MENU

Delhi Crime [S01 : E2] | මඟ මරුවා සොයා…

සුභ දවසක් වේවා සියලු දෙනාටම,

අද මම චානක අයියත් එක්ක එකතු වෙලා අරගෙන ආවේ 2018 අවුරුද්දේ Netflixසමාගම ඉන්දියාවේ ඇති කරපු දරුණු ගණයේ සුළි කුණාටුවකුයි. 2012 වර්ශයේ ඉන්දියාවේ සිදු වුණ දරුණුතම සිදුවීම මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් ඒ වෙන කිසිම සිදුවීමක් නෙමේ, මේ කතා මාලාවට පාදක වුණ මනිර්කා සිදුවීම.

2012 වර්ශයේ දෙසැම්බර් 16 වන දිනයේ ඉන්දියාවේ මහා මාර්ගයක ධාවනය වන බස් රථයක් ඇතුළතම පිරිමි ළමයෙකුට දස වධ දෙමින් පහර දීමත් ගැහැණු ළමයෙක්ව අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් වීමත් සිදු වෙනවා. මේ සම්බන්ධව වැඩි විස්තර පළවෙනි කතාංගයේ දකින්න ඇතිනේ! මුළු ඉන්දියාවම කම්පා කෙරෙව්ව මේ භයානක සිදුවීමට දිල්ලි පොලීසියේ මැදිහත් වීමත් මේ ප්‍රශ්නය ඔවුන් යටතට ගෙන විසදන ආකාරයත් තමා මේ කතාවේ විස්තර වෙන්නේ.

නාට්‍යමය වර්ගීකරණයට අයත් වුණත් සාමාන්‍යයෙන් ඒ කතා වල දකින්න නොලැබෙන ආකාරයේ කුතුහලය ගොඩ නැගීමකුත් නියම ගලා යාමකුත් මේ කතා මාලාවේ දකින්න පුළුවන්. imdb මීටරේ 8.7 ට කරකවන්නත් Rotten Tomatoes අගය 100% ලබාගන්නත් මේ කතා මාලාවට හැකියාව ලැබුණේ ඒකයි. මුලින්ම එච්චරම අවධානය යොමු නොවුණත් එක එපියක් බැලුවායින් පස්සේ අනිත් එපිසෝඩ් ටික බලනකම් ඉවසිල්ලක් නෑ. ඒ මගේ අත්දැකීම.

ඉන්දියානු සම්ප්‍රදායන් හා සංස්කෘතිය බටහිරකරණය එක්ක මාරාන්තික සටනක යෙදෙන මේ වගේ කාලයක Netflix සමාගම ඉන්දියාවේ පත්තු කරන්නේ එසේ මෙසේ බෝම්බයක් නෙමේ. ඉන්දියාවේ ගතානුගතික සිරිත් විරිත් සම්ප්‍රදායන් සහ සංස්කෘතිය දැඩි ලෙස විවේචනයට ලක් වෙන කතා මාලාවක් ලෙස මේ කතා මාලාව හදුන්වන්න පුළුවන්. ඉතින් තවත් විස්තර මොකටද? අටුවා ටීකා මොනවා කිව්වත් ඔබ මේ කතා මාලාව මග හැර ගන්නවානම් ඒක අපරාධයක්. ඉතින් මම ඉල්ලනවා හින්දි කතා ප්‍රිය කරන හැමෝගෙන්ම වගේම පොදුවේ සියලුම ඉන්දියානු චිත්‍රපට නාට්‍ය රසිකයන්ගෙන් විදගන්න මේ අත්දැකීම.

එහෙනම් ඒ අත්දැකීම ඔබට විඳින්නට බාර කරමින් මම සමුගන්නවා. ඉක්මනින් තවත් සලරුවකින් හමු වෙමු…

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 2GB | Complete S01|

Direct Download

| HDRip | x264 | 720p | 280MB |

| HDRip | x264 | 720p | 1.9GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Delhi Crime [S01 : E2] | මඟ මරුවා සොයා…

  • mahesh rukshan

    (Delhi Crime) ithiri katha tikatk ikmanin ewanna brooo…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *