MENU

Money Heist aka La casa de papel [S01 : E07] | ලිහිල් වූ අන්තය …

කුතුහලයෙන් උපරිමයට ඔබව ගෙනියන්න සමත් මේ බැංකු කොල්ලය ගැන ඔබට කුමක් සිතෙනවාද?

පසුගිය කොටසින්,

ඒන්ජල් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම බැංකුව තුලට ඇතුල්වුනා ඔබට මතක ඇති. එමෙන්ම සුආරස් හා ඔහුගේ සගයා වා කවුලුව තුලින් ප්‍රාණ ඇපකරුවන්ට එකතුවීමට සූදානම්. ප්‍රොෆෙසර්ගේ ට්‍රෝජන් අශ්වයා සාර්ථක ලෙස ඒන්ජල්ගේ කණ්නාඩි කුට්ටම තුලට ඇතුලත් කරගන්නට මංකොල්ලකරුවන් සමත්වී ඇත..

ඉතින් අර්තුරෝට සැත්කම සිදුවන අතරතුර මොස්කව් හා ඩෙන්වර් එකතුව මොනිකාට සැත්කම සිදුකරන්නට වූවා. නමුත් උපකරණ නොමැතිකම නිසාවෙන් ඩෙන්වර්ට නැවත වෛද්‍ය කණ්ඩායම වෙත පැමින උපකරණ හොරකම් කරගෙන යාමට සිදුවුනා ඔබට මතක ඇති. එහිදී නයිරෝබිගේ නෙත ගැටෙන්නේ මොනිකා අර්තුරෝ හට දීමට ඩෙන්වර්ට දුන් ලිපියයි. මේ ඔස්සේ ඩෙන්වර් පසුපස එන නයිරෝබි මොනිකාව සොයාගන්නට වූවා. නයිරෝබි මේ සියලු දෙනා අතරින් වෙනස්ම චරිතයක් බව ඔබට පෙනෙනවා ඇති. ඇයට අවශ්‍ය කෙසේ හෝ ප්‍රොෆෙසර්ගේ සැලැස්ම අඩුවක් නොමැතිව ක්‍රියාවට නංවන්නයි. ඇය මොනිකා ගැන අසන්නට පෙර මොනිකාගේ සැත්කම සිදුකරන්නට මොස්කව්ට උදව් කලා ඔයාලට මතක ඇති.

මේ සියල්ල අතරවාරයේ පරීක්ෂකතුමියත් බරටම සැලසුම ක්‍රියාත්මක කරනවා. සුආරස් කවුලුව ඔස්සේ අවශ්‍ය ස්ථානයට කෙමෙන් ළං වන්නේ බැංකුව තුල සිටින කාටත් හොරෙන්. කාට හොරෙන් පැමිනියත් ප්‍රොෆෙසර් ට හොරෙන් කිසිවක් කරන්නට බැරිබව පසක් කරමින් ප්‍රොෆෙසර් සුආරස්ගේ ඇතුලුවීම පසක් කරගන්නවා. මෙය බර්ලින් හට දැන්වූවායින් අනතුරුව සියල්ල කනපිට පෙරලෙන්නේ ඔබ මා සියල්ල මවිත කරමිනුයි. සියල්ලෝ මවිත කරමින් “ඩලි මුහුනු ආවරණ” වෙනස් කරමින් දෙවන සැලැස්මට යන්නේ් රැකල් ප්‍රමුඛ මුලු පොලීසියම අසරණ කරමිනුයි. සියල්ලෝ ආපිට හරවමින් අවසන් මොහොතේ සූආරස් ,ඒන්ජල් හා වෛද්‍යවරුන් නැවත ගෙන්වා ගන්නට රැකල් වාසනාවන්ත වනවා. නැතිනම් ඒ සුආරස් හා ඔහුගේ සගයාගේ අවසානය බව සැකයක් නැහැ. ඔබ නිකමටවත් සිතුවාද එවැනි මුහුණු ආවරණ වෙනස් කිරීමක් සිදුවේවි යැයි?? ඒකනේ මම කලින්ම කිව්වේ මේක පට්ටම කතා මාලවක් කියලා.

ඊට අමතරව මංකොල්ලයේ දින වකවානු ගැන දැනගන්නටත් අපිට හැකියාව ලැබුනා. තවත් වඩා සුවිශේෂී කරුණක් වන්නේ මේ මංකොල්ලයේ සැලැස්ම ප්‍රොෆෙසර්ගේ නොවන බවත් අනාවරණය වූවා. එහෙනම් මෙය කාගේද? ස්පොයිල් කරන්න ඕනි නැහැනේ. ? නමුත් එය සැබෑවක් බව ඉදිරියේදී ඔබට පසක් වේවි. පසුගිය කොටසේ අවසානයේ බර්ලින්ට සිදුවනවා ප්‍රොෆෙසර් හට, මොනිකාව මරන්න අණ කල වග පවසන්න. ඒ ටෝකියෝගේ බලපෑම නිසාවෙනි. අපි බලමු එතැන් සිට අද කතාව.

අද කොටසින්,

අද කතාවේ නම “ලිහිල් අන්තය.” හෙල්සිංකි තමයි මේ හැමදේකටම වගකිව යුතු පුද්ගලයා. අතේ සතේ නැති වෙලාවක අතට කීයක් හරි ආවාම කාටද ඒක වියදම් කරන්න හිතෙන්නේ නැත්තේ? හෙල්සිංකිත් එවැනිම වැඩක් කරන්නේ, ලිහිල්වූ අන්තයකට පොට පාදමිනුයි. ඔයාලා කල්පනා කරනවා ඇති මොනවද මේ බුරුල් වෙලා තියෙන්නේ කියලා? එහෙනම් අද කතාව බාගෙනම බලන්නකෝ. ඉදිරි කොටසින් මේ ගැන විස්තර කරන්නම්. ආහ් තව චුට්ටෙන් අමතක වෙනවා. අද කතාවේ වීරයා ප්‍රොෆෙසර්. එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම ජය…!!!?✌

Torrents Download

| WEBRip | x265 | 720p | 5GB |S01-S02

218C934C894F0CE3DF26A30A96204DAFC697EFA2

Direct Download

| WEBRip | x265 | 720p | 240MB |

| WEBRip | x265 | 720p | 3GB |
Complete S01
|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Money Heist aka La casa de papel [S01 : E07] | ලිහිල් වූ අන්තය …

  • Openlod dwonlod karanna barida?usersdrive downlod karanna amarui pls help me

    Reply
    • Imesh lakshan

      anith ewa wage tami try krnna

      Reply
  • “usersdrive.com” meken download kranna bane bro… poddak download karana vidiya liyanawada?

    Reply
  • Mony hest tv show aka hodama kathawak .Me epiya idala downlod karanna be openlod aka nathi nisa.usersdrive downlod karanna amarui.userdrive downlod karanna komada

    Reply
    • Imesh lakshan

      opemload dila tynne

      Reply
    • Imesh lakshan

      I.m not robert kiyana ekata tik eka danna.ita psse picturs wagyk tornna ei eka hriyta teruwhma download krnna denwa

      Reply
  • Apa e-mail password dunnama ID kiyana akata mokakda denna?ita pahalin karana vidiya kiyannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *