MENU

The Widow [S1:E06] | මකුණා සහ මකුණු දැල

ඉතින් මිත්‍රවරුනි අද බයිස්කෝප් අපිට විශේෂ දවසක්. අපේ ගමන් මගට අදට වසර දහයක් වෙනවා. සෑහෙන බාධක මැද්දේ ගොඩාක් දුර සාර්ථක ගමනක් අපි ඇවිත් තියනවා කියලා කියන්න පුලුවන්. ඒ පිටිපස්සේ ගොඩාක් අයගේ අප්‍රමාණ කැපකිරීම් බොහොමයි. අපේ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනෙක්ම මම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා ඒවගේම බොහොම ස්තූතියි. ඒ විතරක් නෙමෙයි මේ ගමනට ලොකු පිටුවහලක් උන බයිස්කෝප් රසික රසිකාවයින් වන ඔබ හැමෝටමත් ගොඩාක් ස්තූතියි. මම වැඩි දෙයක් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් සඳහන් වෙලා තියනවානේ. ඉතින් ඒ වෙනුවෙන් අපි තීරණය කලා අද ඔයාලාට The Widowරූපවාහිනී කතාමාලාව අරගෙන එන්න.

මම බාරගත්තේ 6 වෙනි කොටස. ඉතින් ඊට කලියෙන් පස්වෙනි කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. අපිට දැකගන්න පුලුවන් උනේ ජුඩිත්ගේ අතීතයේ සිදුවීමක් ගැන. මීට අවුරුදු ගනනකට පෙර ජුඩිත්ගේ අම්මා නැතිවෙනවා. එතනදී එයාට ෂෙනන්ව මුණගැහෙනවා. එයා ජුඩිත්ට ලංවෙනවා. ඔය විදියට ෂෙනන් ජුඩිත්ගෙන් ඒ යාළුකම හරහා හදිසියේ සල්ලි වගයක් ඉල්ල ගන්නවා. ජුඩිත් එයාගේ අම්මා එයාට ඉතුරු කරලා තිබුන සල්ලි වගයක් ෂෙනන්ට දෙනවා. ජුඩිත් හීනෙකින්වත් හිතන්නේ නෑ ෂෙනන් මේ කරන්නේ බොරුවක් කියලා. ඉතින් එයා ෂෙනන්ගේ ගැටේට අහුවෙනවා. තව එතකොට ජෝර්ජියා යනවා එයාගේ සැමියාව හොයාගෙන. එයාට දැනගන්න ලැබෙනවා ඔහු කින්ෂාෂා වල ඉන්නවා කියලා. ඉතින් එයා ගුවන් තොටුපලේ බෝම්බය හයිකරපු කෙනාව හොයාගෙන ගිහින් ඒ ගැන ප්‍රශ්න කරනවා.

මේ සතියේ කොටස ගැන කතා කලොත්, මාර්ටින් ඒරියල් එක්ක එනවා ජෝර්ජියා ඉන්න තැනට. එයාලා හොයන්නේ ගුවන් යානයට බෝම්බය අටවපු කෙනාව. ඉතින් ඔය වැඩේදී ඒරියල්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධවෙනවා. ඒවගේම තමයි ජෝර්ජියා එක්කගෙන ආපු ලමා සොල්දාදුවා, අඩිජා, එයා කියනවා ජෝර්ජියාට එයාගේ මහත්තයා වගේ කෙනෙක් දැක්කා කියලා. එයා ඉන්න තැනටත් ජෝර්ජියාව එක්කගෙන යනවා. හැබැයි අඩිජාගේ හිතේ තියෙන්නේ වෙන සැලැස්මක්. ඉතින් ඒක මොකක් වෙන්නැති කියලාද හිතන්නේ ? ජෝර්ජියාට මොකක්හරි කරදරයක් වෙයිද ? එක්කෝ එයාගේ මහත්තයා එයාට මුණගැහෙයිද ? අපිට ඔය දේවල් ටික මේ 6 වෙනි කොටසෙන් බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ කොටස අචින්ත සහෝදරයා ඔයාලාට අරගෙන ඒවි. තවත් උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

Direct Download   

|  WEB | x264 | PHOENiX | 279MB |

|  WEB | x264 | 720p | 348MB |

|  WEB | x264 | PHOENiX | 2.2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *