කොහෝමද කට්ටිය ඔන්න මං ආවා මගේ බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙනපලමු උපසිරසියත් එක්ක. මං නමින් තරිදු ප්‍රබෝධ, ඇත්තටම වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබ්බත් සාමාන්‍ය පෙල විභාග කටයුතුත් එක්ක මේවට කොහෙද වෙලාවක්. ඉතින් දැන් මං free එකේ ඉන්න නිසා මගේ පලවෙනි උපසිරසිය ගෙනාවා. ඒත් මේක හරියටම බැලුවොත් මගේ පලවෙනි සබ නෙමෙයි.මොකද මං මේ ෆිල්ම් එකට කලින් tv searias එහේක එපි 4කටසබ් කල. ඉතින් මේක මගේ 5වෙනි සබ . tv searias එකත් ලගදිම බලා ගන්න පුලුවන් වේවි.[ලග කිව්වට ලගදිමත් නෙමේ] හරි ඉතින් වල් පල් ඇති අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.
ඉතින් මං අරන් ආවේ 2018 වසරේ මාර්තු මස 24 වෙනිදා විකාශය ආරම්බ උන animation ෆිල්ම් එකක්, ඉතින් මේක imdb මීටරේ 5.2 පමන අගයක් අත්කරගෙන තියනවා. ඇත්තටම කිව්වොත් ෆිල්ම් එක හදන්න වැය වෙච්ච මුදල එක්ක බැලුවහම ආදයම් අතින්නම් ෆිල්ම් එක සර්ථකයි කියන්න පුලුවන්.
කෙසේ හෝ කතාව පැත්ත බැලුවොත් අපිට ප්‍රදාන චරිත විදියට මෙලඩි කියන ගෑනු ලමයා. ලීෆ් කියලා පිරිමි ලමයෙක් නිකොලයි කියලා වයසක උන්දෙකුත් බලා ගන්න පුලුවන්. තවද හන්ටර් කියලා බලු කුක්කෙකුත් අපිට බලා ගන්න පුලුවන්. හැම කථාවෙම දුෂ්ටයෙක් ඉන්න නිසා මේ කතාවෙත් ඩ්‍රැකන් කියලා මිනිස් මකරෙක් තමයි දුෂ්ටයට ඉන්නෙ. එකමත් එක කාලෙක ස්වර්ගයෙන් පොලවට අරුම පුදුම බල ඇති ගීතයක් ලබා දෙනවා. මේ ගීතය පොලවට බාර දෙන්නේ ඩ්‍රැකන් කියලා බාර කාරයෙකුත් එක්ක කාලයත් එක්ක මේ ඩ්‍රැකන් ගීතය බලයට කෑදර කමින් රුදුරු මකරෙක් වෙලා පොලොව පාලනයා කරන්න ගන්නවා. ඒත් ඉතින් දිව්‍ය ලෝකේ මැදිහත් වීමෙන් ඩ්රැකන්ව පොලොව පතුලේ ඇති ගුහාවක සදහටම හිරකරනවා. ඒත් මේ මකරා ඔයා ගුහාවෙ ඉන්නෙ මිනිසුන් හැමදාම ගීතය හදවතින්ම විශ්වාශ කලොත් විතරයි. ඉතින් කාලයත් එක්ක මකරා නිදහස් වෙනවා. ඉතින් මෙලඩියි එයාගෙ යාලුවොයි මකරව පරාද කරන විදිය තමයි ඉතිරි කතාව පුරා යන්නෙ…
කුතුහලෙත් ඔහොම්මම තියාගෙන සබ බාගෙන කතාව බලන්න කියලා ඉල්ලමින් මම කැපෙනවා,තවත් හොද නිර්මාණයක් එක්ක නැවත හමුවෙමු.
ජයවේවා!!!!
ප:ලි: පලවෙනි සබ නිසා ඔයාලගෙ අදහස ගොඩක් වටිනවා. ඒක නිසා යනගමන් කමෙන්ටුවකුත් හලාගෙන යන්න.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
One thought on “Ice Dragon: Legend of the Blue Daisies (2018) | අයිස් මකරා සහා නිල් ඩේසි මල්වල පුරාවෘත්තය…”
Ela bro