MENU

Justice League [S01: E01 & E02] | කුමන්ත්‍රණයක සුලමුල…

ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave and the Bold හි 28 වන කලාපයෙන් මේ කණ්ඩායම මුල් වරට එලි දක්වනු ලැබූවා. සුපිරි වීරයින් කීප දෙනෙක් එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට ක්‍රියා කිරීමක් තමයි මේකට පාදක වෙන්නේ. ඉතින් මේ හඳුන්වලා දීපු කණ්ඩයමේ ආරම්භක සාමාජිකයින් 7 දෙනෙක් හිටියා. එයාල තමයි,

  • Batman
  • Superman
  • Aquaman
  • Wonder Woman
  • The Flash 
  • Green Lantern 
  • Martian Man hunter

ඉතින් මේ හත්දෙනාගෙන් ඇරඹුණු කණ්ඩායම පසුකාලීනව විවිධ වෙනස්කම් වලට ලක් වෙලා විවිද ආකාරයට ගොඩනැගුනා. ඉතින් පසුකාලීනවThe Atom, Big Barda, Black Canary, Cyborg, Green Arrow, Elongated Man, the Flash/Wally West, Green Lantern/John Stewart, Hawkgirl, Hawkman, Metamorpho, Plastic Man, Power Girl, Orion, Red Tornado, Stargirl, Captain Marvel/Shazam සහ Zatanna වැන්නවුන් සහ තවත් බොහෝ දෙනා එකතු වෙනවා.  පසු කාලීනව ඔයාලට දැකගන්න ලැබේවි ජස්ටිස් ලීග් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වල වොච් ටවර් එකේ සුපිරි වීරයන්ගෙන් පිරුන තැනක් බවට පත්වෙනවා. මුලින් කොටස් 26 බැගින් කතා මාලා දෙකින් සමන්විත වෙලා පසුව තවත් කොටස් 13 බැගින් වූ කතා මාලා තුනක් 2014 ජුලි  31 සිටJustice League Unlimited නමින් විකාශය උනා. ඉතින් ඒ කතා මාලා  ඔබට මුලින් විකාශය උන එනම් 2001 නොවැම්බර් 17 සිට ආරම්භ උන මේ කතා මාලා දෙකෙන් පසුව ඔබට දිගටම ලැබේවි.

අද පටන් ගන්න කතා මාලා පහ ගැන ඔබට වෙන වෙනම කිව්වොත් ඒවා මෙසේ දක්වන්න පුළුවන්.

Justice League 

පළමු කතා සමය – කොටස් 26 – විකාශය ආරම්භ උන දිනය 2001 නොවැම්බර් 17

දෙවන කතා සමය – කොටස් 26 – විකාශය ආරම්භ උන දිනය 2003 ජුලි 05

Justice League Unlimited

පළමු කතා සමය – කොටස් 13 – විකාශය ආරම්භ උන දිනය 2004 ජුලි 31

දෙවන කතා සමය – කොටස් 13 – විකාශය ආරම්භ උන දිනය 2005 පෙබරවාරි  05

තෙවන කතා සමය – කොටස් 13 – විකාශය ආරම්භ උන දිනය 2005 සැප්තැම්බර් 05

මේ කතා මාලාව ආරම්භය ගත්තොත් මේ වනවිට ජස්ටිස් ලීග් හෙවත් සුපිරි වීරයන් ඒකරාශී වී කණ්ඩායමක් පිහිටුවාගෙන අවසන්. ඊට අර මුලින් කියූ කණ්ඩායම් සාමාජිකයන් හත් දෙනා එකතු වී තිබෙනවා. කතාව ආරම්භ වන්නේ මේ කණ්ඩායමට ලැබෙන පිටසක්වල කුමන්ත්‍රණයක් සම්බන්ධවයි. පෘතුවිය අප නොදන්න පිටසක්වල ජීවින් කොට්ඨාශයක් ඔවුන්ගේ පාලනයට ගන්න කරනු ලබන ආක්‍රමණයකට එරෙහිව සටන් වදින්නයි ජස්ටිස් ලීග් කණ්ඩායමට ලැබෙන අභියෝගය. ඉතින් පළමු කොටස් තුන දක්වාම දිවෙන්නේ ඒ සම්බන්ධවයි. එහෙනම් 3 සහ 4 වෙනි කොටස් වලින් ඉක්මනින්ම මුණ ගැහෙන්නම්. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 13GB | COMPLETE | S01

Direct Download

| BluRay | x264 | 720p | 150MB | E01 |

| BluRay | x264 | 720p | 560MB | E01 |

| BluRay | x264 | 720p | 150MB | E02 |

| BluRay | x264 | 720p | 559MB | E02 |

| BluRay | x264 | 720p | 4GB | COMPLETE | S01 |

| BluRay | x264 | 720p | 13GB | COMPLETE | S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Justice League [S01: E01 & E02] | කුමන්ත්‍රණයක සුලමුල…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *