MENU

Supernatural [S14 : E14] | මම ඒන්ජල් කෙනෙක් නෙවෙයි!!

පසුගිය කොටසින්

මාසෙකට පස්සේ ආයෙමත් වතාවක් මුණගැහෙන්නේ සුපර්නැචුරල් කතාමාලාව එක්කයි. මතකනේ 13’වැනි කොටස තුලින් පවුලේ අයට එකතුවෙන්න ලැබුණු සොදුරු මොහොතක් තිබුණු කොටස ගැන? අමතක වෙන්න විදිහක් නැහැ මොකද ඒ කොටස ඒ තරමටම හොදයි. බෙයිසූ කියන සිතු පැතු සම්පත් ලබාදෙන චීන පෞරාණික මුතු ඇටයක් නිසා තමයි ජෝන් ආයේ ආවේ. සිතු පැතු සම්පත් කිව්වත් තමන්ගේ හදවතේ වැඩියෙන්ම ඕන කරන දේ තමයි ප්‍රාර්ථනාව ලැබෙන්නේ. ඉතින් සෑම් මේක ඩීන්ට දීලා එයා එයාගේ ප්‍රාර්ථනාව අනුව ඉල්ලුවම එයාට ලැබුනේ තාත්තාව. ඒ කිව්වේ ජෝන් වින්චෙස්ටර්ව. හැබැයි කිව්වේ එයාට ඕන වුනේ ලූසිෆර් එයාගේ ඔලුවේ ඉදන් කරදර කරන එක නතර කරවගන්න ඕන කියලා. ඒකනම් උනේ නැහැ. ජෝන්ව ලැබුනට ඩීන්, සෑම් වගේම මේරි හුගාක් සතුටින් හිටියෙ. ඒත් ඩීන්, සෑම් දෙන්නට දැනගන්න ලැබෙනවා මේ දෙන්නා කාලය තරණය කරලා අතීතයේ චරිත වර්තමානයට ගෙනාපු නිසා මේ දෙන්නා ජීවත් වෙන කාලයෙ මේ දෙන්නාගේ චරිත දෙක වෙනස් වෙලා කියලා. ඒ විතරක් නෙවේ අතීතයේ හිටිය කෑස් වගේම සැකරායා එහෙමත් පෘතුවියට ඇවිත් තිබුනා ටයිම් ලයින් එකත් එක්ක පැටලෙන කෙනා කවුද කියලා හොයාගෙන. මේ නිසාම මේ අයට සිද්දවුනා තවත් නරක දේවල් වෙන්න කලින් ජෝන්ව ආපහු යවන්න. එයාව යවන්න කලින් ඩීන්, සෑම්, මේරි එකතුවෙලා ජෝන් එක්ක අන්තිම වතාවට පවුලේ අය එකට රෑ කෑමක් අරගත්තා.

මතක තියාගන්න ලබන සතියෙ කොටස මීට වැඩිය ප්‍රමාද වෙන්න සැහෙන ඉඩ තියෙනවා උපසිරැසි ගණනාවකම හිරවෙලා ඉන්න නිසා. ගිහින් එන්නම්. ජය!

——
අද කතාවේ නම “Ouroboros”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: – Steve Yockey
විකාශනය වුනේ: 2019 මාර්තු 07
මීලග කොටසින්: “Peace of Mind” | 2019 මාර්තු 14

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 206MB |

Direct Download

| HDTV | x264 | 480p | 138MB |

| HDTV | x264 | SVA | 217MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Supernatural [S14 : E14] | මම ඒන්ජල් කෙනෙක් නෙවෙයි!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *