MENU

Arrow [S07 : E01] | 4587 රැදවියා.

ඇරෝ හයවන කතාමාලාව ආරම්භ වූයේ ලියැන් යූ විනාශයෙන් පසුවයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද වෙනවා. කෙසේ හෝ කලකට පසුව මෙවර කතාමාලාව වෙනස්ම මුහුණුවරක් ගන්නවා ඒ එම සතුරා දුනුවායෙක්, මායා බල ඇත්තෙක් හෝ සුපිරි ශක්තියක් සහිත අයෙකු නොවෙන නිසා. ඔහු එක් සාමාන්‍ය පරිගණක හැකර්වරයෙක්. ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියන ජායාරුපයක් මාධ්‍යවලට නිකුත් වීමත් සමග හැමෝගෙම සැකය ඔහු වෙත එල්ලවෙනවා. FBI ආයතනයෙ පවා. ඉතින් ඒ නිසාම ඔලිවර් ග්‍රීන් ඇරෝ වීමේ වගකීම ජෝන්ට පවරනවා.

කෙසේ හෝ මේ හැකර්වරයා සමග සටන් කිරීමේදී දැනගැනීමට ලැබෙන කරුණනම් ඔහු ඇනටෝලි කන්යාසෙව්, බ්ලැක් සයිරන්, රිකාඩො ඩියෑස් සහ විජලාන්ටි සමග එක්ව සිය කාර්ය සිදු කරන බවයි. මේ නිසාම ඔහුව නැවත්වීම ඔලිවර් ඇතුළු කණ්ඩායමට තරමක් අපහසු වෙනවා. ඔලිවර්ගෙ කණ්ඩායම පවා දෙකඩ වී යනවා. කෙසේ හෝ ඔහුව නැවත්වීමට ඔලිවර් සමත් උනත් අවසානයේ දැනගන්නට ලැබෙනවා මුල සිටම එම සියලු සැලසුම් වෙනත් පුද්ගලයකුගේ බව. ඉතින් ඒ අනුව තමයි රිකාඩෝ ඩියෑස් කරළියට එන්නේ.

රිකාඩෝ ඩියෑස් හෙවත් මකරා තම කාර්යයන් සිදු කරන්නෙ ඉතාමත් සුක්ෂමව මන්දගාමීව වීම විශේෂත්වයක්.ඔහු ඔලිවර් ගැන පූර්ණ සත්‍යය දැන සිටියත් එකවර ඔහුට පහරදීමේ ප්‍රයත්නයක් දරන්නේ නෑ. ඩියෑස්ගෙ අභිප්‍රාය වූයේ ඔලිවර් සතු කිර්තිය නගරාධිපති තනතුරු ආදී සියල්ල අහිමි කර ඔහුව සිරගත කරවීමයි. කෙසේ හෝ ඔහු තම සැලසුම් සාර්ථක කරගැනීමේ ආසන්නයටම ළගා වී සිටියදී ජෝන්ගේ උපායත් ලෝරල්ගෙ සාක්ෂියත් නිසා එම සැලසුම් ව්‍යර්ථ වී යනවා. ඉතින් ඒ නිසාම කෝපයට පත්වන ඩියෑස් ඔලිවර් සහ ඔහුට සමීප සෑම අයෙක්වම ඝාතනය කර දැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

ඉතින් ඔලිවර් තීරණය කරනවා ඩියෑස් එක්ක හැප්පෙන්න වෙනත් පාර්ශවයක උදව් උපකාර ලබාගන්න. ඒ අනුව තමයි ඔලිවර් FBI නියෝජිත සමන්දා වොට්සන් වෙත යන්නෙ. ඉතින් FBI සහයද ඇතුව ඔලිවර්ට හැකියාව ලැබෙනවා ඩියැස්ගෙ සංවිධානය විනාශ කර දමන්නට.. නමුත් රිකාඩෝ ඩියෑස්නම් කොහොමින්හරි බේරිලා පැනගන්නවා.. ඉතින් නගරය බේරගන්න එකට ඔලිවර්ට මේ පාර වන්දි ගෙවන්නට සිද්දවුනේ තමන්ගෙ ජිවිතයෙන්.. ඔහු ග්‍රීන් ඇරෝ බව පිළි අරගෙන ස්ව කැමැත්තෙන්ම සිරගත වෙනවා… ඉතින් ඒක ග්‍රීන් ඇරෝගෙ අවසානයද කියලත් හිතුනා..

නමුත් මේ හත්වන කතාමාලාව නිසා අපට කියන්නට පුළුවන් එය ඔලිවර් ක්වින්ගෙ ජිවිතයේ සහ ග්‍රීන් ඇරෝගෙ අවසානය නොවන වග.. ඔලිවර් බන්ධනාගාරය තුළ ගත කරන්නේ ඉතාමත් අසීරු ජිවිතයක්.. ඒකට හේතුව වෙන්නෙ ඉතින් ග්‍රීන් ඇරෝට එතන සෑහෙන්න හතුරෝ පිරිසක් ඉන්න එක.. ඒ හැම කෙනාම වාගේ බලන් ඉන්නෙ ලෙයින් පළිගන්නයි. බන්ධනාගාරය තුළ කලින් කතාමාලාවන්හි දැකලා තියෙන චරිත කීපයක්ම දක්නට ලැබෙනවා.. ඒ අතර ඩැනී බ්‍රික්වෙල්, බෙන් ටර්නර් වැනි අය ඉන්නවා..

ඉතින් ඔලිවර් හිරේ ගියාට පස්සේ නගරයේ අපරාධ වැඩි වෙලා වගේ තමා පේන්නේ. පොලිසිය කොච්චර වෙහෙස මහන්සි උනත් පලක් වෙලා නැති පාටයි. මිනිස්සු හරිම බයෙන් ජිවත් වෙන්නෙ. ඒ නිසාමද මන්දා අලුත් ග්‍රීන් ඇරෝ කෙනෙක් මතුවෙලා තියෙනවා. මේ ඇරෝව දැක්කම මතක් උනේ ඇරෝ පළමු සහ දෙවැනි කතාමාලාවන්වල හිටිය ඇරෝව.. මං එහෙම කිව්වේ ඇයිද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ එහෙනම්. ඒ වගේම තමා ඇරෝ කණ්ඩායම වෙන්වෙලා ගිහින් තම තමන්ගේ ලෝකවල වෙනමම ජිවිත ගත කරනවා. ඒ වගේම රිකාඩෝ ඩියැස් තාමනිදැල්ලේ..

එහෙනම් මං මීට වඩා දෙයක් කියන්න යන්නේ නෑ.. ඒ වගේම තව දෙයක් විශේෂයෙන් කියන්ඩ ඕනා.. මං මේ කතාමාලාව බාරගත්තේ බොහොම වැඩ රාජකාරි මධ්‍යයේ හසන්ත මහතාගේ දැඩි මරණ තර්ජන හමුවේ ඔන්න.. ඒ නිසා ඉස්සරහට උපසිරැසිය දවසක් දෙකක් පමා වෙන්න ඉඩ තියෙනවා. එහෙම දෙයක් උනොත් කට්ටියට තියෙන්නේ හසන්ත මහතා සම්බන්ධ කරගන්න. මොකද මේ පාර කතාවේ පූර්ණ වගකීම තියෙන්නේ ඔහු අතේ..

ප.ලි- ඒ වගේම කට්ටිය දන්නවත් ඇති DC යුනිවර්ස් එකට අලුත්ම කතාවක් එකතු උනා TITANS කියලා.. නෑ නෑ CW එකක් නෙවේ හොදේ.. ඉතින් ක්‍රියාදාමවලට කැමති ඔබ සැමට ආරාධනා කරනවා ඒ කතාමාලාව සමගත් එකතු වෙන්න කියලා. වගකීමෙන් යුතුව කියනවා ඒකනම් බැලුවට පාඩුවක් වෙන එකක් නෑ කියලා. එහෙනම් මං මෙතනින් නවතිනවා.. ඔබ සැමට ජයෙන් ජය.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 293MB |  

Direct Download

| HDTV | x264 | 480p | 168MB |

  

| HDTV | x264 | SVA | 293MB |

| HDTV | x264 | 720p | 1GB |

| HDTV | x265 | 720p | 236MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Arrow [S07 : E01] | 4587 රැදවියා.

  • Thnx eeeye ra idn mka dnkn iwasillk ntwa htye

    Reply
  • enakam balan idapu tv series ekak.ela

    Reply
  • Shakila dilshan

    Gdk dawsan balan hitapu ekk thank bro ikmamanta sub eka dann

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *