MENU

Supergirl [S04 : E11]| ලෙයට කා වැදුණු මතකයන්..!

තරහ අවසර මිත්‍රවරුණි, මොනව කියන්නද ඉතිං සෑහෙන දරුණු විදියට සබ් එක දෙන වැඩේ පරක්කු වුණා. නිදහසට කාරණා කියන්න තිබුණත් ඉතිං ඒවයින් වැඩක් නෑනෙ. කොහොම වුණත් ඇත්තටම සමාව ඉල්ලා සිටිනව දවස් 10 විතර මේ වුණු ප්‍රමාදය ගැන. වැල්වටාරම් නැතුව කලින් කොටස ගැන බලල අද ගැනත් පොඩ්ඩක් දැනුම් දෙන්නම්.

පසුගිය කොටසින්…

ඉතිං හැමදාම වගේ කලින් කොටස තුළදීත් හර්ලි, ඇලෙක්ස්ට හිසරදයක් වෙන තැනට තමයි කටයුතු කළේ. ඒ තමයි ශිමර් කියල පිටසක්වලයෙක් නැවකට පහර දීපු සිදුවීම වසන් කරන්න කටයුතු කරල. මේ ශිමර් පිටසක්වලයන් යොදාගෙන කරපු ව්‍යාපෘතිය නම් කරල තිබුණෙ “මොරායි” ව්‍යාපෘතිය කියල. මොරායි කියල කියන්නෙ ටෑන්, මැකැලිස්ටර් සහ හර්ලි විසින් මිනී මරන්න පුරුදු කරපු පිටසක්වලයන් විශේෂයක්. නමුත් ජනාධිපතිගේ ආඥාවක් නිසා ටෑන්, මැකැලිස්ටර්ට නියෝග කරනව මේ මොරායිලව සාක්ෂි ඉතිරි නොවෙන විදියට මරල දාන්න කියල. ඒ අනුව තමයි මොරායිලව මරන්න මැකැලිස්ටර් නැවක් අරගෙන ගිහින් තිබුණෙ, කොහොමහරි වැඩේ දෙල් වෙලා මොරායිල මැකැලිස්ටර් ඇතුළු නාවික පිරිස මරල පැනගන්නව, මේ වෙලාවෙ තමයි ලීනා එක්ක හිටපු කාරට මේක ඇහිල උදව් කරන්න නැවට යන්නෙ. එතනදි ඇය දකිනව කර්නල් මැකැලිස්ටර් ඇතුළු පිරිසකට මේ සතා පහර දීල මරල දාල තියෙනව. සුපර්ගර්ල් එක නාවික සෙබළියක් බේරගන්න සමත් වෙන අතරෙ හර්ලි එනව මෙතනට. හැබැයි එකපාරටම DEO එක යටතේ තියෙන මේ නැවට පහර දීම හා සම්බන්ධ දත්ත ඔක්කොම අතුරුදන් වෙනව. පස්සෙ ජෝන් ලඟ තිබුණු ලිපිගොනු අවුස්සල බලපු කාරාට, මේ ශිමර් ප්‍රහාරය එක්ක කර්නල් හර්ලි සෘජුවම සම්බන්ධයි කියල ඔප්පු කරගන්න සාක්ෂි ලැබෙනව. ඇලෙක්ස්ට මේක දැනුම් දීල ටෑන් හමුවෙන්න ගියත් මොරායි ප්‍රහාරයකින් ටෑන් මැරුම් කනව.  ඇලෙක්ස් ලඟ හර්ලි ගැන තිබුණ වුණත් සාක්ෂි වලින් වැඩක් ගන්න ඇලෙක්ස්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. හේතුව හර්ලි හොයාගන්නව කාරා තමයි සුපර්ගර්ල් කියල.

ඉතිං කොහොමහරි මොරායිල ඊලඟට එන්නෙ හර්ලි හොයාගෙන. ඒ ප්‍රහාරයේදී හර්ලිව බේරගන්න සුපර්ගර්ල් එනව. ඒ වගේම ජෝන්ගෙ සහය ඇතුව හර්ලිගෙ මතකය මකන්න ඇලෙක්ස් වගබලා ගන්නව. ඒත් ඔක්කොටම පස්සෙ හර්ලි ආයෙත් සුපර්ගර්ල්ගෙ අනන්‍යතාව හොයන්න වෙන ක්‍රියාවලියක් ආරම්භ කරනව. ඒ තමයි “සත්‍ය ගවේෂක” කියල පිටසක්වල ජීවියෙක් යොදාගෙන. ඔන්න එතකොට තමයි ඇලෙක්ස් තීරණය කරන්නෙ DEO එකේ සුපර්ගර්ල්ගෙ අනන්‍යතාව දන්න හැම කෙනෙක්ගෙම මතකය ජෝන් ලවා මකල දාන්න. අවාසනාවට ඒ පිරිස අතරට ඇලෙක්ස් පවා අන්තර්ගත වෙනව. ඉතිං අවසානෙ අපි දැක්ක හැමෝගෙම මතකය මකල දාන ජෝන්, සුපර්ගර්ල් කියන්නෙ තමන්ගෙම නංගි කියල ඇලෙක්ස් සතුව තිබුණු සියලු මතකයන් ඇලෙක්ස්ගෙ මනසින් මකල දැම්ම.

අද කොටසින්…

ඉතිං ඇලෙක්ගෙ මතකය මකා දැම්මට පස්සෙ එයා හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. ඒකට හේතුව ඇය දන්නෙ නෑ කාරා ඩැන්වර්ස් නැත්තං එයාගෙම සහෝදරිය කියන්නෙ සුපර්ගර්ල් කියල. කොහොමහරි කලින් කොටස් කීපෙකම අපි දැක්ක ජර්මනිය තුළ වෙනත් සුපර්ගර්ල් කෙනෙක් ඉන්නව කියල. මේ කෙනා කවුද? මොකාටද එන්න හදන්නෙ? ඒව මොකුත් තාම අපි දන්නෙ නෑනෙ. කොහොමහරි එයාව ජර්මන් හමුදාව විසින් පුහුණු කරන විදිය අපි දැක්ක. මේ පුහුණුවෙන් පස්සෙ වෙන යම් සංසිද්ධියක් නිසා ඔන්න අද කතාවේ අඩිතාලම වැටෙනව. මේ අතරෙ කාරා යනව නියා එක්ක නියාගෙ ගමේ. නියාගෙ ස්වප්න බලය ගැන ලොකු දෙයක් අද දැනගන්න පුළුවන්. ඒ වගේම කාරා තමන්ගෙ අනන්‍යතාව නියාට හෙළි කරනව යම් හේතුවක් මත. නියා ඊලඟ කතාංගයන් ඇතුළෙ කරලියේ ප්‍රධාන තැනක් අරගනියි කියලත් නිකමට වගේ හිතෙනව. මේ ඔක්කොම අතරෙ ඊලඟ කතාංගයේ ඉඳල කාරාට මූණ දෙන්න වෙන දරුණු අනතුරක ඉඟියක් අවසාන මිනිත්තුවේ අනාවරණය කෙරෙනව. ආයෙත් සුපර්ගර්ල් 12 වෙනි කතාංගය විකාශනය වෙන්නෙ පෙබරවාරි 17. එහෙනම් මම ගිහින් එන්නම්. ජය වේවා!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 305MB |

 Direct Download

| HDTV | 480p | x264 | 200MB |

| HDTV | x264 | SVA | 305MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *