MENU

Shadowhunters: The Mortal Instruments [S03 : E13] | ස්වර්ගයෙන් නැගෙන ගින්න..!

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ඔන්න ආයෙත් හමුවෙන්නෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන ගමන්. එහෙනම් බලමු කලින් කොටසෙ මොනවද වුණේ කියල.

පසුගිය කොටසින්..

ඉතිං කලින් කොටසෙදි රෆායෙල් කියපු තොරතුරු අනුව සයිමන් ඉසී එක්ක යනව පරණ වැම්පයර් හොයාගෙන. එහෙම යන සයිමන්ට ඇත්තටම පුරාවෘත්ත වල එන “කේන්” හමු වෙනව. මේ කේන් ලඟ තමයි සයිමන්ගෙ නළලෙ තියෙන සලකුණේ සැබෑ සලකුණ තියෙන්නෙ. ඉතිං මෙහෙම හමුවෙන කේන්, සයිමන්ට කියනව සලකුණ ඉවත් කරන විදිය ගැන. ඒක හරිම වේදනාකාරීයි කියල දැක්කනෙ. සයිමන් නොමැරී මැරුණ, සිලී රැජිණ කිව්ව විදියට සලකුණ අයින් කරන්න ගිහින්. කොහොමහරි මේ වෙලාවෙ සයිමන් මැරෙන්න යන නිසා ඉසී ලොකු තීරණයක් ගන්නව. මතක ඇතිනෙ කට්ටියට ඉසී යින්-ෆින් වලට ඇබ්බැහි වෙලා නිසා වැම්පයර් කෙනෙක් ඉසීගෙන් ලේ බිව්වොත් ආපහු ඒ ඇබ්බැහිකම ඇති වෙනව. නමුත් ඉතිං ඉසී තමන්ගෙ ජීවිතයට වෙන අනතුර ගැන හෝ නොහිතා සයිමන්ට ලේ බොන්න දෙනව. මේ අතරෙ ජොනතන් ක්ලැරී එක්ක පැරිස් වල රවුම් ගහගහ තමයි ඉන්නෙ. ලූක් දුන්නු ඉඟි අනුව වැඩ කරල ජේස් හොයා ගන්නව ක්ලැරී ඉන්නෙ පැරිස් වල කියල. ඒ නිසා කට්ටිය පැරිස් වලට යනව. ජොනතන් “උදාතරු අසිපත” කියල පවුලේ පෞරාණික අසිපතක් හොය හොයා ඉන්නෙ. ඒකෙ රහස අපි තාම දන්නෙ නෑ. මෙහෙම ඉන්නකොට තමයි ඇලෙක්, ජේස් සහ ලූක්, ක්ලැරී ඉන්න තැනට යන්නෙ. එතනදි කාටවත් මොකුත් කරගන්න බැරි වෙනව, මොකද ජොනතන්ට කරන ඕනම දෙයක් ක්ලැරීට බලපාන නිසා. ඒ අවසරයෙන් ජොනතන් පැන ගන්නව.

අද කොටසින්..

යින්-ෆින් විෂ නිසා ආයෙත් ඉසී අසනීපයෙන් ඉන්නෙ. මේ අතරෙ ජොනතන් කොහේහරි ඉඳගෙන ක්ලැරීට වද දෙනව. කට්ටියට මතකද මන්ද “හයිඩි” කියන වැම්පයර් කෙල්ල. එයා තමයි සයිමන්ට, එයාගෙ සහෝදරීගෙ ලේ බොන්න සලස්සල සයිමන්ගෙ අම්මව පිස්සු වට්ටන්නෙ. ඊට පස්සෙ සයිමන්, ජොර්ඩන් එක්ක එකතු වෙලා එයාව පේට්‍රෝ එකට අල්ලල දුන්න. හැබැයි එයා මඟදි පැන ගත්තනෙ. ඔන්න අද එයා ආයෙත් කරලියට ඇවිල්ල මහ විනාශයක් කරනව. ලූක් මේරිස් එක්ක එකතු වෙලා උදාතරු අසිපත ගැන විස්තර හොයනව. ඉසීගෙ ඉල්ලීමකට අනුව, ග්‍රින්ලොව් කියල කෙනෙක් ක්ලේව් පහළ ලෝක වාසීන්ට වධහිංසන කරන එක ගැන විස්තර කියන්න ඉසී හොයාගෙන එනව. නමුත් ඉසීට ඒ තොරතුරු ගන්න වෙන්නෙ නෑ. මේ අතරෙ මායා-සයිමන් ආදර කතාව අවසාන වෙලා ඉසී-සයිමන් ආදර කතාව දළුලා වැඩෙයි කියල හිතන්න පුළුවන් කාරණා මතු වෙනව. ඒ වගේම ලූක්ගෙ රැලට අලුත් ඇල්ෆා කෙනෙක් එහෙම පත් වේවි කියල හිතන්නත් පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.. ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | TBS | 340MB |

Direct Download
| WEB | x264 | TBS | 340MB |
      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *