MENU

The Widow [S01: E04] | වයලට්ගේ මතකයන්!!

ඔන්න එහෙමනම් අරගෙන ආවා The widow කතාමාලාවේ මට බාරවෙලා තිබ්බ කතාංගය වෙච්ච හතරවැනි කොටස. එහෙනම් කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා? මේකත් පොඩ්ඩක් ජැක් රයන් වගේ හුරුවක් තියෙන කතාවක් වගේ. හොදයි එහෙනම් මං කෙටියෙන්ම කතාව ටිකක් විස්තර කරලා ඉන්නම්කො.

ජෝර්ජියා කොහොමින් කොහොම හරි විල් ගැන විස්තර හොයාගෙන අන්තිමේ කිසිමාවල‍ට එන්න විදිහකුත් හොයාගත්තා. ඒ එන අතරමග මතක ඇතිනේ ජෝර්ජියාගේ අතෙන් මිනිහෙක් මැරුණා. ඉතින් මේක හින්දා දොස්තර කණ්ඩායමේ ලොයිස් ජෝර්ජියාට හොදටම බනිනවා. හැබැයි ජෝර්ජියා කිව්ව තාර්කික හේතු කාරණා හින්දා ටොම් තීරණය කරනවා ඒ දේ අතෑරලා දාලා තමන්ගෙ ගමන යන්න. ඒ කියන්නෙ කෙළින්ම කිසිමාවලට යන්න. හැබැයි මේ කට්ටිය කිසිමාවලට යන කොට එහෙත් යම් දෙයක් සිද්දවෙලා. මිනිස්සු නිකන් බිරන්තට්ටු වෙලා වගේ ඉන්නෙ. ඒකට හේතුව වෙන්නේ සන්නද්ද කණ්ඩායමක් ඒ ප්‍රදේශය අත්පත් කරගෙන සිටීම.

එහාට ගියාට පස්සෙත් ජෝර්ජියා තමන්ගෙ මහත්තයව හොයාගන්න වෙහෙස වෙනවා. හැබැයි මෙයා පීටර් බෙලෝගේ පොටෝ එක පෙන්නපූ ගමන්ම ගම්මු බයවෙනවා. එක් කෙනෙක් ඇරෙන්න කවුරුවත්ම මොකුත්ම කියන්නෙ නෑ. ඒ වගේම ජෝර්ජියාව තව පොඩ්ඩෙන් ලොකු අමාරුවකත් වැටෙනවා. කොහොමහරි ඔය අලකලංචි ඔක්කොම මගෑරලා ජෝර්ජියා හොයාගන්නවා බෙලෝ ඉන්න තැන. මිනිහා කොල්ටන් පතලක ඉන්නෙ. ඒ විතරක් නෙවෙයි ජෝර්ජියාට පතලට රිංගන්න හොද ක්‍රමේකුත් ලැබෙනවා. ඒකත් ලොයිස්ගේ මාර්ගයෙන්.

හොදයි එහෙමනම් මම මිට වඩා යමක් කියන්න යන්නේ නෑ. කට්ටිය බාගෙනම බලන්නකො මොකද වෙන්නේ කියලා. ඊළග කොටස වෙනත් සහෝදරයෙක් රැගෙන එයි. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 316MB |

|  WEB | x264 | 720p | 331MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *