MENU

Roswell (2000) [S03 : E01] | දැන් එයාලා අපරාධකාරයෝ

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මම එහෙනම් ඔයාලා ගොඩාක් ආසාවෙන් බලපු, මමත් ගොඩක් කැමතිම කතා මාලාවේ තුන්වන කතා සමයත් සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසිත් එක්ක ගේන්න මම සූදානම්. පළමු කතා සමය උපසිරැසිත් එක්ක අරන් ආවට වැඩ අධික උන නිසා දෙවන කතා සමයට උපසිරැසි කරන්න කාලය සොයාගන්න අපහසු උනා. ඒත් දැන් වැඩ අධික නොවුනට ඒ වැඩත් කරන ගමන් රොස්වෙල් තුන්වන කතා මාලාවට සිංහල උපසිරැසි කරන්න පෙළඹුනේ මේ කතාමාලාවට ඇති ලැදි කම නිසාමයි. හරි එහෙනම් මම පළමු කතා සමය පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

මැක්ස්, මයිකල් සහ ඉසබෙල් යන තුන්දෙනා රොස්වෙල්වලට කඩා වැටෙනවා. ඒත්අවුරුදු ගාණකට පස්සේ ඔවුන් බීජ වලින් එළියට ඇවිත් මනුෂ්‍යයින් ලෙස ජීවත්වෙනවා. දවසක් රොස්වෙල් වල තියෙන ක්‍රෑෂ් ඩවුන් අවන්හලේදි වෙඩි තැබීමක්සිදුවෙනවා. මෙහිදී එහි සේවිකාවක් වන ලිස් පාකර්ට වෙඩි වදිනවා. නමුත් ඇයවමැක්ස්ගේ පිටසක්වල බලයන් පාවිච්චි කරල බේරගන්නවා. මේ සිද්ධිය නිසාරොස්වෙල්වල ෂෙරිෆ්ටත් සැක හිතනවා. මේ තුන්දෙනා සමග ලිස් මරීයා ඇලෙක්ස්තුන්දෙනා යාලු වෙනවා. කොහොම හරි ලිස් කලින් ආදර සම්බන්ධය අතහැරලා මැක්ස්ට ආදරය කරනවා. ඒ වගේම තමයි මෙයාලගේ උදව්වට තවත් පිටසක්වල ජීවියෙක් එනවා. එයාගේ නම ටෙස්. ඉතින් මේ කෙනාට උදව් කරන තව කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම නසේඩෝ. මේ පිටසක්වල ජීවින් ගැන FBI එකෙනුත් හොයනවා. ඉතින් ඔවුන් මැක්ස්ව අල්ලගත්තත් අර යාළුවෝ එකතු වෙලා ඔහුව බේර ගන්නවා. ෂෙරිෆ්වත් මේ තුන්දෙනා ගැන දැනගන්නවා. මොකද ෂෙරිෆ්ගේ පුතා කයිල්ට වෙඩි වැදිලා මැරෙන්න යන කොට මැක්ස් බේරගන්න නිසා.

ඒ වගේම දෙවැනි කතා මාලාවෙදි නසේඩෝ අර FBI නියෝජිතයා මැරුව නිසා ඒක හෙළි වෙන එක නවත්තන්න නසේඩෝ ඔහු වගේ වෙස් ගන්නවා. ඊට පස්සේ දවසක නසේඩෝත් වෙනත් පිටසක්වල ජීවින් විසින් මරා දානවා. මේ ගැන මැක්ස්ලා දැන ගත්තට පස්සේ ඒ පිටසක්වල ජීවින්වත් මරලා දානවා. ඔය අතරෙදි මෙයාලගේ හොදම යාළුවෙක් වෙන ඇලෙක්ස් රිය අනතුරකින් මිය යනවා. ඒත් ලිස් මේක විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා ලිස් ඔහු ගැන හොයනවා. මේ අතර මැක්ස් ටෙස් එක්ක එකතු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ටෙස් ගැබ් ගන්නවා. ඉතින් ටෙස්ව හැමෝවම හොදින් බලාගන්නවා. ඒත් මැක්ස් දැන ගන්නවා ටෙස්ගේ ඉපදෙන දරුවට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ කියලා. ඒ නිසා මැක්ස්, මයිකල්, ඉසබෙල්, ටෙස් හතර දෙනා ඔවුන්ගේ ග්‍රහලෝකයට යන්න තීරණය කරනවා. ඔය අතරෙදි කයිල්ට ඇලෙක්ස් ගැන එක එක දේවල් පේන්න ගන්නවා. ඔහුට පේනවා ඇලෙක්ස් මැරුණේ කොහොම කියලා. එතකොට ඔහු දැනගන්නවා ඇලෙක්ස්ව මැරුවේ වෙන කවුරුත් නෙමේ ටෙස් කියලා. ඉතින් මේක අනිත් අයට කියනවා. මේක දැනගත්ත ගමන් මැක්ස්, මයිකල් සහ ඉසබෙල් තුන්දෙනා නවතිනවා. ටෙස් විතරක් ඔවුන් යවනවා.

ඉතින් ඊට පස්සේ වෙන්නේ මොනාද කියලා තුන්වන කතා සමයෙන් බලන්න පුළුවන්. මේ කතා සමය ආරම්භ වෙන්නේ හොද පැත්තකින් නෙමේ. මැක්ස් ලිස් දෙන්නා හිරේට යනවා. මං කියන්න යන්නේ නෑ ඒ ඇයි කියලා. ඔයාලට මේ කොටසින් මොකක්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙනතුරු ඔයාලට ජය වේවා…!!!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 6.2GB | S03 Complete

Direct Download

| HDTV | x264 | 330MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Roswell (2000) [S03 : E01] | දැන් එයාලා අපරාධකාරයෝ

  • UDARA DAMITH

    Puluwannam meke mul seasone walata link denda puluwanda.

    Reply
  • shameera

    me torrent eka wada karanne na ne ban… mul season deketh torrent thiye nam daannako machan

    Reply
    • UDARA DAMITH

      man lagath ne ban

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *