MENU

Wu Assassins [S01 : E01] | පැවිදි 1000ක බලය..

මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම එළියට දානව කියල. ඒ කොහොමහරි මේ වෙනකොට IMDb අගය 7.2 ක වැනි ඉහළ අගයක් සහ කුණු තක්කාලි අගය 67% අරගන්න සමත් වී තිබෙනවා. ඒවගේම තමයි රංගනයෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ ගොඩක් ක්‍රියාදාම සපිරුණු චිත්‍රපට වලදී දකින්න ලැබෙන කට්ටියක්. ඒ Iko Uwasis | Katheryn Winnick | Byron Mann | Lewis Tann වැනි කට්ටියව මේකෙදී දැකගන්න ලැබෙනවා. ඒ වගේම පරණ සටන් නළුවෙක් වන Mark Dacascos මෙහි දායකත්වය දක්වනවා. ජෝන් වික් 3 එකේ හිටපු වික්ගේ එදිරිවාදියා උනේ එයා තමයි. එහෙනම්, අපු කතාවට පැත්තට හැරෙමුකො.

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙ එක්තරා කඩයක වැඩ කරන චෙෆ් කෙනෙක්. තමන්ගෙ එදා දවසෙ වැඩ කටයුතු සිදු කරමින් පාඩුවෙ සිටින කෙනෙක්. ඔන්න ඉතිං දවසක් මෙයාගෙ අතින් වැරදිලා කෑම එකට රටකජු දානවා. ඉතිං මේ කෑම එක අරගන්න කෙනා හුගක් භයානක අපරාධ කල්ලියක කෙනෙක්. ඉතිං මේ වෙලාවේ එයාලා එක්ක පොඩි රණ්ඩුවක් ඇතිවෙනවා. හැබැයි කොහොමහරි මේක ගොඩින් බේරගන්නවා. හැබැයි ඉතිං ඒ අපරාධකාරයෝ නම් එහෙම නැහැ. කායි මෙතන ඒ රෙස්ටුරන්ට් ඒකෙ වැඩ කරාට හිත තියෙන්නෙ තමන්ගෙම කියල ෆුඩ් ට්‍රක් එකක් දාගන්නයි. ඉතිං මෙයා කොහොම හරි ඒක කරනවා. ඉතිං සතුටින් තමන්ගෙ පාඩුවේ ඉන්න කායිට තමන්ගෙ සතුටු භුක්ති විඳින්න ලැබෙන්නෙ ඉතාම ටික වෙලාවයි. මොකද මං අර කලින් කියපු අපරාධකාරයින්ගෙ කල්ලියෙ කට්ටියක් ඇවිත්. ඔහුගෙ ඒ රෝද හතරේ කඩේ විනාශ කරනවා. ඒවගේම තමයි කායිටත් පහර දෙනවා. හැබැයි ඔහු කොහොම හරි එතනින් බේරිලා පැනගන්නවා. ඔන්න ඔය යන අතරේ වාහනෙට කෙනෙක්ව හැප්පෙනවා. හැබැයි ළඟට ගිහින් බලනකොට කිසිම දෙයක් වෙලා නැහැ. ඒවගේම මේ ගැහැණු කෙනා මෙයාගෙ අතට එක්තරා පාෂාණ කෑල්ලක් ලබාදීලා කියනවා ”ඔබ හට දැන් පැවිද්දන් දහසකගෙ බලය හිමිවී තිබෙනවා” කියල. කායිට මොකුත් හිතාගන්නත් බැරිවෙනවා එවෙලේ. ඒවගේම ඇය කියනවා ඔහු ”වූ ඝාතකයෙක්” කියල. ඒ කියන්නෙ ඔහුට නපුරට එරෙහිව නැගී සිටින්න සිද්ධ වෙනවයි කියලා. ඇයි එයා එහෙම කියන්නෙ? මේක ඇත්තක්ද? නැත්තම් බොරුවක්ද? ඒක ඇත්තක් නම් මේ අහිංසක කායිට මිණිමරන්න සිද්ධ වෙයිද? ඒකත් ලෝකය බේරගන්න? තවත් නම් කියන්න යන්නෙ නැහැ. අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්. ඒවගේම කියන්න ඕන මේක අපුරු ක්‍රියාදාම සපිරුණු රූපවාහිනී කතාමාලාවක්. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.5GB | COMPLETE S01 |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| WEB | x264 | 480p | 160MB |

| WEB | x264 | 720p | 280MB |

HEVC x265

| WEB | x265 | 720p | 210MB |

| WEB | x265 10bit | 720p | 220MB | PSA |

| WEB | x265 10bit | 1080p | 490MB | PSA |

COMPLETE S01

| WEB | x264 | 480p | 1.5GB | Complete S01 |

| WEB | x264 | 480p | 1.9GB | Complete S01 |

| WEB | x264 | 720p | 2.6GB | Complete S01 |

| WEB | x264 | 720p HQ | 3.5GB | Complete S01 |

HEVC – x265 – PSA

| WEB | x265 10bit | 720p | 2GB | Complete S01 | 

| WEB | x265 10bit | 1080p | 5GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Wu Assassins [S01 : E01] | පැවිදි 1000ක බලය..

  • Nisal Raigamage

    mekata openload link ekak dennako

    Reply
  • x265 720p Userdrive and MEGA links dekama wada na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *