MENU

Doom Patrol [S01: E15] | ආත්මාර්ථකාමී අරමුණක් නිසා විරසක වූ විකෘතිකයන්..

පෙර කොටස ගැන කියනවනම් මෙටෑලෝ හොයාගත්ත කට්ටිය නයිල්ස් කෝල්ඩර්ව හොයාගෙන ගියා. එතැනදී මේ අය මුලින්ම ගීයෙ ඩැනි කියන වචන වලින් කතා කරන නගරයට. එතනදී තමයි කට්ටියටම දැනගන්න ලැබුනේ වයිට් ස්පේස් කියලා තැනක් ගැන. ඉතින් නයිල්ස්ව හොයාගෙන වයිට් ස්පේස් එකට කට්ටියවම අරන් යන්න මෙටෑලෝට හැකියාව තිබුනා. වයිට් ස්පේස් එකට ගිය හැම විකෘතිකයෙක්වම එයාලව කලින් හිටිය ස්වභාවයෙන් මුල කරන්නයි මිස්ටර් නෝබොඩි උත්සහ කලේ. ඒත් හැම මනෝ බාධකයක්ම බිදලාගෙන ඉදිරියට එන්න රීටාට හැකියාව ලැබුනා. පස්සෙ මේ අයට දැනගන්න ලැබෙනවා මිස්ටර් නෝබොඩි මේ තරම් විකාර දේවල් කරන්නෙ ඇයි කියලා. ඒ ටිකනම් අපිටම දැකගන්න ලැබුනා පසුගිය කොටස ආරම්භයේදීම. කෙටියෙන් කියනවනම් මිස්ටර් නෝබොඩි ඔය තත්වෙට පත්වෙන්න කලින්, ඒ කිව්වේ එරික් කියන නියම මනුස්ස ස්වභාවයෙ ඉන්න කාලෙ එයාගෙ පෙම්වතිය එයාව දාලා යනවා. මේකෙන් තමයි එයාට වැඩි හරියක්ම ලොකු බලපෑමක් ඇතිවෙන්නෙ.

මේ අතරේ වික්ටර් වගේම එයාගෙ තාත්තා අතරෙත් දෙදෙනා අතරේම තවත් දුරස් වෙන විදිහෙ සිදුවීමක් වෙලා තාත්තව බලාගන්න එයා ලග නතර වෙච්ච එයාගෙ යාලුවෝ ටික හොයාගෙන වයිට් ස්පේස් එකට ආවා. වයිට් ස්පේස් එකට සයිබෝ(ර්)ග් මිස්ටර් නෝබොඩිව මරලත් දැම්මා. කට්ටියම හිතුවේ මිස්ටර් නෝබොඩි මැරෙන්න ඇති කියලා. එහෙම හිතාගෙන, හැමදේම හොදින් සිද්දවෙච්ච ගානට හිටියත් මේ අය එක වරම ලූප්හෝල් එකක, එහෙමත් නැත්තම් එකම සිදුවීමක දිගින් දිගටම හිරවෙන්න ගත්තා. ඔය වෙලාවේ තමයි ඔතනට නියම වික්ටර් එන්නෙ. පස්සෙ මිස්ටර් නෝබොඩි නයිල්ස් කෝල්ඩර් ලවා ලොකු රහස් හෙළිදරව් කරවනවා. ඒ තමයි මේ ක්ලිෆ්, රීටා, ජේන්, ලැරි වගේම වික්ටර් ඔය කට්ටියට සිද්දවෙච්ච දේවල් අහම්බෙන් සිද්ද වුනේ නැති බවත්, නයිල්ස් ඒ අයට ඔය විදිහෙ දෙයක් වුනාට වග කියන්න ඕන කියලයි කිව්වේ.

අද එතන ඉදන් සිද්දවෙච්ච දේවල් බලාගන්න පුලුවන්. එහෙමනම් ඉතින් බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. අදින් DC Universe එකේ විකාශය වෙච්ච Doom Patrol පළමු කතාසමය අවසන් වෙනවා. ලැබිලා තියෙන ආරංචිවල හැටියට මේ කතාමාලාවේ දෙවැනි කතාසමයකුත් නිකුත් වෙනවා වගේම රූගත කිරීමේ කටයුතු ලබන ලබන ජුනි මාසෙදි ආරම්භ වෙනවලු. DC Universe එකේ ඉදිරි සැලසුම් ගැන දැනගන්න කැමති නම් මෙතැනින් විස්තර ටික දැනගන්න.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 230MB |

Direct Download

| WEBRip | x264 | 480p | 210MB |

| WEBRip | x264 | PHONEiX | 330MB |

| WEBRip | x265 | 720p | 260MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *