MENU

The Crossing [S01: E06] | යුක්තිය කොතනද..?

ආයුබෝ වේවා බයිස්කෝප්..!

හරියටම දශකයක්. ලංකාවේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්, ලංකාවේ වැඩිම පිරිසක් දෛනිකව සැරිසරන වෙබ් අඩවි අතර බයිස්කෝප් කියන නම විරාජමානයි. ඉතිං ඒ විරාජමාන වෙබ් අඩවියේ මමත් එක සාමාජිකයෙක් විදියට මීට වසර එක හමාරකට කලින් මගේ නම සටහන් කර ගත්ත. ඉතිං අවුරුදු 10ක් පුරා බොහෝ දෙනෙක්ගෙ කාලය, ශ්‍රමය, සහ මුදල් කැප කරමින් ආපු ගමනක සැමරුමට මටත් මේ විදියට එකතු වෙන්න අවස්ථාව ලැබුණ. ඉතිං එදා මෙදා තුර ලංකාවේ නම රඳවපු වෙබ් අඩවියක සාමාජිකයෙක් වෙන්න ලැබීම මට ලොකු ගෞරවයක් සහ ආඩම්බරයක්. ඉතිං දහවෙනි සංවත්සරයේ ත්‍යාගයක් විදියට එකවර නිකුත් කරන The Crossing කතා මාලාවේ මගේ දායකත්වය තමයි මෙතැන ඉඳල ඉදිරි කොටස් 3න් ඔබට සමීප කරන්නෙ.
පසුගිය කොටසින්…
2008 වර්ෂයේ සිදුවුණු පූර්ව සංක්‍රමණය ගැන එමා කියන නියෝජිතවරිය හොයා ගන්නව. මේක දැනගන්න ඊව් එමාව මරල දැම්ම. ඒ වගේම මේ සංක්‍රමණය ඇත්තටම ක්‍රමවත් විදියට සිද්ධ වුණා කියන්න සාක්ෂියක් තමයි මාර්ෂල් කියන්නෙ. එදා ඔවුන්ගේ සංක්‍රමණය වුණු වෙලාවෙ මාර්ෂල් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කාර් එකේ එනව. මීදුම අතරින් පාරෙ මිනිස්සු ඉන්නව දැකපු මාර්ෂල්ගෙ පියා කාර් එකේ තිරිංග තද කළාම කාර් එක හෙළකින් පහලට වැටිල මාර්ෂල්ගෙ අම්ම මිය යනව. මේ සිදුවීම මාර්ෂල් වරින් වර හීනෙන් දකිනව. ඒක පොලීසියට කිව්ව වුණත් පැහැදිලි සාක්ෂි නැතුව ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ. මේ අතරෙ තමයි වසර 10කට පස්සෙ (බයිස්කෝප් අපිටත් දැන් 10යි ) දෙවැනි සංක්‍රමණය සිද්ධ වෙන්නෙ. නමුත් මේක වෙන්න තිබුණු දෙයක් නෙවෙයි. මොකද 2008 ආපු පිරිස කාල රාමුව වෙනස් කරල තිබුණෙ. ඒ නිසා තමයි සංක්‍රමණය නිසි විදියට වෙන්නෙ නැතුව මුහුද යටින් සිද්ධ වෙන්නෙ. ඒකෙන් සිය ගාණක් මිනිස්සු මැරිල 47ක් පණ බේරගන්නව. මේ බේරුණු පිරිස අතරට 2008 කණ්ඩායම බයේ හිටපු ඇපෙක්ස් පවා අන්තර්ගතයි. ඊව් ලඟ ඇපෙක්ස් විනාශ කරන්න සැලැස්මක් තියෙනව. නමුත් ඒකට රීස්ව පණ පිටින් අල්ල ගන්න ඕනෙ. මේ ඔක්කොම අතරෙ රීස්ගෙ දුව ලියාට මැන්ටල් කියල රෝගය වැළඳිලා හිටියෙ. සොෆී කියන ඩොක්ටර් ඒකට බෙහෙත් හොයද්දි රීස්ගෙ ඇටමිදුළු වල අවශ්‍ය බෙහෙත තියෙනව කියල හොයා ගන්නව. ඒකෙන් ලියා සනීප වෙනව. මේ රෝගයෙන් මේ වෙනකං කිසි කෙනෙක් බේරිලා නෑ. ඉතිං ලියා කොහොමද සනීප වුණේ කියන එක ලොකු ගැටළුවක් වෙනව හැම කෙනෙකුටම.
අද කොටසින්…
ඉතිං කරුණු කාරණා ඔහොම වෙන අතරෙ අද බලාගන්න පුළුවන් ශෙරිෆ් ජූඩ් එයාගෙ යාළුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්න මහන්සි වෙන විදිය. ඒ වගේම රීස් එයාගෙ ව්‍යාජ අනන්‍යතාව හදාගන්න උත්සාහ කරන විදියත් ඔන්න බලාගන්න පුළුවන්. මේ අතරෙ 47 දෙනා රඳවල ඉන්න කඳවුර වටේ විදුලි වැටවල් ගහල ආරක්ෂාව තර කරනව. කේලබ් මේක ප්‍රශ්න කරනව. මේ අතර මාර්ෂල් එව්ව ෆෝන් එකෙන් ෆොටෝ අරගෙන කේලබ් යවනව මාර්ෂල්ලට, එයාලගෙ සත්‍ය තත්වය ලෝකයට හෙළි කරන්න. නමුත් මේ ෆෝන් එකත් ඇතුළෙ ඉන්න කෙනෙක් නිසා අහු වෙනව. ලියාට සනීප වුණාට පස්සෙ ඩොක්ටර් ෆෝබ්ස් එයාගෙ පරීක්ෂණ වලින් ඉවත් කරනව. ෆෝබ්ස් හිතාගෙන හිටියෙ රීස්ගෙ ලේ වලින් ලෝකයට අලුත් ඖෂධයක් හදන්න. හැම රෝගයක්ම සනීප කරන්න රීස්ගෙ ලේ වලට හැකියාව තියෙනව. නමුත් ෆෝබ්ස්ගෙ ඉවත් කිරීමත් එක්ක ෆොබ්ස්ගෙ හදවත් රෝගය උත්සන්න වෙලා කාර් එක හප්ප ගන්නව පාරෙ තියෙන තාප්පයක. ඉතිං ඔන්න ගොඩක් දේවල් කිව්ව. දැන් බලල ඉන්නකො. අද ඔක්කොම ටික දෙන නිසා, නිවාඩු දවසෙ එක හුස්මට බැලිල්ලක් තමා තියෙන්නෙ. එහෙනම් ඊලඟ කොටස අරන් ඉක්මනට එන්නම්. ජය වේවා!
Hail බයිස්කෝප්..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 207MB | 

Direct Download   

|  WEB | x265 | 720p | 207MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *