ වෙනකොට දන්නව ඇති කතාව කොයිතරම් රසවත්ද වගේම කොයිතරම් පටලැවිලි සහගත කියල..එපි 5ක් බලපු මටවත් හිතා ගන්න බෑ කතාව කොයි පැත්තකට යනවද කියල..එන්න එන්නම නූල් බෝලෙ පටලැවෙනව මිසක් ලිහෙන පාටක් නෑ..ස්ටෙපන් කිංගෙ කතාවක් නොවැ අහන්න දෙයක් නෑ ඉතිං..හැබැයි ඉතිං රචකය කොච්චර හොඳ වුණත් වැඩක් නෑ අධ්‍යක්ෂකගෙ වැඩ අවුල් නං..බලමු කතාව ඉස්සරහට කොහොම ඇදෙයිද කියල,,මේ තාක් කතාව ගලාගෙන ගිහිං තියන විදිහ දැක්කම නං කියන්න පුළුවන් J.J ඒබ්‍රහම්ගෙ වෑයම අති සාර්ථකයි කියල.. රේටිං වලින් වුණත් ඒක හොදාකාරවම පැහැදිලි වෙනව…කතාව කොච්චර හොඳ වුණත් වැඩක් නෑ ඉතිං අපේ අයගෙ රසය තියෙන්නෙ වෙනම තැනක නොවැ,,ඩවුලෝඩ් කවුන්ට් එක දැක්කම අපේ මේ මහන්සිය අපතේ යනවාදෝ කියල හැඟීමක් එනව..කොහොමවුණත් හරි රසය දන්න සුළු පිරිසක් හරි ඉන්නවනෙ..අන්න එයාල වෙනුවෙන් දිගටම අපි කතාව ගෙන එනව..

හරි ඒනං කතාව නවත්තල කලින් එපිය ගැන් අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…ඔයාලට මතක ඇති කලින් එපියෙ වැඩි වශයෙන්ම අවධානය යොමු වුණේ බන්ධනාගාර පාලක ලේසිගෙ පැත්තටයි,,ඒවගේම කතාවෙ ආරම්භයේදිම බන්ධනාගාරයේ නිරීක්ෂණ මැදිරියෙ ඉන්න ඩෙනිස් සැලස්කි නිළධාරියාට මොනිටරය හරහා හදිසියේම දකින්න ලැබෙනව කාගේත් කතාබහට ලක්වෙලා ඉන්න අබිරහස් සිරකරුවා හිරෙන් පැනල යන දර්ශනයක්..කොහොම වුණත් පස්සෙ ඔහුට අනාවරණය වෙනව ඒක එයාගෙ හිතේ මැවිච්ච දෙයක් විතරක් බව..ඒවගෙම ඔයාලට මතක ඇතිනෙ හිරකාරයව හොයාගත්ත අර විශේෂ කූඩුව ලේසී විසින් නිර්මාණය කරපු ආකාරය දැක්වෙන පොඩි අතීතාවර්ජනයක් එහෙම පෙන්නුව කලින් එපියෙදි..ඒකෙදි ලේසී කියනව එයා ඒක හැදුවෙ දෙවියන් වහන්සේ කියපු නිසා බව.,,ඒවගේම ලේසී තමන් මේ කරපු දේ සාධාරණීයකරණය කරල කියනව ලිපියක් හරහා..ඒවගේම ඔයාලට මතක ඇති ඩීවර් යනව ලේසිගෙ ගෙදරට හිරකාරයා ගැන මොනවාහරි තොරතුරක් ලේසිගෙ බිරිඳ මාතාගෙ මාර්ගයෙන් දැනගන්න හිතාගෙන ..වැඩි යමක් නම් දැනගන්න ලැබෙන්නෑ..හැබැයි ලේසිගෙ ගෙදර තියන අගුලු දාපු කාමරයක් ගැන පොඩී කුතුහලයක් අපිට ඇති වෙනව..ඩීවර් මේ කාමරය ගැන ලේසීගෙ බිරිඳගෙන් ඇහුවත් මොකුත් කියන්නෑ කතාව අනික් පැත්තට හරවනව…ඒවගේම ඔයාලට මතක ඇති බලාපොරොත්තු සුන් කරගෙන ලේසීගෙ ගෙදරින් එළියට එන ඩීවර්ට පස්සෙ මුණ ගැහෙනව ඩෙනිස් සැලස්කි නිළධාරියාව.. එයාට මේ හිරකාරයව ගැන මුලින්ම තොරතුරක් ලබාදුන්න කෙනාව…සැලස්කි නං කියන්නෙ ඩීවර්ට හිරකාරයා අහලකටවත් යන්න ඉඩක් නොලැබෙනු ඇති බවටයි..කොහොමවුණත් අන්තිමේදි ඩීවර් උපායශීලීව බන්ධනාගාරය ඇතුලට ගිය හැටි ඔයාලට මතක ඇති කියල මං හිතනව..

ඒවගේම කතාව අන්තිමේදි පෙන්නනව බල්ලෙක් යම් තැනකින් බන්ධනාගාර පාලකතුමාගෙ නැතිවෙලා තිබ්බ හිස එළියට ගන්න දර්ශනයක්.ඔන්න ඔහොමයි කලින් කතාව ගෙවී ගියෙ..

අද කතාව ගැන නං මං මොකුත්ම කියන්න යන්නෙ නෑ මොකද ඒකෙන් ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක් වෙන්න පුළුවන්..ඔයාලම අරං බලාගන්න..

ඊළඟ එපි 2ත් ඉක්මනටම දීලා සමගාමී විකාශය අල්ලන්න තමයි බලාපොරොත්තුව..ඒක හින්ද පටි තද කරං ඉන්න..ඊළඟ එපිය අපේ මයුර සුරාජ් සහෝදරයා ඉක්මනටම ඔයාලට අරගෙන එයි.දිගටම කතාවත් එක්ක රැඳී ඉන්න..මං ගියා..ජය වේවා !!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | TBS | 210MB |

E969BFFC5852925B4AA3E3AF768D98308A50F9DD

 Direct Download

| WEB-DL | x265 | 720p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Castle Rock [S01 : E03] | දේශීය වර්ණය….

  • Wow..asama tv series eka.thank u saho..ilaga ekath danakan balan innawa..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *