MENU

Heart and Souls (1993) | දිව්‍ය ලෝකයේ වැරදීමක් නිසා වුනු හදියක්!

ආයුබෝවන්! ගොඩක් අය මේ කාලෙදි පොත් කියවා කියවා ඇති කියලා හිතනවා. මොකද මේ සාහිත්‍ය මාසය නේ. ඉතින් මම අද ගෙනාවෙත් පරණ චිත්‍රපටයක් තමා. කොමඩි ෆිල්ම්වලට කැමති අය සහ Robert Downey Jr. ට හෙවත් අයන් මෑන්ට කැමති අය මේ චිත්‍රපටයත් අනිවාර්යයෙන් බලන්න. ඔයාලා හැමෝම දන්නවනේ ඩවුනි ජූනියර් කියන්නේ නියමම කොමඩි නළුවෙක් බව. 6.9 ක IMDb අගයකුත්, 55% කRotten Tomatoes අගයකුත් ගත්ත මේ චිත්‍රපටය, fantasy, comedy, drama ගණයට වැටෙනවා. ප්‍රධාන චරිත නිරූපණයට Robert Downey Jr, Charles Grodin, Alfre Woodard, Kyra Sedgwick, Elisabeth Shue සහ Tom Sizemore රංගනයෙන් දායක වෙන අතර, මෙහි අධ්‍යක්ෂණය Ron Underwood ගෙන්. මේ චිත්‍රපටයට සම්මාන නම් හම්බවෙලා තියෙන්නේ එකයි. නිර්දේශවීම් නම් ගොඩක් තියෙනවා. ඒ ටික පහළ දක්වලා තියෙනවා. සම්මාන උළෙලවල් බලන කට්ටිය දන්නවා ඇති, නිර්දේශ වෙනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා. වසරේ තියෙන හොඳම චිත්‍රපටවලින් තමයි එයාලා හොඳම සංගීතය, ඇඳුම් නිර්මාණය පවා නිර්දේශ කරන්නේ.

සම්මාන
Saturn Award (1994) – Best Actor – Robert Downey Jr.

නිර්දේශ
Saturn Award (1994) – Best Fantasy Film
Saturn Award (1994) – Best Supporting Actor – Charles Grodin
Saturn Award (1994) – Best Supporting Actor – Tom Sizemore 
Saturn Award (1994) – Best Supporting Actress – Kyra Sedgwick 
Saturn Award (1994) – Best Supporting Actress – Alfre Woodard 
Saturn Award (1994) – Best Director – Ron Underwood 
Saturn Award (1994) – Best Writing
Saturn Award (1994) – Best Music – Marc Shaiman 
Saturn Award (1994) – Best Special Effects
Young Artist Awards (1994) – Best Actor Under Ten in a Motion Picture – Eric Lloyd

දැන් කතාවේ පොඩි සාරාංශයක් කියන්නම්. හැරිසන් කියන්නේ ගායනා කරන්න ආසාවෙන් ඉන්න, ඒත් වේදිකාවට යන්න බය මහත්තයෙක්. පෙනී කියන්නේ ළමයි තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ජුලියා කියන්නේ සමාජ ශාලා වේටර් කෙනෙක්. මයිලෝ කියන්නේ ගෙවල් බිඳින හොරෙක්. මේ හතරදෙනා කොහොමහරි එකම බස් එකක නැගලා යනකොට බස් එක ඇක්සිඩන්ට් වෙනවා. ඒකෙන් බස් එකේ හැමෝම මැරෙනවා. බස් රියදුරා නම් උඩට ඇදිලා ගියාට, අනෙක් ආත්ම හතර ඇදෙන්නේ ළඟ තියෙන කාර් එකක් ඇතුළට. කාර් එක ඇතුළේ ඉන්නවා අළුත උපන් බබෙක්. එදා ඉඳන් තෝමස් කියන ඒ ළමයා තරුණ වෙනකම්ම අර හතර දෙනාට ඉන්න වෙන්නේ එයා ළඟමයි. මොකක්හරි හේතුවක් නිසා එයාලට තෝමස්ගෙන් ගොඩක් එහාට යන්න බෑ. පස්සේ තමයි එයාලා දැනගන්නේ එයාලා අළුත් ජීවිතයකට යන්න කලින්, තමන්ගේ මේ ජීවිතේ කරන්න බැරිවෙලා තිබුන, අත්‍යවශ්‍ය දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් එයාලට මේවා කරන්න නම් තෝමස්ගේ ඇඟ පාවිච්චි කරලා කරන්න ඕනි. ඒත් දැන් තරුණ වයසේ ඉන්න තෝමස් ඉස්සර හිටියට වඩා වෙනස්, වැදගත් කෙනෙක්. තෝමස්ටත් ඒ හතරදෙනා නිසා හරි හරි වැඩ තමයි වෙන්නේ. ඉතින් මේ හතරදෙනා කොහොමද තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කරගන්නේ? තෝමස් එයාලට උදව් කරයිද? කියලා බලන්න මේ චිත්‍රපටයෙන්.

එහෙනම් රොබින්හුඩ් කතා මාලාවෙන් නැවත එක්වෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. කමෙන්ටුවකුත් දාගෙනම යන්න. බයිස්කෝප් අඩවියටත්, ඔබ සැමටත් ජය වේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 911MB |

Direct Download

| WEB-DL | x264 | 480p | 328MB | 

        

| WEB-DL | x264 | 720p | 911MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *