MENU

Anna and the Apocalypse (2017) | ඇනා සහ ව්‍යසනය!

කොහොමද ඉතින් කට්ටියට? ආයෙත් හිතුවට වඩා ඉක්මනට චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුනා. කට්ටිය සොම්බි චිත්‍රපට එහෙම බලල ඇති ඕනෙතරම්. එතකොට සංගීතමය එහෙමත් නැත්තන් මියුසිකල් චිත්‍රපටි එහෙමත් බලල ඇති. එතකොට ඒ දෙක එකට තිබ්බොත් කොහොමද? අන්න ඒවගේ සොම්බි මියුසිකල් එකක් තමා මෙදා පාර අරගෙන ආවෙ. කලින් බාර අරගෙන තිබ්බෙනම් මම නෙමේ. දිල්ශාන් සචින්ත නොහොත් අපේ දතා බාර අරගෙන තිබුන එකක්. මිනිහට ගජරාමෙට වැඩ නිසා ඔන්න මං මිනිහ වෙනුවට මේක අරන් ආවා. ඇහුව ගමන් දුන්නට ස්තූතියි දතෝ කතාවෙ වටපිටාව ටිකක් බලමු එහෙනම්.

මේක 2017 එකක් වෙලා තියෙන්නෙ සිනමා උළෙලවල ප්‍රදර්ශනය කර ඇති නිසා. ගිය වසරෙ නොවැම්බර් 18 තමා ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ. imdb අගය 6.2යි. Comedy,Fantasy,Horror කාණ්ඩ නියෝජනය කරනවා. නවක නළු නිලියන් ටිකක් නිසා නම් වශයෙන් හදුන්වන්න ඕන නැහැනෙ. කතාව මෙහෙමයි.

විස්තර කරන්නත් ඒ හැටි දෙයක් නෑ ඉතින්. ඇනා කියන අපේ කතාවේ ප්‍රධාන ගෑනු ලමයා ඇතුළු පිරිස සොම්බි ව්‍යසනයකට මුහුන දෙන එක තමා කතාව වෙන්නෙ. කට්ටිය හැමෝම තාම ඉගෙනගන්න අය. ඉතින් දවසක් දා ඔන්න එකපාරටම මුළු ලෝකයම මේ සොම්බි ව්‍යසනයට ගොදුරු වෙලා. ඉතින් ඒ වෙලාවේ ඇනා ඉන්නෙ එලියෙ. ඇනාගෙ තාත්තා වෙන තැනක. ඉතින් මේ විනාසය දැක්කට පස්සෙ ඇනාගෙ එකම බලාපොරොත්තුව වෙන්නෙ තාත්තව හොයාගන්න එක. ඒ යන අතරමගදී ඇනාට එයාගෙ යාළුවොත් මුනගැහෙනවා. ඉතින් කට්ටියම එකතුවෙලා මේ සොම්බි ව්‍යසනය මැද්දෙන් යන එක්තරා විදියක චාරිකාව එක්ක ඔන්න ඔයාලට එකතුවෙන්න පුළුවන්. අන්තිමේදී ඇනාට තාත්තාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ කට්ටියත් සොම්බි ව්‍යසනයට ගොදුරු වෙයිද? නැත්තන් කට්ටියට බේරෙන්න පුළුවන් වෙයිද? කියන ඒවා දැනගන්න අතරෙදී සිංදු ටිකකුත් අහන්න පුළුවන් ඔන්න. සොම්බි, මියුසිකල් වගේ චිත්‍රපටවලට කැමතියිනම් මෙන්න හොද භාණ්ඩයක්. එහෙනම් තවත් වැඩකින් හමුවෙමු!

හැමෝටම ජයවේවා!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRIP | x264 | 720p | 1.3GB | 

Direct Download

| HDRIP | 720p | x264 | 1.3GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *