MENU

Blindspot [S04 : E01] තවත් රැවටීම් ආයි ආයෙත්…

කොහොමද හැමෝටම? මම අද අරන් ආවේ ටික දෙනෙක් මග බලාගෙන හිටපු තවත් කතා මාලවක හතරවන කතා සමය අරගෙන. ඉතින් මේක නම් ඇත්තටම මම කරන්න හිටපු එකක් නම් නෙමෙයි. මේකේ පලවෙනි කොටස ඒ කියන්නේ මේක ටෙලිකාස්ට් වෙලා දවස් තුන හතරක් යනකුනුත් කවුරුත් දෙන පාටක් තිබ්බේ නෑ. මම ඇත්තටම මේකේ බලලා තියෙන්නේ පලවෙනි කතා සමය විතරයි, ඒත් මම දන්නව මේක ඇවිල්ලා හොද සුපිරි කතාවක් කියලා. ඉතින් ඒ හිනදම නිකමට මම මේක කරන්නද කියලා ඇහුවා අපේ ඇඩ්මින් අයියලාගෙන්, ඉතින් මම කීයටවත් හිතුවේ නෑ. මට මේක කරන්න කියයි කියල. (එක අතකින් ඉතින් මේක කොටි වලිගේ අල්ලගත්තා වගේ වැඩක් තමා.) කොහොමහරි මට මේක කරන්න කියලා අවසර දුන්න අපේ විමා අයියට ස්තූති වන්ත වෙනව. ඒ වගෙම මෙකේ කලින් කතා සමයන් තුනේ උපසිරසි කරපු හැම සහෝදරයෙක්මත් මතක් කරන එක යුතුකමක්. කිව්වා වගේම මේක මම බලලා තියෙන්නේ පලවෙනි කතා සමය විතරයි. ඉතින් මම මගේ උපරිමය මේකට යොදවලා සබ් එක කරලා තියෙනව, ඉතින් වැරද්දක් තිබ්බොත් සමාවෙන්න ඕන,

හරි කලින් කතා සමයන් වල සමරියක් දෙන්න පුලුවන් කමක් තිබ්බ නම් හොදයි කියලා හිතෙනව ඒත් කණගාටුවෙන් වුනත් ඒක කරන්න හැකියාවක් මට නැ, ඉතින් ඒ ගැනත් සමාවෙන්න ඕන, මම අද කොටස ගැන විතරක් පොඩ්ඩක් විස්තරයක් කරන්නම්. ඉස්සරහට අපි පොඩ්ඩක් ලොකුවට කතා කරමුකෝ. අද කොටසින් දැකගන්න පුලුවන් ජේන් සහ එයාගේ යාලුවන් ජපානෙට ගිහින් රෝමන්ගේ හතරවෙනි දත්ත සංචිතය ගන්න ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම වෙලර්ගේ තත්වේ මොකද කියලත් බලාගන්න පුලුවන්, අනික ජේන් එහෙමත් නැත්තම් රෙමීගේ අමතක වීමේ බෙහෙත නිසා වෙන අකරතැබ්බයන් වගේම මේ කොටසෙන් රෙමිගේ සැන්ඩ්ස්ටෝම් කණ්ඩායම අඩියටම වැටෙන ආකරයත් බලාගන්න පුලුවන්, ඒත් තාමත් ද්‍රෝහියෙක් එෆ්බීඅයි එකේම ඉන්නව කියල නොදැන වැඩ කරගෙන යන ෆෙඩ්ලට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද ඒ ඔක්කම බලාගන්න අද කොටස බලන්නම වෙනව, අද කොටස ඇවිල්ලා ලොකු දෙයක ආරම්භය සනිටුවහන් කරන කතාංගය්ක් කියලා කියන්න පුලුවන්. එහෙනම් වැඩි කතා ඕන නෑ අරගෙනම බලන්නකෝ පරක්කුත් වෙලා තියෙන එකේ. ආපහු සැරයක් ලොකු විස්තර කිරීමක් නැති එකට සමාවෙන්න ඕන එහෙනම්.

තව දෙයක් කියන්න ඕන, මම මේක භාරගත්තට මේකේ එපිය එන දවසෙම නම් දෙන්න වෙන එකක් නෑ කියලා කියන්න වෙනව. මොකද මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තියෙන නිසා. (ලබන අවුරුද්දේ ඒ ලෙවෙල් නේ ඒකයි.) ඒ හින්දා දවස් දෙක තුනක් පරක්කු වෙයි ඉතින් ඒකට කමක් නෑ කියලා හිතනව. පුලුවන් ඉක්මනට දෙන්න බලනව. හැබයි කොහොමහරි දෙනව කියලා මම පොරොන්දු වෙනව. එහෙනම් ඊලග කොටසින් නැවත හමුවෙමු.

අද කතාවේ නම : Hella Duplicitous
අධ්‍යක්ෂණය : Martin Gero
රචනය : Martin Gero (created by), Rachel Caris Love
IMDb අගය මෙම කොටසට : 7.7
විකාශය කලේ : 12 October 2018
ධාවන කාලය : 42M
ඊලග කොටස : My Art Project in 19 October 2018

දුර සිටින සතුරට වඩා ළග සිටින මිතුරා භයානකයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 30MB |

Direct Download

| HDTV | x264 | SVA | 300MB |

    

| HDTV | x264 | 480p | 170MB |

    

| HDTV | x265 | 720p | 200MB |

    

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *