MENU

Stranger Things [S03 : E06] | උන් අතරින් වෙනස් එකෙක්..

මතක ඇතිනේ කලින් කොටස් වල රුසියන් කාරයෝ අර <b>යතුර</b> නමින් හඳුන්වන උපකරනය භාවිත කරලා ලෝක දෙක අතර දොරටුව නැවත විවෘත කරන්න උත්සාහ කලා, නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනා. නමුත් ඔවුන්ගේ ජෙනරල් පරාජය බාර නොගෙන නැවත වතාවක් උත්සාහ කරනවා, ඒ අලුත් විද්‍යාඥයෙකුට වැඩේ බාරදීලා, නමුත් නොසිතූ විදිහට වැඩේ කනපිට ගැහිලා සේරම අවුල් වෙලා තියෙන්නේ දැන්…

අද කොටස- දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ ටික රුසියානු හමුදා බංකරය ඇතුලේ හිරවෙලා ඉන්නේ… එහාට යන්නත් බෑ, මෙහාට යන්නත් බෑ. කොහොමහරි ඇතුලේ ආරක්ශයින්ගේ ඇස ගැටිලා ඔවුන් මේ කට්ටිය පස්සේ පන්නනවා. නමුත් ස්ටීව් සහ රොබින් එයාලගෙ ජීවිතේ පරදුවට තියලා අනිත් අයව බේරලා අරිනවා.. ඒ නිසා රුසියන් කාරයෝ මේ දෙන්නාව අල්ලගෙන යනවා ප්‍රශ්න කිරීමකට. ඉතින් දැන් ජෙනරල් හිතන් ඉන්නේ මේ ලමයි කට්ටිය ඔත්තු බලන්න ආපු අය කියලා. මිනිහට කොහොමහරි ඕනෙ ඒ කවුරු වෙනුවෙන්ද කියලා දැනගන්නයි. ඉතින් ඒ නිසා උන් ස්ටීව්ට නහයෙන් කටින් ලේ පනින්න ගහනවා, නමුත් ස්ටීව්ට කියන්න දෙයක් නෑ. ඒ නිසා ජෙනරල් ඩොක්ටර් කෙනෙක් ලව්වා ඔහුට ඇත්ත කතාකරන බෙහෙතක් පවා විදිනවා. කොහොම උනත් ඉතින් දන්න දේ ඇරෙන්න ඌට වෙන කියන්න දේකුත් නෑනේ…

ඔය අතරේ එල් සහ අනිත් යාලුවෝ ටික එල්ගේ බලය උපයෝගී කරගෙන බිලී ඉන්න තැන හොයාගන්න උත්සහ කරනවා. මොකද මයින්ඩ් ෆ්ලේයර් ඒ හැමෝවම දැන් ඔහුගේ යටතට අරගෙන ඉවරයි… ඉතින් එහෙනම් අපි බලමු මේ යාලුවෝ කට්ටියට හැමෝවම බේරගෙන ලෝකයත් බේරගන්න පුලුවන් වෙයිද කියලා.

කතාමාලාව ගැන- කොහොම උනත් අපි හිතුවටත් වැඩිය හොඳට ඔවුන් මේ කතාමාලාව නිර්මානය කරලා තියෙනවා වගේම රඟපාන සියලුම දෙනත් හැකි උපරිමයෙන් එයාලගෙ දායකත්වය ලබාදීලා තියෙන බව ප්‍රේක්ශක අපිට ඉතා හොඳින් පේනවා.. මොකද ඔවුන් මුහුනෙන් පවා හැඟීම් ප්‍රකාශ කරන අපූරුව දැක්කම මටනම් පෞද්ගලිකව හිතුනේ අපේ රටේ සිනමා සහ රූපවාහිනී කර්මාන්තය වැටිලා තියෙන තැන ගැන සාධාරන දුකක්…මොකද ඔවුන් රඟපෑමක් කරන්නේ කියලා කොහෙත්ම හිතෙන්නේ නැති තරමටම ඔවුන් ඒක කරනවා. කොහොම වෙතත් ඉතින් අපි බලාපොරොත්තු වෙමු කවදා හරි අපේ රටෙත් මේ වගෙ හොඳ කතාමාලාවක් නිර්මානය වෙයි කියලා… එහෙනම් මීට වැඩිය කතාකරන්න උත්සාහ කරන්නේ නෑ. තව කොටස් දෙකකින් කතාමාලාව ඉවර වෙන නිසා උපසිරැසිය බාගෙන අදහසකුත් කියලම යන්න, අපේ අනිත් සහෝදරවරු දෙදෙනෙක් ඉතිරි කොටස් දෙක ලබාදෙයි. එක හුස්මටම බලලා දාන්න පුලුවන්… එසේනම්….

බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 3.6GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 281MB |

| WEB | x265 | 720p | 306MB |

| WEB  | x264 | 480p| 2.2GB | Complete S03

| WEB  | x264 | 720p| 3.6GB | MkvCage | Complete S03

| WEB  | x265 | 720p | 2.2GB  | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *