MENU

The Rocket (2013) | අවාසනාව වාසනවක් කළ දිරිය දරුවා

ලාඕසයානු (Laos) නිර්මාණයක් වන මෙය IMDB 7.3/10 ද, rotten tomatoes 97% ද,metacritic 72% ද ලබා ඇති සම්මාන කරපින්නා ගත් මුල සිට අගට එක දිගට බැලිය හැකි අනර්ග නිර්මාණයකි.

කථා සාරාංශය වු කලි ලාඕසයේ උතුරු කදුකර ප්‍රදේශය එක්තර අඩු ආදයම්ලාභි පවුලක සිටින “මලී”නම් කාන්තාවකට දාවා උපත ලබන නිවුන් දැරු උපත එහි මූලාරම්භවේ. එක් දරුවකු උපතේදී මියයෑම හා ජීවි දරුවා පවුලට අපල ගෙන දෙන බවත් ඔහුද මැරියයුතු බවට ඇති පාරම්පරික විශ්වාසය බිඳ දමන මව තම කුළුදුල් දරුවා ජීවත් කිරීමට තීරණයකරයි, ඔහු “ ඇලෝ “ නම් වේ.

කථාව එක් අවස්ථාවක මොවුන්ට අනාථ කඳවුරක ජීවත් වීමට සිදුවන අතර එහිදි “දම්” (Purple) නම් පුද්ගලයකු හා ඔහුගේ මිනිබිරිය ‘ඇලෝ’ හා මිතුරු වන අතර කථවේ මුල සිට අග දක්වාම ඇලෝ ගේ හිතුවක්කාර කම් හා අත්නොහරින උත්සහය හා ධෛර්ය්‍ය මනාව පිළිබිඹුවෙන වේ, තවත දර්ශණයක ජලවිදුලිබලාගාරයක් ඉදිකිරිම සඳහා ඇලෝගේ ගම්මානය ඇතුළු තවත් ගම්වලින් සියළුම අය ඉවත් කර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර එයින් නිවාස අහිමිවන අයට එම සමාගම් විසින් අළුත් නිවාස ලබා දීමට පොරොන්දු වේ. විජාතික බහුජාතික සමාගම් මෙවැනි තුන්වෙනි ලෝකයේ රටවල් සමඟ සිදුකරන මෙවැනි ගණුදෙනු වල අවසානයේ වන දේ මෙහිදීද දැකගත හැක.

කථාවේ හමුවන “දම්” නම් පුද්ගලයා සුවිශේෂි චරිතයක් වන අතර ඔහු කාළයකට ඉහත ලෝක යුද්දයේදී ඇමරිකාවට එරෙහිව සටන් වැදුනු සොල්ලාදුවෙක් වන අතර ඔහු දැඩි‍ ලෙස James Brown නම් ඇමරිකානු ගායකයාට ඇබ්බැහි වු පුද්ගලයෙකි, 19641975 කාලයේ බෝම්බ ටොන් මිලියන 02 ක් පමණ හෙලන ලද ලාඕසයේ ජනජීවිතයට වඩාත් තර්ජනයක් ‍වු පුපුරා නොගිය බෝම්බ වල බලපෑම මෙම නිර්මාණය හරහා අධ්‍යක්‍ෂක වරයා ලෝකයට මුදා හැර ඇත. මෙම බෝම්බ නිසා අඛණ්ඩව වසරකට දුසිම් ගණන් මිනිස් ජීවිත අහිමි වේ. චිත්‍රපටයේ එක් අවස්ථාවක “ඇලෝ” ඔහුගේ මිතුරිය වන “කියා” (Kia) නම් කුඩා දැරිවිය මෙම බෝම්බයක් හමුවන අවස්ථාව දැක්විය හැක.

කථාවේ උච්චතම අවස්ථාව වන්නේ රොකට් තරඟයයි. වැඩිම දුරක් අහසට විදින රොකට්ටුවට මිලියන 10 ක් ලබා දෙන ‍මෙම තරඟය වර්ෂාව ලබාගැනිමේ අරමුනින් පවත්වනු ලබයි. මෙම සම්ප්‍රදායික තරඟය කථාවේ අවසානය වන අතර ‍රොකට් තරඟයට ඇලෝ හා ඔහුගේ තාත්තාද රොකට් දෙකක් සාදයි.

අධිතාත්විතක රංගනයන්ගෙන් පරිපුරණ මෙම කථාව පිළිබඳ තවත් විචාරය කළ හැකි වුවත් බෝහෝ විට වැඩිදුර ලිපි කියවීමට තරම් කාලයක් ඔබට නොමැති නිසා මෙය නැරඹීමට ආරධනා කරමින් නවතිමි.

“බයිකෝප් සිංහලෙන් අඩවියට ජය”

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

WEBRip | 720p | x264 | 1.2GB |

                                                   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Rocket (2013) | අවාසනාව වාසනවක් කළ දිරිය දරුවා

  • Buddika Manaram

    meka size eka adu ekak nadda

    Reply
  • sanjaya sumanasingha

    Update the links pls

    Reply
  • sanjaya sumanasingha

    Link update karanna

    Reply
  • Roshani

    Please upload this soon

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *