MENU

Nethraa (2019) | මිත්‍ර ද්‍රෝහීයා..!

“මේ ලොකේ තියෙන ලොකුම පාපයන් මොනවද කියලා ඇහුවොත් එක එක දේවල් කියන්න තියෙනවා. පාප කර්ම කියනදේ වෙනස් වෙනස් විදියට වර්ගීකරණය කරලා බෙදලා කියන්න පුලුවන්..! “

“ඉතින් ඒ අතරින් තියෙන ලොකුම වරදක් නැත්තන් පාප කර්මයක් විදියට විස්වාසයට කරන ද්‍රෝහීකම කියලා කිව්වොත් නැත්තන් විශ්වාස ද්‍රෝහීකම කිව්වොත් මම හරි ඇති..! මම නම් මැරුනත් ඒ පාපයනම් කරන්නේ නෑ, ඔන්න ඔය විදියට මේ මම විතරක් නෙවෙයි.! මේ පාප කර්මයේ බරපතලකම ගැන දන්න ඕන කෙනෙක් කියන කතාවක්..!”

2019 පෙබරවාරි මාසේ අට වෙනිදා තවත් වෙනස්ම විදියේ දමිළ සිනමා පටයක් තිරගතවුනා.! සෑබෑ ජිවිතේදි අපි දකින දේවල් එතන මනාව පෙන්වලා දීලා තිබුනා. ඇතැම් වෙලාවට අපි අකමැති දෙයක් අපේ දෙමව්පියෝ විසින් බලපෑම් කරලා අපි ලවා ඒ දේ කරගන්න යනකොට ඒ කිව්වේ කිසිම විදියකින් විරෝධය පාලා අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක් නමුත් ඒ දේ කලාම අපේ ජිවිතේටත් අසතුටු දෙයක්..! මෙහෙම සිදුවීමකට මූණ දුන්නම උදව්වක් ගන්න සමහර වෙලාවට අපිට අපේම ලේ ඥාතී කිසිම කෙනෙක් නැතිවෙන්න පුලුවන්..!

ඉතින් මම මේ කියන දේ කාන්තාවකට සිද්ද උනොත් කොහොමද.? ඒ කිව්වේ තරුණ වියේ සිටින ගෑණු ළමයෙකුට මෙහෙම දේකට මුහුණ පාන්න සිද්දවුනොත්..! හිතාගන්නත් බෑ නේද.? එතකොට එක එක පැති වලින් එක එක විදියේ තව තව දේවල් ඇතිවේවි.! අන්න ඒ වෙලාවට අපිත් එක්ක එකට හැදුනු වැඩුනු එකට ඉගෙන ගත්ත හිතමිත්‍රයෝ ආදිය මෙන්න මේ ව‍ගේ වෙලාවල් වලදි අපේම ලේ ඥාතී සහෝදරාදියට වඩා අපිට වටිනවා..! මම හිතන්නේ මං හරි ඇති.! ඉතින් අද මම මේ අරගෙන ආපු සිනමාපටයේ තියෙන්නෙත් අන්න එහෙම කතාවක්..! අද කාලේ ඉන්න බහුතරයකට මේ කතාවෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ කිව්වේ ජිවිතේට පාඩමක් ඉගෙන ගන්න පුලුවන්.! ඉතින් තව තවත් මම මේ ගැන විස්තර කරන්න යන්නේ නෑ මොකද මේ ලිපියේ චිත්‍රපටිය ගැන හඳුන්වලා දෙන කොටස ලියන්න එහෙම්ම ඉතුරු වෙලා තියෙන නිසා අපි එහෙනම් බලමු ඒ විස්තර ටිකත් මොනවද කියලා.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Bagavathi 2002, Malai Malai 2009 යන දමිළ චිත්‍රපටද අධ්‍යක්ෂණය කල A. Venkatesan විසින් නිෂ්පාදනයත් S. Pararajasingamසමඟින් A. Venkatesan ය. සංගීතය Srikanth Deva වන අතර රංගනය Vinay Rai, Thaman Kumar,Subiksha, Robo Shankar, Rajendran යන නළු නිලියන්ය. 2016 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භකල නමුත් යම් යම් කරුණු කාරණා නිසාවෙන් 2019 වසරේ පෙබරවාරි මස 08 වන දින මෙම සිනමා පටය තිරගත කරනු ලැබුවා.

එහෙමනම් මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කරන්නට අවස්තාව සලසා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයකු වන සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිය පිරිනමන අතරම නිවාඩු නැති නිසා කාර්ය්‍යබහුල නිසාත් ‍චිත්‍රපටයට හොඳ පිටපතක් නිකුත් උනත් උපසිරැසිය ඔබවෙත ගෙන ඒමට ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.

චිත්‍රපටිය් තියෙන්නේ මොන වගේ කතාවක්ද කියල මම අද කියන්‍න යන්නේ නෑ මොකද මම මේ ලිපියේ මුලින්ම ඒගැන ලුහුඬින් යමක් කියලා තියෙන නිසා. මේ චිත්‍රපටයද අනිවාර්යෙන් බලන්න කියලා දමිළ සිනමා රසිකයින්ගෙන් වගේම අනිකුත් රසිකයිගෙනුත් ඉල්ලා සිටින අතර, ඉතාමත් ඉක්මණින්ම සහෝදර උපසිරැසිකරුවකු වන තරිඳු රසාංග මල්ලිත් එක්ක එකතු වෙලා කරපු 2.O 2018දමිළ සිනමාපටයේ සිංහල උපසිරැසි සමඟින් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| HDRIP | x264 | ESub | 200MB | 

| HDRIP | x264 | ESub | 397MB | 

| HDRIP | x264 | Esub | 696MB | 

| HDRIP | x264 | Esub | 696MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Nethraa (2019) | මිත්‍ර ද්‍රෝහීයා..!

  • supun sanjeewa

    opload ev eken komada download denne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *