MENU

The Widow [S01: E03] | දිවි ගලවාගත්තවුන් !

ඔන්න විඩෝ කතා මාලාවෙ තුන්වන කොටසත් අරගෙන ආවා. පැයෙන් පැයට එක උපසිරැසිය ගානෙ ලැබෙන එකේ කලින් කොටස නම් අමතක වෙන්න හේතුවක් ඇත්තෙ නැහැ ඉතිං. කොහොම වුනත් ඉතිං පොඩ්ඩක් මතක් කරන එක යුතුකමනෙ නේද.
මතක ඇතිනෙ ජෝජියා සහා එමැනුවෙල් දෙන්නා ලොකු වෙහෙසක් දරනවා විල් හොයන වැඩේට. ඔය අතරෙ තමයි ජූඩිත්ගෙ ගෙදරට වාහනයක් එවන්නෙ ජෝජියා වෙනුවෙන් කියලා. ඒත් මේක එවපු කෙනෙක් නම් හොයාගන්න නෑ. කොහොම වුනත් කාර් එක ඇතුලෙ තිබිලා ජෝජියා පොඩි නෝට් එකක් හොයාගන්නවා. ඒකෙ තියෙන්නෙ “ගෙදර යන්න” කියලා. ඒ කියන්නෙ ජෝජියා මේ එළවන්නෙ කාගෙ පස්සෙ වුනත් යන්නෙ වැරදි පාරක නෙවෙයි කියන එකට හොඳ උදාහරණයක්. ඔහොම යද්දි තමා මෙයාලට පීටර් බෙලෝ කියන මනුස්සයා ගැන දැනගන්න ලැබෙන්නෙ.
ඒ කෙනාම තමයි ටිවි එකේ දර්ශන වල විල් කියලා හිතන කෙනාගෙ ලගින් ඉන්නෙත්. ඉතිං ජෝජියා සහා එමැනුවෙල් පීටර් බෙලෝව හොයාන එයාගෙ ගෙදරට යනවා. හැබැයි මනුස්සයා එහෙදි නම් හොයාගන්න බැරිවෙනවා. එහෙ ඉන්නෙ බෙලෝගෙ බිරිඳයි දුවයි. බිරිඳ කියන විදිහට මේ අය අතරෙ දැන් එහෙම සම්බන්ධයක් නෑ. ඒත් ජෝජියා මේක විශ්වාස කරන්නෙ නෑ. ඔය නිසාම ජෝජියා මේ විස්තර දැනගන්න බෙලෝගෙ දුව පාවිච්චි කරනවා. අන්තිමේ කොහොම හරි පීටර් බෙලෝ ඉන්න තැනක් දැනගන්න ලැබෙනවා. ඒ කිසීමා වල.
කිසීමා යන්න ජෝජියා සහා එමැනවෙල් දෙන්නා සූදානම් වුනත් අන්තිම මොහොතෙ එමැනුවෙල්ට ඒ ගමන නවත්තලා එයාගෙ වැඩකට යන්න වෙනවා. ඒ නිසා ජෝජියා තමන්ට ලැබුන වාහනේ එමැනුවෙල්ට දෙනවා. ඒ වෙලාවෙ තමා ඒක ස්ටාට් කරද්දි පුපුරලා ගිහින් එමැනුවෙල් මැරෙන්නෙ.
මේ කොටසින් බලාගන්න පුළුවන් සන්කූරු ගුවන්‍යානෙ කඩා වැටෙන්න හේතුව වගේම ඒකට හේතු වෙච්ච අය ගැන සහා අනතුරින් දිවි බේරගත්ත අය ගැන. එහෙනම් මම ගියා.
 
                               ජය වේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 279MB |

|  WEB | x264 | 720p | 328MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Widow [S01: E03] | දිවි ගලවාගත්තවුන් !

  • Yasindu sudhara

    I cannot download this tv series using any of the these links. If you update these links as soon as possible it will be help for me and others who wants to download this tv series. Thank you.

    Reply
    • Ravindu Heshan

      full Season eka update karala tynne

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *