ඔන්න යාළුවනේ, පැය පහ හයක් කී බෝඩ් එකත් එක්ක ඔට්ටු වෙලා, අද උපසිරැසියත් ගෙනාවා. පහුගිය කොටස්වලදි දැම්ම කමෙන්ටුවලට බොහොම ස්තූතියි. මේ සීසන් එකටත්, ඔයාලා කලින් එකට වගේම කැමති වෙයි කියලා හිතනවා.
පසුගිය කොටසින්…
තමන්ට වුනු අපහාසය නිසා කේන්තියෙන් ඉන්න ගිස්බන්, මැරියන්ගේ ගෙදර ගිනි තියලා, මැරියන්වයි, සර් එඩ්වඩ්වයි මාලිගාවට ගෙනියනවා. දැන් එයාලා දෙන්නම ඉන්නේ, ෂෙරිෆ්ගේ මාලිගාවේ එක විදියක හිරකාරයෝ විදියට. ඒ වගේම ෂෙරිෆ්ගේ දක්ෂ සහෝදරියත් නොටින්හැම් මාලිගාවට එනවා. එයාගේ උපක්‍රමයකට අහුවෙන රොබින්, මාලිගාවෙදි භයානක මරණයකට මුහුණ දෙන්න ගිහින්, අනූනවයෙන් බේරෙන්නේ. ඒ උත්සාහයේදි ෂෙරිෆ්ගේ සහෝදරිය මිය යන්නේ, තවත් රහසක් හෙළි කරමින්. ඒ, ෂෙරිෆ් අස්වාභාවික විදියකට මැරුනොත්, ජෝන් කුමාරයාගේ පිරිස මුළු නොටින්හැම් පළාතම විනාස කරන බවට, එයාලා කතා කරගත්ත ගිවිසුමක් තියෙන බවයි. මේ අතරේ ගිස්බන්ට අහුවෙන ඇලනඩේල්ට නිදහස් වෙලා එන්න ලැබෙන්නේ එක පොරොන්දුවක් පිටයි. ඒ රොබින් ගැන තොරතුරු, ගිස්බන්ට දෙන බවට පොරොන්දු වෙලා. ඉතින් දැන් රොබින්ගේ කඳවුරේ ගිස්බන්ගේ ඔත්තුකාරයෙකුත් ඉන්නවා. ඒ වගේම මේ රොබින්හුඩ් දෙවනි කතා සමය ගලා යන්නේ, ෂෙරිෆ් ඇතුළු කළු නයිට්වරු නමැති පිරිස, රිචඩ් රජුව ඝාතනය කරන්න හදන විවිධ සැලසුම් එක්කයි.
මෙවර කොටසින්…
අද ෂෙරිෆ් බලාපොරොත්තු වෙන්නේ, ජර්මනියෙන් එන සල්ලිකාර සිටුවරයෙක්ව. මේ සිටුවරයා සූදු කෙළියට හුඟක් කැමතියි කියලා දන්න ෂෙරිෆ්, එයාගේ ප්‍රධාන ශාලාවේ සූදු සෙල්ලම්වලට තැනක් හදනවා. ඉතින් සල්ලි ගොඩක් අරගෙන එන මේ සිටුවරයා, සෑහෙන මෝඩ කෙනෙක් වගෙයි පේන්නේ. ෂෙරිෆ්ට ඕනි එයාගේ සල්ලි ඔක්කොම දිනාගෙන, තමන්ගේ යුධ සල්ලි පෙට්ටිය පුරවාගන්න. ඔයාලා ෂෙරිෆ්ගේ හැටි දන්නවනේ. එයා ඒකට අදාළ උපක්‍රමත් යොදලයි තියෙන්නේ. මේ අතරේ,ෂෙරිෆ්ගේ ඒ සල්ලි තියලා තියෙන, අළුතින් හදපු කාමරය බිඳින්න රොබින්හුඩ්ලා එනවා. නමුත් ඒකේ තියෙන උගුල්වලට එයාලා සූදානම් වෙලා නෑ. ඉතින් එයාලත් හදන්නේ, මේ කාමරයේ තියෙන සල්ලි ටික අරන් යන්න, හොඳට පුහුණුවෙලා එන්නයි. මේ සිද්ධි දෙක එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා, ඔයාලා බලන්නකෝ. තුන්වෙනි කොටසින් ආයෙත් හමුවෙමු. සුභ දවසක්!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete
Direct Download
| HDTV | x265 | 1080p | 697MB | 10Bit
| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)