Fox හා Netflix ආයතන එකට එක්හසු වී Lucifer හතරවෙනි කතා සමය කිරීමට ගිය අවුරුද්දේ (2018) පටන් ගත්තා.ඒක වුණේ ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම මතයි.සමාජා ජාලා ඔස්සේ රසිකයන්ගේ විලාපය ඇහිලා දැනට ලොකු තැනක් අරන් තියෙන ආයතනයක් වන නෙට්ෆ්ලික්ස් ආයතනය, ඔවුන් කැමති වුණා ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම ඉෂ්ට සිද්ද කරන්න.
“Tom Ellis ලුෆිෆර් රසිකයන්ගේ ඉල්ලීම ඉෂ්ට වූවා කියල ඔහු Twitterහි පළකල ලිපිය”
යක්ෂයා නැවතත් අවධිවෙලා…! යන තේමා පාඨයට අපිට මොනවද ලුසිෆර් හතරවෙනි කතා සමයෙන් දැක බලාගන්න පුළුවන්?
Lucifer Season 4 සඳහා ප්රධාන චරිත විදියට අනෙක් සීසන් තුන තුළ සිටිය, Tom Ellis & Lauren German, යන දෙදෙනා Lucifer Morningstar & Detective Chloe යන චරිත සඳහා සුපුරුදු පරිදි යොදා ගෙන තිබෙනවා.ඔයාලම දැක්කනේ තුන් වෙනි සීසන් එකෙදී ක්ලෝයි අන්තිමට ලුසිෆර්ගේ සැබෑ මූණ දැක්කයි කියලා, ඒ ලුසිෆර් මාර්ක්ස් පියර්ස්ව මරද්දී.
ඒ ලස්සන සිද්ධියක් එක්ක තමයි කතා මාලාව ඉවර වුණේ.ඒ දෙන්නා හැරුණු කොට අනෙකුත් චරිතත් සුපුරුදු කට්ටියම යොදා ගන්න නිෂ්පාදක කණ්ඩායම තීරණය කරලා තියෙනවා.
Tom Ellis Lucifer Morning Star
Lauren German Detective Cloe
Rachael Harris Dr.Linda Martin
Aimee Garcia Ella Lopez
Kevin Alenjandro Detective Dan Espinoza
Lesley-Ann Brandt Mazikeen
DB Woodside Amenadiel
Scarlett Estevez Trixie
2019 මැයි මස 8 වෙනි දින ප්රචාරය කළ අතර, සීසන් හතරේ නරක ආරංචිය තමයි, ඒකේ එපිසෝඩ් 10කට පමණක් සීමා කරන්න ඔවුන් තීරණය කර තිබෙනවා.අපි බලපු සීසන් 2 හා 3දී එපිසෝඩ් 23, 24ක් ආවා.ඒත් මේක 10ක් විතරයි.මෙන්න මේ විදියට තමයි ලුසිෆර් සීසන් 4 එපිසෝඩ් ටික හැදිලා තියෙන්නේ.
Ep 4×01 – “Everything’s Okay”
Ep 4×02 – “Somebody’s Been Reading Dante’s Inferno”
Ep 4×03 – “O,Ye Of Little Faith, Father”
Ep 4×04 – “All About Eve”
Ep 4×05 – “Expert Erect”
Ep 4×06 – “Orgy Pants To Work”
Ep 4×07 – “Devil is As Devil Does”
Ep 4×08 – Super Bad Boyfriend”
Ep 4×09 – “Save Luficer”
Ep 4×10 – “King Of Hell”
ඔහොම හතරවෙනි කතාමාලාව එළියට එද්දී, අපි බලමු පළවෙනි එපියේ මොකද වෙන්නේ කියල,
මුලින්ම එපිය පටන්ගන්නේ ලුසිෆර් නිකම් අමු බේබද්දෙක් වගේ පියානෝ එක ලග වාඩි වෙලා මලානිකව සින්දු කිය කිය ඉන්න සීන් එකක්.සින්දුවේ තියෙන්නේ ක්ලෝයි දාලා ගිය එකට වැලපෙන බව කියවෙන එකක්.ලුසිෆර්ගේ සැබෑ මූණ දැකීමත් එක්ක ක්ලෝයි නිවාඩුවකට දුරකට ගිහින් තියෙනවා ආයේ නොයෙන්නෙම වගේ.එහෙමයි ලුසිෆර් හිතන්නේ, ඒත් අපරාදයක් වුණු තැනකට ගිහින් ලුසිෆර් හැමදාම වගේ ක්ලෝයි ඉන්නවද කියල බලලා එනවා.සුපුරුදු පරිදි අපරාදයක් වුණු තැනට ගිය ලුසිෆර්ට ක්ලෝයිගේ නැවත පැමිණීම පෙන්නනවා.ලුසිෆර්ට පුදුමයක් වගේ තිබුණත් ක්ලෝයිට වැඩිය ගාණක් නෑ වගේ ඉන්නේ.ඒත් ලුසිෆර් ප්රශ්නයක් වෙනවා මේක.ඒකට කාරණේ ක්ලෝයිට හම්බවෙනවා.ෆාතර් කෙනෙක්.මේ ෆාතර් කින්ලී කියන චරිතෙට පණ පොවන්නේ Preacher, Outlander වගේ ටීවී සීරීස්වල ඉන්න Graham McTavish.මේ ෆාතර් ක්ලෝයිට ඒත්තු ගන්වනවා ලුසිෆර් කියන්නේ ලෝකයට ලොකු බලපෑමක් කියල.ලුසිෆර් මරන්න සැලැසුම් කරනවා.කොච්චර මරන්න හිතුවත් ක්ලෝයිට ඒක කරන්න බැරි වෙනවා, මොකද එයාට ලුසිෆර්ව වැරැදි කෙනෙක් විදියට පේන්නේ නෑ.කොහොමෙන් කොහොම හරි සුපුරුදු පරිදි දෙන්නට විසදන්න කේස් එකක් එනවා. ඒක විසදන අතර තුර දෙන්නාගේ විහිළු නම් මේ කතා සමයෙත් අඩුවක් නැති හැඩැයි.ටික්සිගෙයි මැසිකීන් යාලුවෙනවා, ඇමනඩීල් ආයෙමත් මේ ලෝකෙට එනවා.ලස්සන සිද්දි ටිකක් වෙනවා, බලලම ඉන්නකෝ එහෙනම්.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
Direct Download
| WEB | x264 | 480p | 170MB |
| WEB | x264 | SD | 450MB |
| WEB | x264 | 720p | 1GB |
| WEB | x265 | 720p | 250MB | PSA |
| WEB | x265 | 1080p | 600MB | PSA |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.