කට්ටියම පුන පුනා බලාසිටි, අති ශ්‍රේෂ්ඨ මුදල් කොල්ලයක අවසාන කොටස සමඟයි අද එකතුවෙන්නේ. කතා සමයන් දෙකකදී, කොටස් 22ක් පුරා ගලා ගිය, මුදල් කොල්ලයක් පිලිබඳව මෙතෙක් විකාශනය වූ අති දැවැන්ත තීක්ෂණ සැලසුමක් රැගත් ටෙලි කතාමාලාවක් නරඹලා හැමෝටම මහන්සිත් ඇතිනේ?
ආහ් මට වැරදුනා වගේද.. නෑ නෑ කාටවත් මහන්සි නැහැ. මේක එක හුස්මට බලන්න පුලුවන් කතාමාලාවක්. දෙවන සමය ටිකක් පමා වෙලා ගෙනාවත්, එක දිගටම ඔයාලට සමීප කරන්න රවිඳු මලයා, කවිෂාල් මලයා වගේම උදයංග සහෝදරයත් කල උදව් මේ වෙලාවේ අමතක නොකර බැහැ. ඒවගේම සමීර කරුණාරත්න සහෝදරයාවත් මේ වෙලාවේ මතක් නොකලොත් ලොකු අඩුපාඩුවක් වෙයි. ස්තූති කතාව එලෙස වෙද්දී, මෙතෙක් කතාව පැත්තට හැරෙන්න දැන් හොදම වෙලාව කියලා හිතනවා.
පසුගිය කොටසින්
ටෝකියෝගේ නැවත ආගමනය කෙනෙකුට සතුටකුත්, තවත් කෙනෙකුට දුකකුත් එක් කලා ඔබට අමතක නැතුව ඇති. මොස්කව් ටෝකියෝව ආවරණය කිරීමට ගොස් තම දිවියෙන් වන්දි ගෙවූ ආකාරය මංකොල්ලකරුවන්ව මෙන් ඔබවත් බෙහෙවින් සංවේදී කලා විය යුතුයි. ටෝකියෝගේ වචනයෙන් කියනවානම් එකම වෙලාවකදී ජීවිතයෙන් ගැලවීමේ මාර්ගයත්, මංකොල්ලයෙන් ගැලවීමේ මාර්ගයත් විවර වුනා ඔබට මතක ඇති. සියල්ලන්ටම නැවත හුස්ම පොදක් ලැබුනේ ප්‍රොෆෙසර්ගේ මුහුන උමඟ තුලින් දුටුවායින් අනතුරුවයි.
බැංකුව තුල කරුනු කාරණා එලෙස වෙද්දී, පරීක්ෂකතුමියත් බරටම වැඩ අල්ලලා තිබුනා ඔයාලට මතක ඇති. එනම් ආදර හමුව දවසේ, ප්‍රොෆෙසර් ඇයව හමුවන්නට රෙස්ටුරන්ට් එකට පැමිනි මාර්ගය CCTV දර්ශන ඔස්සේ පියවරෙන් පිටවරට ලුහුබඳින්න ඇය වඩා දක්ෂ වූවා ඔබට මතක ඇති. එසේ ප්‍රොෆෙසර් සිටිනා ස්ථානය සොයාගත් ඇයට මුහුන දෙන්නට වූයේ ඇය කිසිසේත් අපේක්ෂා නොකල අවස්ථාවකටයි. ප්‍රොෆෙසර්ගේ පාපොච්චාරණය හමුවේ ඇයගේ සිතුවිලි පාලනය කරන්නට මේ වන විට ඔහු සමත්. නමුත් අපි බලමු අවසානයට රැකල් කාගේ පාර්ශ්වය නියෝජනය කරාවිද කියා !
ඒ අතර වාරයේ ඒන්ජල් රූබියෝ, කෝමා තත්වයෙන් අවදිව රැකල් හට අමතනවා, නමුත් රැකල්ගේ දුරකථනය ටැප් කර තිබෙන නිසාවෙන් ඇය ප්‍රොෆෙසර්ගේ මෙහෙයුම් ස්ථානය තවදුරටත් රහසක් හැටියට තබාගන්නට සැරසෙන්නේ ඇය ප්‍රොෆෙසර් හට සැබෑවට ආදරය කරන නිසාවෙන්ද? නැතිනම් ප්‍රොෆෙසර්ගේ අවසානය රැකල් අතින්ම සිදු කර තමාට වූ ගැරහුම් වල පලිය ගන්නටද? මේ පිලිබඳව තීරණයක් ගන්න නම් ඔබට කතා මාලාව අවසන් වෙනකම්ම නරඹන්නට වේවි.
අද කොටසින්
යූරෝ බිලියන 2.4ක්, දින 10-12 ක කාලයක් රෝයල් මින්ට් තුල රැඳීසිටින්නට පැමිනි මංකොල්ලකරුවන් මේ වන විට පැය 125ක් ගෙවා දමා අවසන්. යූරෝ බිලියනයක මුදල් ප්‍රමානයක්ද මුද්‍රනය කර අවසන්. පසුගිය දින කිහිපයේ සිදුවූ හැලහැප්පීම් නිසාවෙන් මේ වනවිට මංකොල්ලකරුවන් හට බැංකුවෙන් ඉවත්වී යාමට සිදුවී ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ. ඒ පලායෑම කෙසේවේවිද? සුපුරුදු පරිදි පොලීසිය නොමඟ යැවීමට මංකොල්ලකරුවන් සමත් වේවිද? නැතිනම් මේ ඔවුන්ගේ අවසානයද?
අද අවසන් කොටස දවසේ, ඔයාලා මංකොල්ලකරුවන්ගේ පැත්තේද? නැතිනම් පොලීසිය පැත්තේද? මම නම් මරාගෙන මැරුණත්, ආරම්භයේ පටන් තවමත් මංකොල්ලකරුවන් සමඟයි. ඔයාලට මතක ඇති මම පළමු කතා මාලාවේදීම කිව්වා මේ කොල්ලයේ සැලසුම ප්‍රොෆෙසර්ගේ නොවන වග, අද එය පසක්වන දවසක්, එමෙන්ම බර්ලින් හා ප්‍රොෆෙසර් අතර තිබූ රහසක් අද ඔයාලට දැන ගන්නට පුලුවන් වේවි !
විටක ඔබට බර්ලින් පිලිබඳව දැඩි වෛරයක් ඇතිවුනා නේද? නමුත් අද කොටස නරඹන ඔබට නෙතට කඳුලක් එක් කරන්නට තරම් බර්ලින්ගේ චරිතය විකසන වනවා. සියල්ල මනා පාලනයක් ඇතිව පවත්වාගෙන යන්නට නයිරෝබි දුන්න සහය අදත් ඔයාලට දැක ගන්නට පුලුවන් වේවි. ඩෙන්වර්, ටෝකියෝ, රියෝ හා මොනිකා සුපිරිම සංග්‍රාමයකට එක්වනවා. මෙතෙක් නොදැකපු සුපිරිම සංග්‍රාමයක් කිව්වොත් මා නිවැරදියි…? බැංකුව තුල කරුනු එලෙස වෙද්දී කර්නල් සූදානම් මංකොල්ලකරුවන් ව දෙපැත්තකින්ම කොටු කරගන්නයි. ඒ සඳහා මේවන විට කාණුව හරහා බැංකුවට බට කණ්ඩායමක් ඇතුලුවී අවසන්. ඉහලින් අනිත් බට පිරිස ඇතුලුවන්නට නියමිතයි. අද කුමකින් කුමක්වේවිද කියා ඔබට වෙලාවකට සිතන්නවත් බැරිවේවි !!! පසුගිය කොටස අවසානයේ ප්‍රොෆෙසර්ගේ පාපොච්චාරණය හමුවේත්, ඔහුට ඇති ආදරය නිසාවෙනුත් සැලී ගිය රැකල්, ඒන්ජල්ව මුණගැහෙන්නට රෝහලට යනවා, නමුත් ඇයව නොසිතූ කරදර ගොඩක පැටලෙන්නට නියමිතයි. ඒන්ජල් ප්‍රොෆෙසර් සිටිනා තැන කර්නල්ට පවසාවිද? නැතිනම් රැකල් පවසාවිද? මංකොල්ලකරුවන් පැනයාමට මත්තෙන් ඒන්ජල් හා රූබියෝ නැතිවුන කීර්තිනාමය රැක ගැනීමේ අදිටනින්, ප්‍රොෆෙසර් ප්රමුඛ මංකොල්ලකරුවන් කණ්ඩායම කොටුකර ගනීවිද?
මම ඒ ගැන කියලා, ඔයාලගේ කුතුහලය නැති කරන්න සූදානම් නැහැ. එහෙනම් පහලින් බාගෙනම රස විඳින්නකෝ. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා වලට පහළ ඕනි තරම් ඉඩ තියෙනවා !!! ? මෙච්චර දවසක් අදහස් පලකරලා දිරිමත් කල සැමට තුති. තෙවන කතා සමයක් ගැන නොයෙක් තැන් වල පලවුනත්, තවම නම් එය ස්ථීර කරලා නැහැ. එතකම් තවත් කතා මාලාවක් සමඟ නැවත හමුවනතුරු, ගිහින් එන්නම්.? ජය !!! ?✌
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x265 | 720p | 5GB | S01-S02
2 thoughts on “Money Heist aka La casa de papel [S02 : E09] | අගස්ටින් රෝමාස් …”
winadi 100ta wedi epi mama bala thisenne. ekata sub galapala denna puluwanda
Torrent eken download karaddi season 2 ekata thiyenne episode 6k witharaine?..seson 2 episode gana kiyada?