MENU

One Strange Rock [ S01 : 09 – Awakening ] | මේ ලෝකේ තියෙන දියුණුම දේ මොකක්ද?

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

සමාවෙන්න ඕන මේ වැඩේ පොඩ්ඩක් පමා උනාට, මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්විම. ආසාවට වගේ විමා එක්ක කතා කරලා වැඩේ පටන් ගත්තේ, පටන් ගත්ත වගේ නෙමෙයි වැඩේ ඉවර කරන එක ලෙහෙසි උනේ නැහැ. කොහොම නමුත් ඔන්න අද සහ හෙට දවස ඇතුලත මේක ඉවරයක් වෙයි. ඉතිං සිංහල මාතෘකාව අනුවම මම ආයේ අහන්නම් මේ ලෝකේ දියුණුම දේ මොකක් කියලද ඔබ හිතන්නේ? එක පාරටම විවිධ තාක්ෂණික දේවල් හොදක් ඔලුවට එනවා ඇති නේද. නැහැ ඒ කිසිම දෙයක් නෙමෙයි. මේ ලෝකේ දියුණුම දේ තියෙන්නේ අපි ළඟමයි. ඒක නියුරෝන බිලියන් 86ක එකතුවකින් නිර්මිත. අපි ගන්න ආහාරවලින් වැඩි ශක්තියක් පරිභෝජනය කරන අපේ ඇඟේ තියෙන එක කොටසක්. ඒ කොටස ඒ විදියට නිර්මාණය උනේ කොහොමද කියල අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ තමා “මිනිස් මොළය”.

මතක ඇතිනේ මිට කලින් කොටසකදී කිව්වා, මේ හැම දෙයක්ම වාසනාවන්ත අහඹු අනතුරුවලින් ලද ප්‍රථිපල කියල.අවුරුදු ලක්ෂ ගානකට කලින් ගහෙන් බිමට බැහැපු වානරයා පියවරෙන් පියවර පරිණාමය කරගෙන ආව මේ මිනිස් මොලය දවසින් දවස එන්න එන්න පරිණාමය වෙනවා. සමස්ත මානව සංහතියම ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ මේ නියුරෝන බිලියන 86 මත. ඉතිං අද කොටසින් කතාබහ කරන්නෙ, අපි කොහොමද මේ තත්වයට පත්වුණේ. මොලය වැඩ කරන විදිය, අපි විතරද මොලය පාවිච්චි කරන්නේ. අනිත් සත්තුන්ගේ මොලය පරිණාමය වෙන්නේ නැද්ද, අපේ එක සංවේදකයක් අපිට අහිමි උනොත් මොලය කොහොමද ඒකට අනුවර්තනය වෙන්නේ, ආදී කරුණු රැසක්. ඉතිං මේ කරුණු ගැන කතා කරන්නේ එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ මිනිස් මොලය, එහෙම නැත්නම් බුද්ධිය පාවිච්චි කරලා නිර්මාණය කරපු මහා විද්‍යා ව්‍යාපෘතියක් වෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිහින් ආව පිරිස විසින්, .

අපි ලඟා කරගත්ත හැම දෙයක්ම,
වාසනාවන්ත අනතුරු දාමයක නිෂ්පාදන.

– One Strange Rock –

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2GB |

Direct Download

| WEB-DL | x264 | 480p | 185MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *