MENU

The Promised Neverland | S1 : EP01 & EP02 (2019) | හිරු එළිය නොදකින පුංචි මල් කැකුළු

චිත්‍ර කථාව ඇසුරෙන් මේ ඇනිමෙ එක අධ්‍යක්ෂණය කරන්නෙ මමොරු කනාබේ අධ්‍යක්ෂකවරයා. මේකෙ දෙවනි සීසන් එක 2020 එනවා කියලා නිවේදනය කරලා තියෙනවා. දැනට IMDb දර්ශකයෙ 8.9/10කුත් myanimelist දර්ශකයෙ ඡන්ද දායකයින් 204,980කගෙන් 8.7/10 ක සාමාන්‍ය ලකුණු ලබාගෙන තියෙනවා. ඉතින් මේ කථාව මොන වගේ එකක්ද කියලා හිතාගන්න පුළුවන්නෙ. මේක අයිති වෙන්නෙ Dark Fantasy, Horror, Thriller යන කාණ්ඩ වලට. මං කථාවෙ සිද්ධිය පොඩ්ඩක් කියන්නම් එහෙනම්.

අනාථ නිවාසයක් තියෙනවා. හරිම නිස්කලංක තැනක, කැලයකින් වටවුන. පිටවෙන්න එක ගේට්ටුවක් විතරයි තියෙන්නෙ. මේ නිවාසෙ අනාථයො විදියට ළමයි 40කට ආසන්න ගානක් ජීවත් වෙනවා. එයාලව බලාගන්න හරිම කරුණාවන්ත පාලිකාවක් ඉන්නවා. ඉතින් මේ ළමයින්ට කරුණාවෙන්, කෑම වලින්, ආරක්ෂාවෙන් කිසිම අඩුවක් නෑ. එයාලට ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න, පාඩම් කරන්න හැම පහසුකමක්ම මේ ළමා නිවාසෙ තියෙනවා. ඉතින් දෙමව්පියො නැති අනාථයො විදියට මීට වඩා සතුටක් එයාලට ලැබෙයිද. ඔය විදියට කොච්චර සතුටෙන් හිටියත් කවදහරි එයාළට නිවාසෙන් යන්න වෙනවා. මොකද එතන ළමා නිවාසයක්. හරි වයස ආවට පස්සෙ තවත් එයාලට ළමා නිවාසෙ ඉන්න බෑ. එයාලට ස්වාධීන වෙන්න වෙනවා. ඔය අතරෙ වයස සම්පූර්ණ වෙන්න කලින් පොඩි ළමයින්ව හදාගන්න අරන් යන අවස්ථාත් තියෙනවා. ඉතින් එයාලා හරිම සතුටෙන් ළමා නිවාසෙන් පිටවෙන්නෙ. මේ වගේ, දවසක් කෝනි කියන පුංචි ළමයවත් අරන් හදාගන්න දෙමව්පියො ඇවිත්, පාලිකාව එයාව අර ගේට්ටුවෙන් එළියට එක්කන් යනවා. වැඩේ කියන්නෙ කෝනිගෙ පුංචි බෝනික්කා එයා නිවාසෙ අමතක කරලා දාලා ගිහින්. කෝනිගෙ බෝනික්කා එයා පිටවෙන්න කලින් ගිහින් දෙන්න යන්නෙ නිවාසෙ ඉන්න වැඩිමල්ම ළමයින්ගෙන් දෙන්නෙක්. එමා සහා නෝමාන්. ඒ දෙන්නා බෝනික්කව අරන් ගේට්ටුව ළඟට යනවා. කට්ට කළුවර රෑ. ගේට්ටුව ළඟ කවුරුත් නෑ. හැබැයි එක වාහනයක් නවත්තලා තියෙනවා. එමා හදන්නෙ බෝනික්කව ඒකෙන් තියන්න, කෝනි ඒක අරගනියි කියලා හිතලා. ඒත් වාහනේ ඇතුලෙ තියෙන දේ දැකලා එමාට කථා කරගන්න බැරිවෙනවා. නෝමාන් එයා ළඟට දුවන් යනවා. නෝමානුත් ඒක දකිනවා. දෙන්නම භීරාන්ත වෙලා බලන් ඉන්නවා. ඔන්න එතකොටම කාගෙදෝ කටහඬක් ඇහෙනවා. මොකද වෙන්නෙ කියලා ඇනිමෙ එක බලමු හොඳේ. ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 1080p | 2GB | Complete S01 |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BDRip | x264 | 480p | 40MB | E01 |

| BDRip | x264 | 480p | 30MB | E02 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Promised Neverland | S1 : EP01 & EP02 (2019) | හිරු එළිය නොදකින පුංචි මල් කැකුළු

  • Promised Neverland Season 1 Episode 1 Subtitle Link eken yanne wena movie ekakatane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *