MENU

3% [S02 : E07] | ක්‍රියාවලිය පරදින ලකුණු.

3 Percent කතාමාලාවේ අවසානයටත් ළඟ වෙලා. අද ගෙනාවේ 7වන කතාංගය. මේ තමයි මේ කතා සමය වෙනුවෙන් මම ලබා දෙන අවසාන උපසිරැසිය. තව කතාංග තුනයි. අද කතා සාරාංශය කියන්න කලින් මේ වෙනුවෙන් එකතු වුණු අපේ සහෝදරයන්ට ස්තූති කරන්න ඕනේ. කවිෂල් රසින්ත අයියාගේ මූලිකත්වයෙන් උදයංග හතුරුසිංහ අයියා, මලිත් වෙත්තමුණි අයියා, බේනුක සහ මම තමයි මේ කතා සමය ගෙනාවේ. ඒ වගේම පළවෙනි කතා සමයට වගේම දෙවෙනි කතා සමයටත් එකතු වුණු බයිස්කෝප් හිතමිතුරන්ටත් ස්තූතිවන්ත වෙනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, අද කතාංගය උදව් කරපු බේනුකව නැවතත් මතක් කරන්න ඕනේ. විභාග වැඩ හේතුවෙන් හිර වෙලා හිටපු නිසා ඔහු බෑ… කියන්නේ නැතිව මේ කතාංගය ඉක්මනටම ගේන්න උදව් කළා..

මේ වෙනකොට ඔයාලා දන්නවනේ මිෂෙල්ගේ අයියා සිර දඬුවමක් විදිමින් ඉන්න බව. ඒ වගේම රෆායෙල් තාමත් කෝස් එකට පක්ෂපාතී බව. මේ කතාංගයේදී මිෂෙල් තීරණය කරනවා තමන්ගේ සහෝදරයාව සිර කූඩුවෙන් බේරගන්න. හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ! මොකද එහෙම කළොත් ක්‍රියාවලියේ නායකයෝ හිතන්නේ මිෂෙලුත් ක්‍රියාවලියට හතුරු වුණා කියලා. මෙහෙම තත්වයක් උඩ මිෂෙල්ට තමන්ගේ සහෝදරයාව බේරගන්න ලැබෙයිද? පිළිතුර තියන්නේ අද කතාංගයේ.

අද තමයි රෆායෙල්ගේ පෙම්වතිය ADU එකේ ගත කරන අන්තිම දවස. අදින් පස්සේ එලීසා නැවත අක්වෙරළට යනවා. ඇයට ඕනේ රෆායෙල්වත් නැවත අක්වෙරළට රැගෙන යන්න. ඒත් ඒකට රෆායෙල් කැමති වෙන්නේ නැහැ. රෆායෙල් එක තැනකදී ඇයට කියනවා “ බැහැ, මම මෙහෙයුමක ඉන්නේ. ඔයාට ඒක තේරෙන්නේ නැහැ. “ කියල. ඇත්තටම මොකක්ද මේ රෆායෙල්ගේ රහසිගත මෙහෙයුම? බෝම්බ පිපිරුම අසාර්ථක වුණාට පස්සේ කෝස් එක තීරණය කරනවා අලුත්ම විදිහකට ක්‍රියාවලිය වට්ටන්න. ඒ අලුත්ම විදිහ ගැන පළවෙනිම ඉඟිය අද කතාංගයෙන් ඔයාලට බලාගන්න පුලුවන්. කතා කළා මදෑ. එහෙනම් බාගෙන බලමු. මතක ඇතිව යන්න කලින් අදහසත් දක්වලාම යන්න. ජය වේවා!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | STRiFE | 830MB |

Direct Download

| WEBRip | x264 | 480p | 154MB |

| WEBRip | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “3% [S02 : E07] | ක්‍රියාවලිය පරදින ලකුණු.

  • Asanka gomez

    3% s2 e8 e9 link dannako bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *