MENU

Big Little Lies [S01E07] | මේ මොකද්ද දෙයියනේ මේ වුනේ…..! [18+]

ඔන්න එහෙනම් BIG LITTLE LIES පලමු කතා සමයේ අවසානයටත් ආවා. මුලින්ම මේ සීරිස් එක කරමු කියලා මට භාරදුන්න අපේ Baiscopelk පවුලේ සමීර අයියට විශේෂ ස්තූතියක් කරන්න ඔනී. ඊටපස්සේ සංස්කාරක මණ්ඩලේ සිසිල අයියටත්, අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. තව ඉතින් අපේ අනිත් සංස්කාරක අයියලත් හැම උපසිරසිකරුවෙක්මයි මතක් කරනවා මේ අවස්ථාවේ. එහෙනම් වැඩිය කියන්න යන්නේ නෑ බලමු අවසාන කොටස ගැනයි. මේ කතාව ගැන පොඩ්ඩකුයි.

ඇමරිකානු රූපවාහිනී නාලිකාවක එනම් HBO නාලිකාවේ විකාශනය කරපු මේක 2017 පෙබරවාරි 19තමයි විකාශනය ආරම්භ කලේ. HBO නම කියපු ගමන් දන්නවනෙ ඉතින් සුපිරි සිරීස් එකක් කියල. HBO හී ලිමිටඩ් ක්‍රයිම් සිරිස් ගැන කියන්න දෙයක් නෑ, දැනට නිකුත් උන ඔක්කොම සුපිරිම මට්ටමේ ඒවා. හැබැයි මේක Limited විදිහට ආවට දෙවනි කතා මාලාවට දීර්ඝ කලා නේ… මේ Tv Series එකටIMDb 8.6 ක ඉහල රේටින් එකක් හම්බු වෙලා තියෙන්නේ නිකන් නම් නෙමෙයි. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 93%ක ඉහල අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම Top Rated tv series ගොන්නේ 137 වැනි තැන පවා මේකට ලබාගන්න පුලුවන් වෙලා තියෙනවා. සම්මාන ගොඩකුත් ලැබිලා තියනවා මේකට. මේක අයත් වෙන්නේ Crime, Drama, Mystery කියන categoriesවලට මේ Tv series එකට පාදක වෙලා තියෙන්නේ Liane Moriarty කියන ලේඛකයා ලියපු නවකතාවක්. පහල තියෙන්නේ දිනා ගත්ත ප්‍රධාන සම්මාන විතරයි. තව සම්මාන 44යි, නිර්දේශ 49කුත් මේකට තියෙනවා.

* Top Rated Tv #137
* Winner Golden Globe

1. Best Performance by an Actress in a Limited Series or a Motion Picture Made for Television Nicole Kidman (කැලෙස්තේ ව්රිග්ට්) 
2. Best Television Limited Series or Motion Picture Made for Television 
3. Best Performance by an Actor in a Supporting Role in a Series, Limited Series or Motion Picture Made for Television Alexander Skarsgård (පෙරී ව්රිග්ට්)
4. Best Performance by an Actress in a Supporting Role in a Series, Limited Series or Motion Picture Made for Television Laura Dern (රෙනාටා ක්ලෙයින්)

* Nominee Golden Globe

1. Best Performance by an Actress in a Limited Series or a Motion Picture Made for Television
Reese Witherspoon (මැඩලින් මැකෙන්සි)
2. Best Performance by an Actress in a Supporting Role in a Series, Limited Series or Motion Picture Made for Television Shailene Woodley (ජේන් චැප්මන්)

පසුගිය කොටසින්

ගිය කොටසින් බලාගන්න පුලුවන් වුනා ජේන් එදා සැක්සන්ව හම්බු වෙන්න ගිහින් මොකද කලේ කියලා. බලාගෙන ගියාම එයා නෙමෙයි තාත්තා. ඒක අද කොටසින් සනාථ වෙනවා. එතකොට මැඩලින්ගේ හීනයක් වෙලා තිබ්බ දෙයක් හරි යනවා ඒ නාට්‍ය වැඩේ. එතකොට පෙරිට කැලෙස්තෙගේ මහත්තයට හරි වැඩේ තමා වෙන්නේ.. දැක්කනේ අම්මෝ… එතකොට කැලෙස්තේ ලොකු තීරනයක් අරගත්තා පැරීගෙන් අයින් වෙලා යන්න. ඒකට උල්පන්දම් දෙන කෙනා කවුද කියලත් දැක්කනේ. එතකොට රෙනාටට එහෙමත් නැත්තම් ඇමබෙලාගේ අම්මට ජේන් හොද වැඩක් කරනවා. ඇහැ ගලවලා ගන්න හැදුවේ. ඒකෙන් පස්සේ දෙන්නා යාලු වුනා වගේ..

අද කොටසින්

අද නම් මුල ඉදලම අන්දුන් කුන්දුන් වෙලා යනවා. අපි ගොඩ නගපු ගොඩක් මතයන් අන්තිම ඒ කියන්නේ මේ කොටසෙන් බිද වැටෙනව. සබ් එක කරපු මටවත් ඒවා හිතාගන්නවත් බෑ. මම අද කොටස ගැන නම් මුකුත්ම කියන්නේ නෑ. බොරුවට මොකටද නේද Spoil කරන්නේ. මම මෙහෙම කියන්නම් අද කොටසින් කතා මාලාවේ තිබ්බ ඔක්කම සැගවුන දේවල් එලියට දානවා. පලවෙනි එපියේ පටන් ගන්න කොට මැරුණ කෙනා කවුද? කවුද මැරුවේ? සිගීගේ ඇත්තම තාත්තා කවුද කියලා? ඒ කවුද කියලා දැක්කම මාවත් උඩ ගිහින් බිම වැටුනා. තරහ අය යාලූ වෙනවා. යාලු අය තරහා වෙනවා. සින්දු ටිකකුත් වැඩියෙන් මේකේ තියෙනවා. ඒවත් ඔයාලගේ රසවින්දනයට උපසිරසි කලා. වැරද්දක් තිබ්බොත් සමාවෙන්න ඔනී. තව කිව්වොත් එක්කෝ ඔනී නෑ.. හැබැයි කතා මාලාව ඉවර කරන්නේ පොඩි ඉගියක් දීලා දෙවනි කතා මාලාවට.

අපි දැනටමත් දන්නවනේ දෙවනි කතා මාලාව 2019 දී එනවා කියලා ඒ වගේම මේ වෙනකොට තිරගත කිරීම් කටයුතුත් ඉවරයි කියලත්. මුලින් ආවේ නම් Limited Series එකක් විදිහට පස්සේ දෙවනි කතා මාලාවට දීර්ඝ කලා නේ. එහෙනම් දෙවනි කතා මාලාව මම හරි කවුරුහරි අරන් එයි.. මෙච්චර දවසක් මාත් එක්ක මේ කතා මාලාව එක්ක හිටපු හැමෝටම ස්තූතියි. comment වලින් දිරි ගන්වපු අයටත් විශේෂයෙන් ස්තූතියි. එහෙනම් මම යනවා තව උපසිරසියකින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන්. ජය ශ්‍රී………

අද කතාවේ නම :- You Get What You Need
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 අප්‍රේල් 02
IMDb අගය මේ කොටසට :- 9.5 Rating 
ඊලග කොටස :- 2019

ප.ලි.
දෙවනි කතා සමයේ පලවෙනි එපිසෝඩ් එකේ photo එකක් නිකුත් වෙලා තියෙනවා. ඒක තමයි මේ පහලින් පල කරලා තියෙන්නේ.

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 Torrents Download

| Bluray | 720p | MkvCage | 3.3GB | Complete S01|

Direct Download

| Bluray | 720p | MkvCage | 530MB |

 

| Bluray | MkvCage | 720p | 3.3GB | Complete S01|

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *