MENU

The Flash [S05 : E22] | හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතියි…

හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.

ඉතින් නෝරා තෝන්ගේ උපදෙස් පරිදි අතීතයට එනවා එයාගේ තාත්තාව බලන්න. හැබැයි එයා එන්නේ එයාගේ තාත්තාව බලන්න විතරක් නෙමෙයි, එයාට උදව් කරන්නත් හිතාගෙනමයි. ඉතින් එයාගේ පලවෙනි උදව්ව උනේ තින්කර්ගේ අවබෝධත්ව චන්ද්‍රිකාව විනාස කරන්න ෆ්ලෑෂ්ට උදව් කරපු එක. එතනින් පස්සේ එයාගේ ලොකුම ඉලක්කය උනේ මේ සිකේඩාව නවත්තන එක. කොච්චර මෙටාලා ඇල්ලුවත් ඒ ඇල්ලුවේ ස්පීඩ් එක තියෙන නිසා. ඉතින් ස්පීඩ් එක නැතිකොට මේ සිකේඩාව අල්ලගන්න එක එයාලාට ලොකු අභියෝගයක් උනා.

ඉතින් කවුරුත් දන්නා විදියට, මේ අලුත් ගැහැණු සිකේඩා එහෙම නැත්නම් අනාගතයෙන් ආපු ග්‍රේස්, ආයෙත් හැමදේම කනපිට පෙරලෙව්වා. ඉතින් එයා දැන් හදන්නේ මුළු රටේම ඉන්න මෙටා හියුමන්ලාව වෛරසයක් මගින් මරලා දාන්න. ෆ්ලෑෂ් ටීම් එකේ ඉලක්කය උනේ සිකේඩාගේ කිණිස්ස විනාස කරන එක. එතකොට එයාලාට නිකන්ම සිකේඩාව පරද්දන්න පුලුවන්. ඉතින් ඔය වැඩේදී අර දර්පණ තුවක්කුවෙන් කිණිස්සට තියපු වෙලාවේ රැල්ෆ් ඒ මැද්දට පනිනවා ඒක විනාස කරන්න එපා කියලා. ඒකෙන් රැල්ෆ් ලොකු අකරතැබ්බයකට මුහුණදෙනවා.

එතකොට ඇයි රැල්ෆ් මේ මැද්දට පැන්නේ ? මොකද එයාට තේරුණා මේ කිණිස්ස, සිකේඩා, හැමදෙයක් පස්සේම තෝන් ඉන්නවා කියලා. එයාට ඒක අනික් අයට තේරුම් කරන්න වෙලාවක් ලැබුනේ නෑ. ඉතින් අවුරුදු 15 ක් අයන් හයිට්ස් වල තෝන්ව හිර කරලා තිබුනේ. ඉතින් එයාව හිර ගෙදර රඳවගෙන තියාගත්තේ සිකේඩාගේ කිණිස්ස එයාගේ ඇඟේ රඳවලා තියපු නිසා. ඉතින් ඔයාලාට හිතාගන්න පුලුවන් ඇති තෝන් ඇයි මේ සිකේඩාව මරන්න නෝරාට උදව් කරන්නේ කියලා. එච්චර හිතන්න යන්න එපා. ඔයාලා කතාව බලලාම ඉන්නකෝ ඉස්සරවෙලා.

පස්වෙනි කතා මාලාව කොටස් 22 ක් විදියට තමයි හදලා තිබුනේ. ඉතින් වැඩ අස්සේ පරක්කු වෙලා හරි මට මෙහෙම කතාව ඔයාලාට ගේන්න පුලුවන් උන එක ගැන මට සතුටුයි. ඊලඟ සීසන් එකත් ඉක්මණට ඒවි. වැඩ රාජකාරි අස්සේ මට ඒ සීසන් එක කරන්න වෙන එකක් නැතිවෙයි. මොකද සමගාමී විකාශන කතා මාලාවකට උපසිරැසි කරගෙන යන්න පුලුවන් තත්වයක් දැනට නෑ. හැමෝටම ගොඩාක් ස්තූතියි! ඉතින් පුලුවන් හැමෝගෙන්ම අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | PHOENiX | 30MB |

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

| HDTV | x264 | PHOENiX | 290MB |

| HDTV | x264 | 720p | 900MB |

| HDTV | x265 | 720p | 196MB | PSA |

| HDTV | x265 | 720p | 199MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S05 : E22] | හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතියි…

  • Ilaga season eketh sub puluwan widiyata dennakoo… Me season ekata sub dunnata gdk tnx… Good luck..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *