MENU

Death Note AKA Desu nôto [S01 : E01 & E02] | ආරම්භය!

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න ආයෙත් මම සුපිරි ඇනිමේ සීරිස් එකක් අරන් බයිස්කෝප් වෙබ් පලට අවා..ඉතින් ඩෙත් නෝට්, ඩෙත් නෝට් කිව්වම කව්ද නොදන්නේ නේද? මං මේ ඇනිමේ එකට සබ් එකදෙන අදහස ඔලුවට දැම්මේ සමීර කරුණාරත්න සහෝ ඒ වගේම මේක බාරදුන්න සිසිල ප්‍රසාද් සහෝවත් අමතක කරන්න බැහැ ඉතින් මම ඒ සහෝලට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඩෙත් නෝට් ඔරිජිනල් ඇනිමේ එකට කිසිම සයිට් එකක සබ් දීල නැති නිසා. අද ඉඳන් ඉස්සරහට මම මේ සීරිස් එකට සබ් දෙනවා. එහෙනම් මං හිතනවා ඇනිමේ වලට ආදරය කරන අය මේ ඇනිමේ එකත් එක්ක ඉඳි කියලා. හරි. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 9/10 වගේ ඉහල අගයක් අරන් තියනවා. මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tvseries එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු. යගමි එහෙමත් නැත්නම් ලයිට් දක්ෂ ළමයෙක් හැම එක්සෑම් එකකින්ම පළවෙනියා වෙනවා එත් දවසක් එයා දකිනවා උඩින් පොතක් වැටෙනවා මෙයා මේ පොත ගන්නවා මෙයා දන්නේ නැහැ මේ පොත එයාගේ මුළු ජීවිතේම වෙනස් කරනවා කියලා. කොහොම නමුත් මේ පොත එහමත් නැත්නම් ඩෙත් නෝට් එක ටිකක් අමුතු බලයක් තියන පොතක් කියලා යගමි හොයාගන්නවා. මේ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා ඒක තමයි මේ පොතේ තියන අමුතු බලේ. යගමි පොත පාවිච්චි කරලා අපරාධ කාරයන්ව මරනවා.පොත හම්බවෙලා දවස් පහකට පස්සේ පොත අයිති කෙනා එනවා. ඒ තමයි රියුක්, ඒ කියන්නේ මළවුන්ගේ ලෝකේ අධිපතිය එහෙමත් නැත්නම් මරණයේ දෙවියා. එයා තමයි ඒ නෝට් පොත මනුස්ස ලෝකෙට දාල තියෙන්නේ ඒ මොකටද ඒ පොත මනුස්ස ලෝකෙට දාල තියෙන්නේ? ලයිට්ට මොකක් වෙයිද? ලයිට් ගේ ඇත්තම අරමුණ මොකද්ද? මිනිස්සු මේ මිනීමැරුම් අනුමත කරයිද?
කියලා දැනගන්න නම් ඔයාල ඩෙත් නෝට් බලන්නම ඕන. එහෙනම් අදට ආයුබෝවන් ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු . ඔබට ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x265 10bit | 720p | 4GB | Complete S01 

Direct Download 

| BDRip | x265 10bit | 720p | 112MB | E01 |

| BDRip | x265 10bit | 720p | 113MB | E02 |

| BDRip | x265 10bit | 720p | 4GB | COMPLETE S01 |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Death Note AKA Desu nôto [S01 : E01 & E02] | ආරම්භය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *