MENU

Death Note AKA Desu nôto [S01 : E15 & E16] | ලයිට්ගේ විසඳුම

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ අටවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන.
ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත් මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව.
කලින් එපසොඩ් එකේදී ලයිට් අන්දුනගන්නවා දෙවැනි කිරාව ඒ කියන්නේ මිසා එයා ප්‍රසිද්ද නිලියක් නේ පස්සේ ඒ දෙන්න එකඟ තාවෙකට එනවා කිරාගේ ඒ කියන්නේ ලයිට් ගේ පෙම්වතිය වෙන්න කියල ඒ වගේම L ව මරන්න රේම් ඒ කියන්නේ මිසාගේ ශිනිගාමීත් කැමති කරවගන්නවා. ඔන්න ඔහොමයි කලින් එපසොඩ් එකේ සිද්දිය උනේ. අද එපසොඩ් එකේ සිද්දිය කෙටියෙන් කියන්නම් ඔයාල ඉතුරු ටික බලන්න ලයිට් සාමාන්‍ය විදියට කැම්පස් යනවා ඒත් දවසක් එයාට මිසා ව හම්බවෙනවා, ඔයාල දැක්කනේ Lට මිසාගේ කෙස් වගේ දේවල් ටිකක් ලැබිල පරික්ෂා කරකර හිටියා එකෙන් එයා දැනගන්නවා මිසා කියන්නේ දෙවැනි කිරා කියල. දැන් ලයිට් ට මිසා හම්බවෙනවෙලාවේ L කියනවා මීසා දෙවැනි කිරා කියල. එයාව අත්තඩංගුවට ගන්නවා දැන් ලයිට් රේම් මොකක් කරයි ද? ලයිට් මොනවගේ සෙල්ලමක් දායිද L එක්ක කියලා දැනගන්නත් එක්ක මේක බලන එක ඔයාලටම බාරයි.යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.
එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x265 10bit | 720p | 4GB | Complete S01 

Direct Download

| BDRip | x265 10bit | 720p | 114MB | E15 |

| BDRip | x265 10bit | 720p | 108MB | E16 |

| BDRip | x265 10bit | 720p | 4GB | COMPLETE S01 |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *