MENU

Warrior (2019-) [S01: E10] | අලුත් ගමනක් (18+)

ලෝන්ග් සීගෙ මරණයත් එක්කම මායි ලින් ලෝන් සී කල්ලියෙ නායකත්වය අරගන්නවා. කොහොමත් ඒකටනෙ මාන බලාගෙන හිටියෙ. ඒත් එක්කම ලෝන්ග් සීලට ෆන්ග් හයි කල්ලියෙත් සහය ලැබෙනවා. ඔය අතරෙ තමයි ලෝන්ග් සී සහා හොප් වෙයිලා යුද්ධෙකට පැටලෙන්නෙ ඒ මේ අයගෙ ව්‍යාපාර හේතුකරගෙන. කොහොමහරි මේ අයගෙ ගැටුම් හන්දා කිහිප දෙනෙක්ම මැරෙනවා. ඉතිං මේක නතර කරන්න උවමනා නිසා දෙපැත්තෙම අය ද්වන්ධ සටනක් තියන්න එකග වෙනවා. කලින් කොටස සම්පූර්ණයෙන්ම වෙන්වුනේ මේ සටන වෙනුවෙන්.

මේ සටනට දෙපැත්තෙන්ම හොදම සටන් කරුවො තමයි ඉදිරිපත් කරන්නෙ. ඉතිං හොප් වෙයිලට හිටිය හොදම සටන්කරුවා වුන බෝලෝව නැති වුන නිසා අසාම්ව තමයි මේ සටනට යෝජනා වෙන්නෙ. අසාම් මේක කැමැත්තෙන් බාර ගන්නවා. සටන බලන්න මුළු චයිනාටවුන් එකම එකතුවෙනවා. ඔතෙන්ට සාජන් ඕ’හාරා සහා ඔෆිසර් ලී දෙන්නත් එනවා.

සටන මුල් ටිකේ ගිය විදිහට කවුරුත් හිතුවෙ අසාම් දිනාවි කියලා, හැබැයි කවුරුත් නොහිතුව විදිහට ලෝන්ග් සී පිලේ කෙනා අසාම්ට ආයෙ නැගිටින්න බැරිවෙන්නම පහර දෙන්න ගන්නවා අන්තිම මොහොතෙ. ඒ වගේම මායි ලින් තමන්ගෙ සහෝදරය මරන්න කියලත් නියෝග කරනවා. හැබැයි ඔතනදි පිනොලොපි බ්ලේක් කෑ ගනවා මේක දැකලා. ඒත් එක්කම සාජන් ඕ’හාරා තමන්ගෙ තුවක්කුව පත්තු කරනවා. ඒ නිසා අසාම් බේරෙනවා. බේරුනත් අසාම්ව ෆාදර් ජූන් ප්‍රතිකේෂ්ප කරනවා පැරදුන හන්දා. අන්තිමේ අසාම්ට බෙහෙත් කරන්නෙ අ ටෝයි සහා එයාගෙ සේවිකාව. අ ටෝයි අපි හිතන ජාතියෙ කෙනෙක් නොවන විත්තිය ඊට කලින් කොටසෙදි අපිට ආයෙත් දකින්න ලැබුනා පළවෙනි කොටසට පස්සෙ. අ ටෝයිගෙ අරමුණත් දැන් පැහැදිලියි. අපි බලමු අසාම්ගෙ සහයත් අ ටෝයිට ලැබෙයිද කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 600MB |

Direct Download

| WEB | x264 | 480p | 160MB |

| WEB | x264 | 720p | 600MB |

| WEB | x265 | 720p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *