MENU

Death Note AKA Desu nôto [S01 : E35, E36 & E37] | මේ ආරම්භයක අවසානයද, අවසානයක ආරම්භයද…!?

කොහොමද හිතවතුනි. ඔන්න අද මම ඩෙත්නොට් කතාමාලාවට තිත තියන්නයි යන්නේ, ඒ කියන්නේ අද තමයි අවසාන කොටස් තුන.

ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.

මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත් මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. එත් කිරා අන්තිමේදී L ව උපක්‍රමේකින් මරනවා ඒත් L මැරුණට L වගේම තවත් තරගකරුවෝ දෙන්නෙක් කතාවට එනවා.

කලින් එපසොඩ් එකේදී ටකදා දැනගත්ත මිසා කියන්නේ කලින් දෙවැනි කිරා කියල ඒ වගේම දකින්න ඇති නියර් මොකද්දෝ ලොකු සැලැස්මකට වැඩකරනවා. ඒ වගේම අයිසාවත් රහසේම නියර් හම්බෙනවා. කොහොම උනත් අද කොටසේදී තීරණය වෙනවා කව්ද ජයග්‍රහකයා කියල. ඔන්න අද හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වෙද්දී එකපාරටම මෙලෝ එලියට එනවා ඒ ඇවිල්ල ට්කදාගේ ආරක්ෂකයන්ට පහරදීලා ටකදාව පැහැරගෙන යනවා. ඒ මොකටද කියන එක ඔයාලට කතාව බලද්දී තේරෙයි. එයාව පැහැරගෙන ගිහින් මෙලෝ ලොකු වැරද්දක් කරගන්නවා ඔයාල දන්නවනේ ටකදාගාව තාම නෝට්බුක් එකේ කොළ තියනවා කියල එයා ඒවා පාවිච්චි කරලා මෙලොව මරනවා පස්සේ ටකදා ලයිට්ට කතා කරනවා ඉතින් ලයිට් කරන්නේ එකම දෙයයි ටකදාගේ නමත් නෝට්බුක් එකේ ලියනවා මොකද සාක්ෂි ඉතුරු කරන්න බැරි නිසා. සිද්දිය ඔහොම සිද්දවෙලා වැහිලා යනවා. මේ අතරේ දවස් 3 ට පස්සේ ලයිටුයි නියර්යි කතාවෙච්ච විදියට මුණ ගැහෙනවා මේක තමයි කතාවේ අවසානය ලයිට්ටයි නියර්ටයි දෙන්නටම ලොකු සැලසුම් තියනවා කව්ද දිනන්නේ කව්ද පරදින්නේ කියල බලාගන්න එක ඔයාලට බාරයි එහෙනම් තවත් මේ වගේ උපසිරසි නිර්මාණයකින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.

“ලෝකය දුෂිත වෙලා මිනිස්සු දුෂ්ඨ වෙලා,මේ ලෝකය සුව කළ හැක්කේ මේ ලෝකයෙන් දුෂ්ඨත්වය ඉවත් කිරීමෙන් පමණයි!”
-කිරා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x265 10bit | 720p | 4GB | Complete S01 

Direct Download

| BDRip | x265 10bit | 720p | 110MB | E35 |

| BDRip | x265 10bit | 720p | 124MB | E36 |

| BDRip | x265 10bit | 720p | 115MB | E37 |

| BDRip | x265 10bit | 720p | 4GB | COMPLETE S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *