ඔන්න ඉතිං අපි ඩෙයාඩෙවිල් අවසන් කොටස එක්ක තමයි මේ එක්කාසු වෙලා ඉන්නෙ. ඉතිං මේ වෙනකොටත් ඔයාලා දන්නවා මෙවර කතා මාලාව කා වටාද ගෙතුනෙ කියලා. ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ ඒ විල්සන් ෆිස්ක්. ඉතිං මේ විදිහට විල්සන් ෆිස්ක් ආපහු සැරයක් තමන්ගෙ නිදහස උපය ගන්නෙ FBI එක තමන්ගෙ උදව් කාරයො බවට පත් කරගනිමින්. මුලින්ම ඔත්තුකාරයෙක් විදිහට උදව් කරන බව පෙන්නලා ෆිස්ක් කොහොම හරි තමන් හිටිය හිරගෙදරින් එළියට ඇවිත් තමන්ට අයිති හෝටලයකට රැගෙන එන්න සලස්වනවා. ඒක තමයි ඩෙයාඩෙවිල් තැනකදි කියන්නෙ “ඔහේ මිනිහව හෝටලේටත් ගෙනත් මිනිහගෙ සෙල්ලම් බඩු ටිකත් අතටම දුන්නා කියලා”. ඇත්තටම FBI එක මුලින් තමන්ව විල්සන් ෆිස්ක් විසින් පාවිච්චි කරන විත්තිය නොදැන කටයුතු කලත් පස්සෙ ඒ බව දැන දැනත් ෆිස්ක්ට උදව් කරන තැනට ඔවුන්ව ෆිස්ක් පත් කරනවා. ඔය අතරෙ තමයි ආපහු වැනේසව කතාවට ඇදිලා එන්නෙ. අන්තිම කොටසින් ඔයාලට ආපහු වැනේසව දැක ගන්න පුළුවන්.
ඒ වගේම මෙවර කතා ගොඩක් විශේෂයි කියන්න පුළුවන්. මොකද මෙවර කතා මාලාවට අපිට කොමික් වලදි හම්බවෙන තවත් ඩෙයාඩෙවිල්ගෙ හතුරෙක්ව හදුන්වලා දුන්නා. ඒ තමයි “බුල්ස් අයි”. කතාව ඇතුලෙ මේ නම පාවිච්චි නොවුනත් නියෝජිත පොයින්ඩෙක්ස්ටර් තමයි බුල්ස් අයි බවට පත්වෙන්නෙ. ඒකට බොහෝමයක් ඉඟි මේ වෙනකොටත් දීලා ඉවරයි. ඔයාලට දකින්න ලැබුනනෙ පොයින්ඩෙක්සර් ඩෙයාඩෙවිල්ගෙ ඇදුම ඇදගෙන ඇත්තම ඩෙයාඩෙවිල්ගෙ නමට කැලලක් වෙන විදිහට ෆිස්ක්ගෙ කීමට මිනි මරන්න පටන් ගත්තා. ඒ වගේම මේක නෙවෙයි බුල්ස් අයි වෙන කෙනෙක් වගේ පෙනී හිටිය. කොමික් වලදි නම් බුල්ස් අයි, හොව්ක් අයි විදිහට ක්‍රියා කලා කියලත් සඳහන් වෙනවා.
බුල්ස් අයි එහෙමත් නැත්නම් බෙන්ජමින් පොයින්ඩෙක්සටර් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම හොඳ ඉලක්කයක් තිබුන කෙනෙක්. මෙයාට මේ හැකියාවෙන් ඕනම දෙයක් නිවැරදි ඉලක්කයට මාරාන්තික තුවාල වෙන අයුරින් විසි කිරීමෙ හැකියාව තියෙනවා. ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ කතාව තුලදි ඒක බොහොම හොදින් පෙන්නලා දුන්නනෙ. ඉතිං මෙච්චරයි කියන්න තියෙන්නෙ කාලෙකින් ආව හොදම මට්ටමේ කොමික් බේස් සීරීස් එකක්. ඒක තහවුරුයි. ඒ වගේම තව විශේෂ දෙයක් ඔයාලා දකින්න ඇති, ඒ තමයි වෙනදට කලු ඇදුමින් සැරසෙන විල්සන් ෆිස්ක් මේ වතාවෙ තනිකරම සුදු ඇදුමින් සැරසිලා හිටියෙ. මේ තමයි ෆිස්ක්ගෙ සැබෑ ස්වරූපය, ඒ කියන්නෙ කොමික් වලදි ෆිස්ක්ව හදුන්වන්නෙ කින්ග් පින්ග් කියලා, මෙයා අදින්නෙ සුදු ඇදුම්. ඉතිං මේ සමයෙ අපිට කින්ග් පින්ග් කියන නම කෙලින්ම අහන්න ලැබුනා. ඇත්තටම දෙවනි කතා සමය එක්ක බලද්දි ඊට වඩා සෑහෙන ඉහල මට්ටමේ කතාවක් අපිට රසවිදින්න ලැබුනා කියන කාරණයට හැමෝම එකඟවෙයි කියලා හිතනවා.
අන්තිම කොටසෙදි ප්‍රේක්ෂකයින්ට ඩෙයාඩෙවිල් ඉදිරි සීසන් එකක් ගැන ලාවට ඉගියක් දීලා යන්නෙ. හැබැයි නෙට්ෆ්ලික්ස් ආයතන මගින් අයන් ෆිස්ට්, ලූක් කේජ් සහා ඩිෆෙන්ඩර්ස් කතා මාලා තුන මේ වෙනකොටත් කැන්සල් කරලා හමාරයි. දැන් ඉතුරුවෙලා තියෙන්නෙ ඩෙයාඩෙවිල් සහා පනිෂර් කියන මාවල් කතා දෙක. ඉතිං ඩෙයාඩෙවිල් කැන්සල් කරනව කියන එක පිළිබඳව නම් තාම ආරංචියක් නෑ. කොහොම වුනත් පනිෂර් දෙවනි සීසන් එක එන්න නියමිතයි.
දුකට කාරණේ ඇවිත් කොච්චර හොඳ දෙයක් දුන්නත් අපේ අයට වැඩක් නෑ අර CW ඇරෝවර්ස් එක තරම්. ඩෙයාඩෙවිල් එක්ක බැලුවාම ඇරෝවර්ස් එක කියන්නෙ මෙලෝම රහක් නැති සීරීස් සෙට් එකක්. ඒකට වැටෙන ඩවුන්ලෝඩ් කමෙන්ට් මේ වගේ කොමික් බේස් වෙච්ච හොදම මට්ටමේ කතා වලට නොවැටෙන එක දුකයි. එහෙනම් මම ගිහින් එන්නම්.
#Hail Marvel !
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB-DL | x264 | STRiFE | 400MB |
| WEB-DL | x264 | 480p | 1.7GB | Complete S03 |
| WEB-DL | x265 | 720p | 3.4GB | Complete S03 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
3 thoughts on “Marvels Daredevil [S03 : E13] | ඩෙයාඩෙවිල් vs කින්ග් පින්ග් vs බුල්ස් අයි…”
Daredevil season 3 eke link update karala Denna puluwanda.
Season 3 eke link update karala denna puluwanda?
daredevil season3 eke link tika update karala dennako