10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ විදිහටම පැටලුනු නූල් බෝලෙ ලිහන්නට කැරන් පේජ් ලොකු පිටු වහලක් වෙනව මෙතෙන්දි..ඇය ඩීනා මඩානි සමඟ එක්ව අධිකරණ වෛද්‍ය නිළධාරියෙක්ව මුණ ගැසී මිය කාන්තාවන්ගේ සිරුරු නැවත පරීක්ෂා කරනව. මෙතෙන්දි එයාලට හෙළි වෙනව එකී කාන්තාවන් ෆ්රෑන්ක් එම ස්ථානයට පැමිණෙන්නටත් පෙරාතුව මිය ගොස් සිට ඇති බවට…මේ අතරෙ තමන් අතින් අහිංසක කාන්තාවන් පිරිසක් මියා ගියා යැයි සිතා සිත් තැවුලෙන් යුතුව රෝහලේ ලෙඩ ඇඳට වී සිටි කාසල්ව සොයාගෙන තවත් මහා දැවැන්ත ප්‍රශ්නයක් රෝහල කරා ඇදෙමින් සිටියා..ෆ්රෑන්ක් රෝහලේ බවට ආරංචි වූ කූළී ඝාතකයෙක් ෆ්‍රෑන්ක්ව ඝාතනය කිරීමේ අටියෙන් රෝහල තුළටම පැමිණියා..ඇත්තටම ඒ වෙලාවෙ ෆ්රෑන්ක් හිටියෙ සම්පූර්ණයෙන්ම මානසික වැටිල කළකිරිලා..කළකිරීමේ තරම කොතරම්ද යත් තමන් මරන්නට පැමිණි මේ ඝාතකයට ෆ්රෑන්ක් තමන්ගෙ අත දික් කරන්නෙ ජීවිතය ගැන කිසිදු තැකීමකින් තොරවයි .. කොහොමවුණත් ෆ්රෑන්ක් ඒ වෙලාවෙ නම් නූලෙන් බේරෙනව කැරන් පේජ් සහ ඩීනා මඩාන ඇවිල්ල ෆ්‍රෑන්ක්ව බේරගන්නව..ඒ විතරක් නෙවේ කැරන් පේජ් රැගෙන ආ සුබ ආරංචිය අහන ෆ්රෑන්ක්ට කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙනව..එතනින් කාසල්ගේ ඒ මානසික බිඳවැටීමේ පරිච්ඡේදයත් අවසන් වෙනව…ඊට පස්සෙ ඔයාලට මතක ඇතිනෙ කාසල් කැරන්ගේ සහ මඩානිගෙ උදව්වෙන් රෝහලෙන් එළියට පැනගන්නට උත්සහයක් දරනව..ඒත් අන්තිමෙ මොහොතේ රෝහලෙන් එළියට එනවත් එක්කම වගේ නියෝජිත මහෝනි අතටම අල්ලගන්නව.. මහෝනි වහාම කාසල්ව අත් අඩංගුවට අරගෙන එතන තිබුණු ගිලන් රථයකට ඔබාගෙන කෙලින්ම අදිනවා පොලිස් ස්ටේශන් එකට..ඔන්න ඔහොමයි කලින් එපිය ගෙවුනෙ..
අද එපියෙන්..
ෆ්රෑන්ක්වත් දමාගෙන ගිලන් රථයෙන් පොලිස් ස්ටේශමට යන මහෝනිට වැඩි දුරක් යන්නට නම් ලැබෙන්නේ නෑ.. ජෝන් අතරමඟදි කඩා පැනල ෆ්‍රෑන්ක්ව ඝාතනය කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වෙනව. කොහොමවුණත් මෙතෙන්දි අවසානයේ මහෝනිගෙ ගිලන් රථය පාලමෙන් එළියට වීසි වෙනව..ඔහොමයි අද එපිය පටං ගන්නෙ එතනින් එහාට මං මොකුත් කියන්න යන්නේ නෑ ඒම වුණොත් ඔයාලගෙ කුතුහලේ නැති වෙනවා..ෆ්රෑන්ක් මොන වගේ අඩව්වක් අද අල්ලයිද කියල ඔයාලටම බලාගන්න පුළුවන්..හරි එහෙනම් පනිශර් කතා මාලාවෙ මගේ දායකත්වය මෙතනින් අහවරයි.. අවසාන කොටස අරගෙන ශාන් විමුක්ති සහෝ එයි ඉක්මනින්ම..මං ගියා.. ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහමෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x264 | 720p | 840MB |
Direct Download
| WEBRip | x264 | 480p | 160MB |
| WEBRip | x265 | 720p | 215MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)