MENU

Vikings [S05: E12] | වංක පුජනීයත්වය! (18+)

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. එහෙමත් නැත්නම් පස්වෙනි කතා මාලාවේ 12 වැනි කොටස. අද කතාංගයට IMDB 9.1ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු.

මේ වෙනකොට කැටගට්වල බලය අයිවර් විසින් තහවුරු කරගෙන තියෙන්නේ. ඒ රෝලෝගේ හමුදා වලින් ලද සහයෝගයෙන්.දැන් අයිවර් ඒකෙ පසු ප්‍රථිපල විඳිනවා දකින්න ඇතිනේ. අති විශාල කප්පමක් අවුරුදු පතා ගෙවන්න වෙනව දැන් තමන්ගේ මාමට. ඒක සෑහෙන අවුලක් වෙයි කියල හිතෙනවා. ෆ්ලොකි දෙවියන්ගේ දුපතකට අරගෙන යනව කියල වෙනම පිරිසක් අරගෙන ගියා මතකනේ? දැන් ඒ පිරිසෙන් බාගෙට බාගයක්ම ෆ්ලොකිට විරුද්ධව තමා ඉන්නේ. ෆ්ලොකි දැන් තමන්ගේ අනුගාමිකයින්ගෙම කුමන්ත්‍රණ තාඩන පීඩනයන්ට ලක්වෙලා. ඒ අතරේ බිෂොප්ගේ අදහසට කැමති වෙලා ලගතා, බියෝන්, උබේ කට්ටිය පණ බේරගන්න එංගලන්තය බලා පිටත් වෙනවා. එංගලන්තයට යනකොට දේශපාලනික පරිසරය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. ලාබාල ඇල්ෆ්‍රඩ් රජතුමා තමන්ගේ පළමු හමුවෙන්ම ආගමික සංස්ථාවට අභියෝගයක් වෙන යෝජනාවක් කරනවා. ඇත්තටම ඒ කාල වකවානුවේ ක්‍රිස්තියානු ආගම ලතින් බසින් ලියවිලා තිබුනා.ඒ වගේම හැම දෙයක්ම සිද්දකෙරුනේ ලතින් බසින්. කතෝලික පුජකවරුන් තමන්ට වාසි සහගත ලෙස සාමාන්‍ය වැසියන් තලා පෙලා දමමින් ධර්මය තමන්ට අවශ්‍ය විදියට අර්ථ කථනය සිදුකරපු කාල වකවානුවක් ඒ. ඉතිං ඇල්ෆ්‍රඩ් රජතුමා ඉංග්‍රීසි බසට සියලුම ආගමික ඉගැන්වීම් පරිවර්තනය කරන්න කියල කියපු වෙලාවේ පැහැදිලිවම ආගමික සංස්ථාව ඒකට විරුද්ධ වුණ ආකාරය පෙන්නුවා දකින්න ඇතිනේ.. ඔයිට වඩා සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. අපි බලමුකෝ..

අද කොටසින් අපිට බලාගන්න ලැබෙනවා. අයිවර් කැටගට්වලට අලුත් රැජිනක් ගේන හැටිත් රැජිනගේ කපටිකම් ටිකත්. ඒ වගේම ඇල්ෆ්‍රඩ් රජතුමාගේ අලුත් බිරිඳ ගැනත් එයාගේ සෙල්ලම් ගැනත්. ඔව් ඔව් සෙල්ලම් තමා ? ඒ වගේම අද දැනගන්න පුළුවන් බිෂොප් හෙහ්මන්ඩ්ගේ අඳුරු පැත්තේ හොඳම ටිකක්. ඒ වෛටහ්රක් නෙමේ අයිවර් තමන්ගේ වියරුව මාග්‍රත් වෙත යොමු කරනවා දකින්නත් ලැබෙයි. හැබැයි හරියටම කියන්න බැහැ අයිවර්මද කියල ඒ. අහ ඔන්න අද එපිසෝඩ් එක නම් 18+ ? එහෙනම් ඔන්න ඔබට බාරයි… ලබන සුමානේ නැවත හමුවෙමු.

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | PBS | 250MB |

Direct Download   

| WEBRip | x264 | 480p | 140MB |

     

| WEBRip | x264 | PBS | 250MB |     

        

| WEBRip | x265 | 720P  | 170MB |     

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *