MENU

Vikings [S05: E17] | පළිගැනීම් සහ බැඳීම්!

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 17 වැනි කොටස. මේ කොටස අරගෙන එන්න නම් සැහෙන්න පමා උනා. අද කතාංගයට IMDB 7.0 ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.

ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නගේ සිහිනය සැබෑ වෙනවා. ඇල්ෆ්‍රඩ් පොරොන්දු උනා වගේම බියෝන්ලට නැගෙනහිර ඇන්ග්ලියාවෙන් ඉඩම් ලබාදුන්නා. හැබැයි ලගතා අතුරුදහන් වෙලා තියෙන මොහොතක බියෝන්ට එංගලන්තයේ නවතින්න හිතක් නැහැ. බියෝන් අයිවර්ගෙන් කැටගට් නැවත ලබාගන්න අවධානය යොමු කරන්නයි ලැහැස්තිය. ඒ වෙනුවෙන් බියෝන් හැරල්ඩ් රජා එක්ක සමගිවෙන්න යනව. ඒ අතරේ ආයේ පාරක් ඇල්ෆ්‍රඩ්ගේ ලෙඩේ වැඩිවෙලා සිහිය නැතුවයනව. ඒ ජරමර අස්සේ එතල්රෙඩ්ගේ අවසානය උදා වෙනවා.. හරි අවාසනාවන්ත විදියට. ඉතිං ඒ දේවල් එහෙම වෙනකොට ෆ්ලොකිගේ ජනාවාසයෙන් පිටමන් කරවපු අයට උදව් ඉල්ලන් හෙල්ගි එනව ආයේ. ෆ්ලොකි එක්ක ඉන්න හැම කෙනෙක්ම තරහ මරහ අමතක කරලා ඒ අය වෙනුවෙන් අයහපත් කාලගුණයත් නොතකා යන්න ලැහැස්ති වෙනවා.

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ වගේම එංගලන්තයට තවත් වයිකින් රටකින් එල්ලවෙන තර්ජනයක් ගැනත් කියවෙනවා. ඒ විතරක් නෙමේ.. හැරල්ඩ් තවමත් මුළු නොර්වේ රටටම රජු වීමේ සිහිනය අමතක කරලා නැති බවත් අද බලාගන්න පුළුවන්.. ඒත් එක්කම මම හිතන්නේ අද ෆ්ලොකිගේ සිහිනය බිඳ වැටිලා සුනු-විසුණු වෙලා යනවා..

පරක්කු වෙච්ච එකේ තව කතා මොනාටද. එහෙනම් ලබන සුමානේ හමුවෙමු. තව කොටස් 3කින් සීසන් එක ඉවරයි. ඒ වගේම 6වෙනි කතා සමයකුත් එනවා. එතනින් පස්සේ සම්පුර්ණයෙන්ම වයිකින් කතා මාලාව අවසන් වෙනව. එහෙමයි කියල දුක් වෙන්න එපා, කතාව කරගෙන යන Michael Hirst මේකේ ස්පින් ඕෆ් එකක් කරන්න අවධානය යොමු කරලා තියෙනව.. අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ ?

ඒ වගේම ගිය සුමානේ කිව්වා වගේ, අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්නමෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා.. 

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV| SVA | x264 | 236MB |

Direct Download   

| HDTV | x264| 480p | 130MB |

        

| HDTV | SVA | x264 | 236MB |

        

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *