MENU

Supernatural [S14 : E09] | යුද්ධයක පෙර සලකුණු

අවසන් තප්පර කිහිපය තමයි ජැක් ගත කලේ. රොවීනා කිව්වත් එයා මැරෙනවා බලන් ඉන්න එක හැරුනම මේ අයට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ. අන්තිම ජැක් මැරුණා. තුන්දෙනා දුක් වෙන්න ගත්තා. හොදටම බිව්වා. මේ අය බොන අතරේ ආව අදහසකට අනුව සෑම්ට ලිලී සන්ඩර්ව මතක් වෙලා එයාගේ උදව් ගන්න ලැබේවි කියලා එයාවත් ගෙන්නුවා. ලිලී සන්ඩර් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගිය සතියේ කොටස ඇතුලෙම එයාගේ කතාව හොදාකාරාව පෙන්නුවා. ලිලීත් එයාගේ හැකියාවන් අතහැරලා දැන් වයසට ගිහිල්ලා. අනික  සෑම්ට ඕන වෙච්ච දේ එයාට ලිලී ලව්වා කරවගන්න බැරි වුනා. ඒන්ජල්ලා ගැන කොච්චර හදාරලා තිබුනත් ලිලීට බැරි වුනා ඩීමන් ටැබ්ලට් එකේ තබුනු දේවල්වත් කියවගන්න බැරිව ගියා. ඒත් ලිලී ලග තිබුණු හැකියාවන් පාවිච්චි කරලා එයාට ජැක්ගේ සමබරබර නැතුව ගියපු මනුස්ස කොටස වගේම ඒන්ජල් කොටස සමබර කරන්න ලිලීට පුලුවන් විත්තිය එයා කිව්වම පස්සේ කට්ටියම මේ වැඩේට බැස්සා. හැබැයි මෙච්චර කාලයක් පුරාවටම තමන්ගේ දුව වෙනුවෙන් පලිගන්න ඒන්ජල්ලව මර මරා ගිය ලිලී දැනන් හිටියා එයා මැරුණට පස්සේ අපායට කියලා. එයාගේ දුව ඉන්නේ ස්වර්ගයේ නිසා ලිලීටත් මැරුණට පස්සේ ස්වර්ගයට යන්න සලස්වලා දෙන්න කියලයි ලිලී ඩීන්, සෑම්, කෑස් මේ තුන්දෙනාගෙන්ම ඉල්ලුවේ.

මුලින් නම් මේ වැඩේ මේ තුන්දෙනාට කරවගන්න බැරිව ගියා. හැබැයි ජැක්ව බේරගන්න ලිලී උදව් කල හන්දම අවසානයේ එයාට දිව්‍ය ලෝකයට යන්න අවස්තාවක් හිමි වුනා. ජැක් මුලින් මැරුණට පස්සේ එයා කෙලින්ම ගියේ දිව්‍ය ලෝකයට. එයාව එහෙන් එක්කන් එන්න ගිය කැස්ටියෙල්ට හරිම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්දවුනා. කට්ටියටම මතක ඇතිනේ දොළොස්වැනි කතාසමයේ අවසානයට ලූසිෆර් එක්ක සටන් කරන්න ගිහින් කැස්ටියෙල් මැරුණා. පස්සේ එයා හිටියේ ලොකු කළු පසුබිමක් තියෙන තැනක. පස්සේ ජැක්ගේ යාච්ඥාවන් ඇහිලා තමයි එයා ආපහු වතාවක් ඉපදුනේ. මේ ඉපදෙද්දී එයා වගේම තවත් නපුරු කෙනෙක්ව දැකගන්න ලැබුනා. එයා කිව්වේ නම් කැස්ටියෙල් එයාව ඇහැරෙව්වා කියලනේ. ගිය සතියේ කොටස බැලුවහම තමයි අපිට දැනගන්න ලැබුනේ ඒ තැනින් කැස්ටියෙල් පැනලා ආව නිසා එයා මොන තරම් තරහකින්ද ඉදලා තියෙන්නේ කියලා. ඒ මදිවට ජැක් මැරුණු බව දැනගත්තට පස්සේ දිව්‍ය ලෝකේ දොරටුත් කඩාගෙන ඒ ජීවීයා ඇවිත් තිබුනා ජැක්ව අරන් යන්න. කොහොම නමුත් කැස්ටියෙල් ඒකට ඉඩ දුන්නේ නැහැ. එයා ජැක්ව බලාගන්නවා කියලා කෙලීට පොරොන්දු වෙලානේ තිබුනේ. මේ නිසාම එයා එයාගේ ජීවීතේ පවා ඇපේට තියලා ජැක්ගේ ජීවීතේ හිස් බවට අධිපතිගෙන් බේරාගත්තා.

සුපුරුදු පරිදි මැරුණු අය ආයෙ ආයෙමත් නැගිටලා එන සුපර්නැචුරල් කතාමාලාවේ ජැක් ආයෙමත් එයාට එයාගේ ජීවීතේ ලැබුනා සාමාන්‍ය ඒන්ජල් කෙනෙක් විදිහට. ඒ වගේම තමන්ගේ ජීවීතේ පවා පරදුවට තියලා මුළු ස්ව්ර්ගයම බේරගත්තට කැස්ටියෙල්ට මයිකල් ඉන්න තැන දැනගන්න ලැබුනා.

එහෙනම් ඔන්න මේ වසර විකාශය වෙන්න තිබුණු කොටස් ටික නිමාවට පත්වෙනවා. මේ කතාසමය ඉවර වෙන්න තවත් කොටස් එකොළහක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. 17’වැනි කොටස තමයි සුපර්නැචුරල් 300’වැනි කතාංගය විදිහට සැලකෙන්නේ. ඉතින් එදාට ලොකු විශේෂයක් කෙරෙන විත්තිය මේ වෙද්දී දෙනුම් දීලා තියෙනවා. ඒ ගැන දැනගන්න කැමති නම් මේ ලිපිය කැමති අය කියවන්න. එහෙනම් ඉතින් 10’වැනි කොටසත් අරන් අලුත් අවුරුද්දක මුණගැහෙන්න එන්නම්.

සුපර්නැචුරල් රසික/රසිකාවියන්ට ලබන්නා වූ නත්තල වගේම ලබන්නා වූ නව වසර සුභම සුභ එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං සමුගන්නවා. ❄☃??☀

——
අද කතාවේ නම “The Spear”
අධ්‍යක්ෂණය: Amanda Tapping
ලිව්වේ: –
විකාශනය වුනේ: 2018 දෙසැම්බර් 13
මීලග කොටසින්: “-” | 2019 ජනවාරි 17

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 215MB |

Direct Download

| HDTV | x264 | SVA | 215MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *