බයිස්කෝප් අඩවියට ගොඩවදින සෑහෙන දෙනෙක් කැමති ෆිල්ම් සෙට් එකක් තමයි මායාව මුලික කරගත්ත හැරී පොටර් යුනිවර්ස් එක. මේ හරිම අපුරු සිනමාපටයත් අන්න ඒ ජාතියේ මායාවන් සම්බන්ධව ගෙතුණු කතාවක් අඩංගු සිනමාපටයක්. මේකට පාදක වෙන්නේ මේ නමින්ම 1973 වසරේදී John Bellairs විසින් රචනා කරන ලද කෘතියක්.මේ කෘතියේ තවත් කොටස් කිහිපයක්ම තියෙනව. ලුවිස් බානවෙල්ට් නවකතා මාලාව කියල තමයි ඒ කතා පෙළ හඳුන්වන්නෙ.
imdb 6.2ක අගයක් ලැබුන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Cabin Fever(2002), Hostel (2005), The Green Inferno (2013), Death Wish (2018) වගේ සිනමාපට සදහා දායක වුණ Eli Roth. මිනිහගේ පලවෙනි PG13 එහෙම නැත්නම් පවුලේ සැමට වැඩේ වගේම පලවෙනි ගොතික් ෆිල්ම් එක වෙන්නෙත් මේක කියල තමයි imdb එකේ සදහන් වෙන්නේ. නළු නිලියන් ලෙස Jack Black, Cate Blanchett, Owen Vaccaro, Kyle MacLachlan,Renée Elise Goldsberry, Lorenza Izzo. කුණු තක්කාලි අඩවියෙන් 66%ක අගයකුත්, ගුගල් පරිශීලකයින්ගෙන් 86%ක කැමැත්තකුත් මේ සඳහා ලැබෙනකොට බොක්ස් ඔෆිස් සාර්ථක වෙමින් මිලියන 42ක් වියදම් කරවමින් ඩොලර් මිලියන 130ක පමණ ආදායමක් ලබනවා. නමුත් දිගුවක් ලෙස ඉදිරියට තව ෆිල්ම් ඒදැයි දැන්ම කියන්න කල් වැඩියි මම හිතන්නේ. එහෙනම් කතාව දිහාවට හැරෙමු.
” ලුවිස් බානවෙල්ට් කියන්නේ තමන්ගේ අම්ම තාත්ත දෙන්නම අහිමිවෙච්ච කුඩා දරුවෙක්. මේ දරුවාගේ මාමා එහෙමත් නැත්නම් අම්මගේ සහෝදරයා, ලුවිස්ට දවසක් බස් ටිකට් එකක් එවනව ලියමනක් එක්ක. දැන් ඔයාගේ පවුලේ කවුරුත් නැති නිසා මාමා වෙන මම ඔයාව බලාගන්නම් එන්න අපිත් එක්ක ජිවත් වෙන්න කියල. ඉතිං මේ ලියමන අනුව ලුවිස් එනවා ඇවිල්ල බලනකොට තමන්ගේ මාමා ජිවත් වෙන්නේ හොල්මන් මන්දිරයක් වගේ ලොකුම ලොකු ගෙදරක. ගේ ඇතුලට ගිහින් බලනකොට ගේ පුරාම තියෙන්නේ අමුතු ජාතියේ බඩු, ඒ විතරක් නම් මදැයි ගේ පුරාම ඔරලෝසු පිරිලා. එකම එක නීතියයි තියෙන්නේ මේ ගෙදර. ඒ තමා එක විශේෂ කබඩ් එකක් ලඟට යන්නවත් එපා කියන එක.. මේක ඇවිල්ල කබඩ් එකක් ඇරියම වෙනම ලෝකයකට යන ජාතියේ එකක් නම් නෙමේ, නානියා වගේ. වෙනම ජාතියක හරි අපුරු කතාවක්. ඉතිං මොකක්ද මේ වෙන්න යන්නේ පුංචි ලුවිස්ට? ” කතාව බලන එක ඔයාලට බාරයි එහෙනම්. අහ්හ් තව මේකේ පොස්ට් ක්‍රෙඩිට් සීන් තියෙනව ඒවත් බලන්න
ඔන්න මේකත් ඉතිං බයිස්කෝප් රසික හිතවතුන් Padman 2018 ජන්ද විමසීමෙන් පස්සේ මා කෙරෙහි දෙවැනි වරටත් තිබ්බ විස්වාශය රකින බවට සහතිකයි මේ ලබා දෙන්නේ. මම එහෙම කියන්නේ ප්‍රේක්ෂක මනාපයෙන් මාසයකට වතාවක් පවත්වන ජන්ද විමසීමෙන් ලද ජයක ප්‍රතිපලයක් තමයි මේක. සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 21 වෙනකම් තිබ්බ ජන්දයේ ප්‍රථිපලය තමා මේ. එහෙනම් මා වෙනුවෙන් මනාපය ප්‍රකාශ කරපු හැමෝටම ස්තුතියි. ඒ වගේම ෆිල්ම් එකේ හොඳ කොපියක් නිකුත් වෙලා දවසක් යන්නත් කලින් සබ් එක දෙන්නත් ඉඩ ලැබුනා වාසනාවට. ළඟදීම තවත් උපසිරසියකින් මුණගැහෙමු එහෙනම් හැමෝටම ජය
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| Bluray | x264 | 720p | 850MB |
Direct Download
| Bluray | x264 | 480p | 350MB |
| Bluray | x264 | 720p | 890MB | YTS |
| Bluray | x264 | 720p | 750MB |
| Bluray | x265 | 720p | 410MB |
| Bluray | x265 | 1080p | 1.4GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
5 thoughts on “The House with a Clock in Its Walls (2018) | මායා ලෝකයකට පිවිසෙන්න ඇරයුම්! [ Bluray පිටපත් යාවත්කාලීන කර ඇත ]”
තව අඩු සයිස් වල එව්වත් දාන්න
Size aka adu copyth dannawada?
video eka qulty eth audio hari na bn meke
Subtitles Download wenne ne ni
Maru tnx …