MENU

Midnight, Texas [S02 : E09] | නොනිමි අවසානය.

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් දෙවන කතා සමයේ අවසාන කතාංගය අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕන හදිසියේ සිදු උන අවාසනාවන්ත සිදුවීමක් නිසා උපසිරැසිය සතියක් ප්‍රමාද උන එකට. හැරෙමු එහෙනම් කතාව දිහාවට..

පසුගිය සතියේ කොටසින් අපිට බලාගන්න පුළුවන් උනේ මිඩ්නයිට් කණ්ඩායම තියෝෆිලීස්ව නැවත ගෙනවන එක නවත්වන්නට තමන් ලඟ තිබුන අවසාන තුරුම්පුව උන ෆීජීගේ ආත්මය හොයන්න උත්සාහ කරපු ආකාරය. නමුත් අවාසනාවකට ඒ උත්සාහයත් සාර්ථක එකක් උනේ නෑ. කොහොමින් කොහොම හරි අවසානයේදී තියෝෆිලීස් නැවත ගෙන්නාගන්නට ඔහුගේ සහෝදරියට පුළුවන් උනා. නමුත් හැම අඳුරු වලාවකම රිදී ඉරක් තියෙනවා වගේ, අපිට මුණගැහෙනවා චිත්‍රයක බන්ධනකයට අහුවෙලා ඉන්න ඩිලයිලාව. තියෝෆිලීස්ව නවත්තන්න ඩිලයිලාට පුළුවන් වෙයිද.?

අද කොටස දිහාවට හැරුනොත් මිඩ්නයිට්ලා මේ වෙනකොට තමන්ගේ බෙල්ල මුලටම හිරවෙලා අවසන්. මිතුරු වියෝවීම් සමග සතුරන්ගේ නැගීසිටීම් නිසාවෙන් කිසිම් බලාපොරොත්තුවක් පේන තෙක් මානයකවත් නැති වෙලා. නමුත් ඇත්තටම පහුගිය කොටසින් දැක්කා වගේ තියෝෆිලීස්ට ලැබුනේ තමන්ගේ හිසට ගැලපෙන හරිම ධාරක ශරීරයද.. සමහර විට අපි නොදන්නා ගොඩක් දෙවල් මඟ හැරිලා තියෙනවා වෙන්න පුළුවන්. වැඩි විස්තරයක් නම් කොහොමටත් කියන්න යන්නේ නෑ මොකද අද කොටස එක හුස්මට බලාගෙන යන්න පුළුවන් තරමේ එකක් නිසා. නරඹලාම අදහසක් කියාගෙන යන්න කියන ගමන්ම මේ වෙලාවේ අමතක නොකරම බෑ මිඩ්නයිට් බාරගත්ත රවිදු මලයා ඇතුළු අනික් සහෝදර උපසිරැසිකරුවන්ව. ඔවුන්වත් මතක් කරන ගමන්ම කියන්න තියෙන අනෙක් ආරංචිය තමයි මිඩ්නයිට් ටෙක්සාස් කතා මාලාව NBC රූපවාහිනී ආයතනය මගින් නිශ්පාදන කටයුතු නවත්වා තිබෙනවා කියන එක. ඒ කියන්නේ දෙවනි සීසන් එක මිඩ්නයිට් අන්තිම සීසන් එක වේවි. (කතාව ඉවරවෙන ටික බලලා දොස් කියනවා එහෙම නෙවෙයි ඕං) ගොඩක් දෙනා නම් මේක දැනටනමත් දැනගෙන ඇති.

හරි එහෙම නම් අද කොටසත් නරඹලාම ගුණ අගුණ කියාගෙනම යන්න, ආයෙම තවත් උපසිරැසියකින් හමුවෙමු..

ජය වේවා….


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | 720P | x264 | 777MB | AMRAP

 Direct Download

| WEB | 480P | x264 | 188MB |

| WEB | 720P | x264 | 777MB | AMRAP |


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *