MENU

The Gifted [S02 : E11] | රීවගෙ සැලසුම..?

ඔන්න ඉතිං ගිෆ්ටඩ් කතා මාලාවෙ 11 වෙනි කොටසත් අරගෙන ආවා. වෙච්ච පමාවට සමාවෙන්න ඕන. එහෙනම් අපි කලින් සතිය ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ජෝන්ව පියුරිෆයර්ලා අල්ලගෙන ගියා. ඉතිං මාකෝස් ඇතුලු කට්ටිය ජෝන්ව හෙව්වත් එයාව අරන් ගිය දිහාවක් හොයාගන්න වුනේ නැහැ. ඒ නිසා මාකෝස් තීරණය කරනවා ෆේඩ්ව පාවිච්චි කරලා ඉනර් සර්කල් එකේ උදව් අරගන්න ජෝන්ව හොයාගන්න. එහෙම හිතලා තමා මාකෝස් ලෝනට කතා කරලා මේ වැඩේ සූදානම් කරන්නෙ.

ඉතිං හිතුවා වගේම ලෝනට පුළුවන් වෙනවා ජෝන් රදවන් ඉන්න තැන හොයාගන්න, හැබැයි තනියම මේ ගොඩනැගිල්ලට යන එක අනතුරුදායක නිසා ලෝනා සහා ඇන්ඩි දෙන්නා මාකෝස් ඇතුලු පිරිසගෙ උදව්වට එනවා. ඔතනදි තමයි මුල් සීසන් එකේ අන්තිමට වෙන්වෙලා ගිය ඇන්ඩි සහා ලෝනා ආපහු විපරීත බංකරයත් එක්ක එකතු වෙන්නෙ. මෙහෙම එකතු වුන එක ඇන්ඩිගෙ අම්මට සහා තාත්තට නම් ලොකු සතුටක් වුනා. හැබැයි ලෝරන්ට මේ ගැන ලොකූ සතුටක් තිබුන පාටක් පේන්න තිබුනෙ නැහැ.

කොහොම වෙතත් ඉනර් සර්කල් එකේ වාහන සහා උපකරණ මේ අය මෙහෙයුම වෙනුවෙන් ගෙනවිත් තිබුනා. අන්තිමේ ජෝන් රදවන් හිටපු ගොඩනැගිල්ල ඇතුලට යන්න ලෝනා, මාකෝස් එක පැත්තකින් සහයෝගය දෙද්දි ඇන්ඩි, ලෝරන් සහා ක්ලැරිස් තවත් පැත්තකින් ඇතුලට යනවා. කොහොමහරි ජෝන් අනූනවයෙන් බේරගන්න මේ අයට පුලුවන් වෙනවා. ඒ වගේම ජෝන්ව අරන් එළියට එන මගදි ලෝරන්ට පියුරිෆයි කෙනෙක් වෙඩි තියන්න හදනවා, එතනදි ඇන්ඩි ගොඩක් දරුණු වුනා මතක ඇති. කොටින්ම ඒ මනුස්සයව මරන්න පවා ගියා. කොහොමින් කොහොම හරි අන්තිමේ ලෝනා සහා ඇන්ඩිගෙ උදව් ඇතුව ජෝන්ව බේරගන්න හැකියාව ලැබුනා. ඒ වගේම ඇන්ඩි සහා ලොනා ආපහු ඉනර් සර්කල් වෙත ගියා. ඕක තමයි පහුගිය කොටසෙ සාරාංශය. අද කොටස එහෙනම් ඔයාලම බලන්න මම ගියා. ඊලඟ කොටසින් හමුවෙමු.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

         

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 350MB |    

Direct Download

| WEBRip | x264 | 480p | 140MB |        

   

| WEBRip | x264 | TBS | 350MB |        

   

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *