ජීවිතය යනු බාධකයන් රැසකගෙන් ගහන වූ තැනකි.උපන්දා පටන් මියෙන තුරු අපි එකිනෙකා හා අන්‍යොන්‍ය බැඳීමක් ඇති කරන්නේ හුදකලා වූ අපට කිසිවක් කිරීමට නොහැකි නිසාවෙනි.එසේනම් බැඳීම් මත ජිවත් වන අප මේ සියලු බැඳීම් නැතිව ගියහොත් කෙසේනම් එය දරාගන්න ද?ඔව් හැනා බේකර්ට සිදු වුයේත් ඒ හා සමාන ඉරණමක්මයි.තමන් විශ්වාස කළ අය තමන්ට එරෙහි වුවා…මිතුරන් සතුරන් වුවා.ඇතැමෙක් ඇය දෙස බැලුවේ ගණිකාවක් දෙස බලන අයුරින්.ඒ නිසාම ඇය කෙනෙකුගේ තාවකාලික තෘප්තිය උදෙසා බිල්ලක් බවට පත් වුවා.සියලු දේ නැති වුන තැන පිහිට පතා ගිය මුත් ඔහුද ඇයට සරණක් වන්නට මැලිකමක් දැක්වුවා..එසේනම් බිඳුණු තැන සියලු අදිටන් ,තෝරාගත් දේ මරණයයි.දෙමාපියන්ට තම එකම දරුවා අහිමි වුවා.හදවතින් පෙම් කළ පෙම්වතා හුදකලා වුනා.මේ සියල්ලටම හේතුව කාරුණික දෑතක් දිගුකිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසාවෙන්ය.නමුත් මරණය විසඳුමක් නොවන බව මතක තියා ගන්න.
කිසි දිනෙක ඔබ ජස්ටින් ෆෝලි කෙනෙකුන් නොවන්න. ජෙසිකා ඩේවිස්, ඇලෙක්ස්, ටයිලර්, මාකස්, සැක්, රයන්, කොට්නි, ෂෙරී හෝ කෙවින් පෝටර් කෙනෙක් නොවන්න. කිසිවිටෙක කිසිවෙකුගේ ගරුත්වය වනසන්න උත්සහ නොකරන්න.කිසිවෙක්ගේ පෞද්ගලිකත්යට බාධාවක් නොවන්න.තවෙකුගේ සතුට පැහැර නොගන්න.කෙනෙක් ඔබව තදින් විශ්වාස කරයිනම් එය ආරක්ෂා කරන්න.සරණ සොයා ඔබ වෙත ආ කෙනාට පිහිටක් වන්නට උත්සහ කරන්න.එමෙන්ම කිසි දා හැනා බේකර් කෙනෙක් ද නොවන්න.ලැබූ මිනිසත්කම නිකරුනේ විනාශ නොකරන්න.සමාජය ඔබට කෙතරම් ගැරහුවත්,ඔබව කෙතරම් පිළිකුල් කලත් ඔබ වෙනුවෙන් කෙනෙකුන් ඉන්න බව වටහා ගන්න.ඒ ඔබමයි.”සියදිවි හානිකර ගන්නේ දුර්වලයෝය”ඔබත් දුර්වලයෙක් නොවන්න.කෙතරම් වැටුනත් ඔබ නැගිටිනු තුරා ඔබ ජයග්‍රාහකයෙක්.ජිවිතේ ජයගන්න.ආදරයම නොව ජීවිතය.මිතුරම්ම නොව ජීවිතය.එතනින් එහා ගිය දිගු ගමනක් තමා ජීවිතය කියන්න.ඒ ජීවිතය විඳින්න.එවිට ඔබට රිදවන සියල්ලෝ ඔබ හා එක් වේවි.උපන්දා පටන් ඔබ හා සිටි දෙමාපියන් ඔබ නිසා නොහඩාවි.කිසිවෙක් නොමැති මුත් ඔවුන් ඔබ වෙනුවෙන් සිටීවි.දෙව්දත් මවට මැනවි’ කිව්වේ එනිසාය.එසේනම් දුර්වලයෙක් නොවී ශක්තිවන්තයෙකු වන්න.ඔබව වට්ටන සියල්ලන්ටම පෙනන්නේ ඔබ නැගී සිට පෙන්වන්න ඔබව වට්ටා පරාජය කළ නොහැකි බව.එයයි ඔබේ ජයග්‍රණය.එයයි ශක්තිවන්ත්යාගේ ලක්ෂණය.
Torrents Download
| WEBRip | x264 | 480p | 236MB |
35f308719e1b448fd3d6e7a569c694f81350f84b
| WEBRip | x264 | DEFLATE | 465MB |
1f15ee6b5d44a384d0b8447f1349876e9c95f983
| WEBRip | x264 | 720p | 884MB |
0e8acba8854ad1c5c835cbb0ca2dc21610c5db88
| WEBRip | x265 | 720p | 459MB |
3af78b37870eb27c15f88e50442147fb608efe3d
Direct Download
| WEBRip | x264 | 480p | 186MB |
| WEBRip | x264 | DEFLATE | 400MB |
| WEBRip | x264 | 720p | 884MB |
| WEBRip | x265 | 720p | 459MB |